Pages

Monday, November 26, 2012

මල් ශාලාවක් අතුගෑමි

මෙච්චර කල් මොන මොන ටකරන්, ටින්, බෙලෙක්ක කාලා තිබුනත් මෙහෙම එකක් කන්න උනේ පලවෙනි පාරට ඒකත් අහම්බෙන්.... වැඩේ අවුලක් නෑ වෙන තැනක උනා නම්, ඒත් ක්ලාස් එකක් තියන තැනක බස් හොල්ට් එකෙක් ඉස්සරහ? ඒකත් ක්ලාස් ඇරෙන වෙලාවෙම? ලස්සන ලස්සන සූටි ගැණු ලමයි ගොඩාක් ඉන්න වෙලාවක? ඇයි හත් දෙයියනේ මේවා මටම වෙන්නෙ?

මම හැම කෙනාටම කියන්නේ කවදාවත් කසාද බඳින්නේ නැතුව ඉන්න නම් එපා, එහෙම උනොත් සමහර විට කොහේ හරි ඉන්න මම වගේ අහිංසක හුරතල් කොලු පැටියෙක්ට මේ වගේ ගුජුප්සාජනක අවස්තාවකට මුහුණ දෙන්න තියන ඉඩකඩ වැඩී.





මැරුනේ නෑදෑ වෙන සීයා කෙනෙක්, මම ජීවිතෙට දැකල තිබුනෙත් එක පාරයි.... සීයා කසාද බැඳලත් නෑ, ඒක නිසා හිටියේ එයාගෙ සහෝදරයෙක්ගෙ ගෙදර, දන්න විදියට අවුරුදු ගානක් ලෙඩ ඇඳේ.... හැබැයි එයාගේ සහෝදරයන්ගේ දරුවො එයාට හොඳින් සැලකුවා..... ඒත් මේ කාලේ තමන්ගේ දරුවන් වත් දෙමව්පියන්ට නොසලකන එකේ පිට කෙනෙකුට සලකයි කියල අපිට බලාපොරොත්තු වෙන්න බෑනෙ..... කසාද බඳින්නේ නෑ කියල කියන අයට මම කියන්නේ පුලුවන් කාලේ කොහොම හිටියත් බැරි කාලේට අසරණ වෙන විදිය මම ඇස් දෙකෙන් ම දැකලා තියනවා.... මෙහෙම දෙයක් තියනවා, කිවුවහම ඇඟට දැනෙන ගානක් මහලු කාලේ වෙනුවෙන් වියදම් කරන්න පුලුවන් නම් එහෙම හිටියට කමක් නෑ, එතකොට සියලු අවශ්‍යතාවයන් ඉටු කරගන්න පුලුවන්..... ලංකාවෙ නම් සල්ලි වලට එහෙම සේවා සපයන ආයතන තියනවද කියල නම් මම දන්නේ නෑ.

එහෙම නැති උනොත් වෙන්නෙ ජිවිතේ අවසාන කාලේ විදින දුක් වලට අමතරව තවත් දුක් විඳින්න විතරයි.

කොහොම හරි මේකයි සිද්ධ උනේ, මලගෙදර තිබුනෙ මල් ශාලාවක, අපි මලගෙදර ගියෙත් වහින වෙලාවක..... එත් මගෙම කරුමෙකටද කොහෙද එතනට යනකොට වැස්සත් නැවතුනා... වැස්ස හින්දා එහෙ මෙහෙ ගියපු අයගේ කකුල් වල තිබුන මඩ පාරවල් වලින් ඇතුල්වෙන දොර තියන හරිය මඩ වෙලා තිබුනේ. අච්චි කෙනෙක් කොහෙන්ද මන්දා මොබ් එකක් අරන් ඇවිත් මොබ් කරන්න පටන් ගත්තා. පොඩි එකෙක්ට කියල හිටියෙ මම විතරයි, මොනවා කරන්නද ආච්චිගෙන් මොබ් එක ඉල්ලගෙන ආච්චිට ඉඳගෙන ඉන්න කියල මම මොබ් කරන්න පටන් ගත්තා... දොර හරියට ආවහම දැක්කෙ එතන කෙල්ලො ගොඩායි.... මගෙ මූණ දෙක වෙන්න ඇති, හත් දෙයියනේ උන් ඔක්කොම මගෙ දිහා කන්න වගෙ බලාගෙන හිටියේ මම මොන වරදක් කලාටද?



ලස්සන සූටි ගැනු ලමයි ගොඩාක් හිටියා ඒත් ඒ පැත්ත හැරිලවත් බලන්න බෑනේ සෙට් උන චොරෙ හැටියට.. කට්ටිය හිනා වෙනවත් ලාවට වගේ ඇහුනා මම මට නෙමෙයි වගේ ගානට මොබ් කරල ඉවර වෙලා එතනින් මාරු උනා....

උඩ ඉන්න එක්කෙනා අපිටම ඇයි මෙහෙම කරන්නේ?



8 comments:

  1. කෙල්ලන්නට පිස්සු. කරපු වැඩේ හොදයිනේ. උන් ගැන හිතන්න එපා.

    ReplyDelete
    Replies
    1. අක්ක නම් කියයි.... එතන හිටපු ලස්සන් සුටි කෙලි පැටික්කියෙක් ට ඇහැ දාගන්න වත් බැරි උනානෙ. :(

      Delete
  2. මට මැවිලා පේනවා මචන් හේ හේ අව්ලක් නැහැ බන් උබේ වැඩේ හොදයි

    ReplyDelete
    Replies
    1. ජයන්ත එක ඉස්සරහ බං.... සමාධි එකෙ ක්ලාස් ඇරිල තිබුනෙ

      Delete
  3. කරලා තියෙන්නෙ හොද වැඩක්නෙ...ඒ නිසා අවුලක් නෑ.. ;)

    ReplyDelete
  4. ඈ බං.. කෙල්ලෝ සන්තෝස වෙන්න ඇති. අඩේ අප්පා මු වගේ එකෙක් බැඳගත්තා නම් බඩුම තමා කියලා.

    ReplyDelete
    Replies
    1. අඩේ අප්පා, එහෙම නම් මට ජීවිත කාලේම මොබ් කර කර ඉන්න තමයි වෙන්නේ

      Delete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.