Pages

Sunday, January 13, 2013

අලුත් පාරක

ජීවිතේ හෙන ගැහුවා වගේ එකපාරටම වෙනස් වෙනකොට වෙන්නේ මොනවද උනේ මොනවද කියල අපිටම හිතාගන්න බැරි වෙනවා... ඒකත් අපි නොහිතන වෙලාවට කවදාවත් බලාපොරොත්තු නොවුන දෙයක් වෙනකොට.


හවස් වෙනකොට ජීවිතේ අනිත් පැත්ත පෙරෙලන බව නොදන්න මම සුපුරුදු ලෙසම උදේ පාන්දර ඇහැරිලා ක්ලාස් යන්න ලෑස්ති වෙලා කොච්චියට ආවෙ පුරුද්දටම වගෙ... නිදිමතේ වැනි වැනි කොච්චියට නැග්ග මට හැමදාමත් වගේ දකින ඒ ලස්සන හිනාව දැක්කට පස්සේ තිබ්බ නිදිමතත් ඔඩික්ලොන් වගේ වාශ්ප වෙලා ගියා... දවසේ සුන්දරම අඩ හොරාවට සමු දීලා මම කොච්චියෙන් බැස්සෙ ක්ලාස් එකට ගිහින් සෙට් එකක් එක්ක ෆන් එකක් අරන ලෙක්චර් එකටත් අමාරුවෙන් හරි ඉඳලා ගෙදර එනවා කියල හිතාගෙන.. ඔහොම ක්ලාස් එකට ගිහින් වැඩි වෙලාවක් යන්න හම්බුනේ නෑ මට කොල් එකක් ආවා...

" හෙලො මේ කතා කරන්නේ ^#%&#%@$ එකෙන් ඔයාගෙ පත්වීම ගන්න අද එන්න"

මට උතුර දකුන මාරු උනා. මුට මොනවා කියන්නද කියල හිතලා " මට අද නම් එන්න වෙන්නේ නෑ, මම හෙට එන්නම්" කියල කිවුවෙ ඇපෙන් බේරෙන්න.. කොහොමත් ඔකට යන්නේ නෑ කියල ගෙදරටත් කියල තිබුන හින්දා නිකමට වගේ අම්මටත් කතා කරලා කිවුවා,

"අරෙහෙන් කතා කලා ගිහින් වැඩක් නෑනෙ මම හවස ගෙදර එනවා කියල"



ආතල් එකේ ඉතුරු ටිකත් ඉඳලා ගෙදර එනකොට බඩු පත්තු වෙලා... අනිවාර්යයෙන්ම ඒකට යන්න ඔනෙ කියලා ගෙදරින් යුද්ධ ප්‍රකාශ කලා මදිවට අම්මා හතර වටින් ම සහාය හමුදාත් කැඳවලා. මෙ අහිංසක මම තනියම කොහොම යුද්ධ කරන්නද! මම පරාජය බාර අරගෙන ඊලඟ දවසෙ උදෙ ගිහින් පත්වීම අරගෙන රස්සාවට ගියා...


දැන් ප්‍රශ්නෙකට තියෙන්නේ ජීවිතෙට හොඳ දෙවල් හම්බවෙනකොට අපි ආස කරන දේවල් ගොඩක් අපෙන් ඈත් වෙන එක.. අනාගතයයි ජීවිතෙයි අතරින් එකක් තොරගන්න උනාම ඔනේ කෙනෙක් අසරණ වෙන එක සාමන්‍යයි. අනාගතය වෙනුවෙන් තමන් ගතකරපු ජීවිතේ පැය කිහිපයක් ඇතුලත සම්පූර්නයෙන්ම වෙනස් කරන්න වෙනවා කියන එක ඊටත් වඩා අමාරුයි... ඒත් එක්කම තමන්ට තිබුන ඉලක්ක, ගොඩනගාගනිමින් තිබුන දෙවල් එකපාරම නැතිවෙනවා කියන එක සමහර වෙලාවට මිනිහෙක් ව මානසිකව වැටෙන්න හේතු වෙන දෙයක්..

තමන්ගෙ වගකීම් හා යුතුකම් කියන දෙවල් තරාදියක එක පැත්තකට දැම්මම තමන්ගේ සතුට හා ආශාවන් කියන දේවල් තරාදියේ අනිත් පැත්තට කොච්චර දැම්මත් අපිට අකමැත්තෙන් හරි මුලින් කියපු පැත්ත බර කරන්න වෙන්නේ අපිට මුල් තැන දෙන්න වෙන්නේ ඒ දේට නිසා.. නැත්තම් අපි ඉබේම වගේ ආත්මාර්තකාමී ගුණමකු කියන ඝනයට ඉබේම වගේ වැටෙනවා.



කිසිම දෙයක් සදාකාලික නෑ කියල නොදැන ඉන්න තරම් මම මොඩයෙක් නෙමෙයි, ඒත් සහෝදර සහෝදරියො වගේ එකට හිටපු යාලුවන්ගෙන් එකපාරටම ඈත් වෙනවා කියන එක, යාලුකම් නැතිවෙන්නේ නෑ කියල දන්නවා උනත් හැමදාම උදේට සෙට් උන කට්ටිය මාස ගානකට වතාවක් වත් දකින්න හම්බවෙන්නේ නෑ කියන එක, උදේට ආසාවෙන් දකින්න බලාගෙන හිටපු මූනු ආයෙත් කවදා දකින්න හම්බවෙයි ද කියල හිතෙනකොට, හැමදාම ගිය ඒ කොච්චියේ ආයෙමත් යන්න වෙන්නේ නෑ කියල දැනෙනකොට හිතට ඇතිවෙන දුක ටිකක් වැඩී.... ඒත් මොනවා කරන්නද? හැමදේම අපි බලාපොරොත්තු වෙන විදියට වෙන්නෙත් නෑනෙ... මොන දෙ උනත් ජීවිතය ගලායනවා... වෙන දෙයක් වෙයි, ලැබෙන්න තියන දේවල් ලැබෙයි නැතිවෙන දෙවල් නැතිවෙයි... මොන දෙ උනත් තමන් වෙනස් නොවී ඒකට මූන දෙන එක තමයි හොඳම දෙ කියල හිත හදාගන්නවා.

8 comments:

  1. ඕක තමා බන් මරණ බැනර් එකෙත් ගහන්නෙ සෑම හමුවීමකම වෙන්වීමක් ඇත කියලා... හමුවීම සතුටුදායකයි...වෙන්වීම දුක්බරයි...

    ReplyDelete
    Replies
    1. ඊටත් වඩා ඈත් වෙලා ඉන්න වෙන එක දුකයි

      Delete
  2. ප්‍රයයන්ගේන් වෙන්විම දුකක් තමා..

    ReplyDelete
  3. ජීවිතේ අලුත් පියවරක් තියන්න වගේ යන්නෙ ඔයා...සුභ පතනව හදවතින්ම.....කාලෙකට පස්සෙ ඔයා ආයෙත් පුරුදු පැත්තට ආවම එදා ඔයා යන දවසෙ ලියපු මේ පෝස්ට් එක අනිවාර්යෙන් බලන්න....:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...පොස්ට් එක බැලුවත් නැතත් ඒ සුපුරුදු පැත්ත ජීවිතේට අමතක වෙන්නේ නෑ

      Delete
  4. දැන්වත් ඔය කැලෑවෙන් එලියට ඇවිත් මනුස්සයෙක් වෙයන්කෝ ජිවිතේ වෙනස් වෙනවා තමයි බං ඒ වෙනස් වෙන දේවලින් ඒක ගොඩනගා ගනින් ජය වේවා මචෝ සුභපැතුම් ..................!!!!!!!!!!!!!

    ReplyDelete
  5. හිත හදා ගන්න අමාරුයි බං....

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.