Pages

Thursday, September 20, 2012

අපිට කොහෙද බැදපු මාලු.....

වැඩ වැටෙනකොට වැටෙන්නෙත් පෝලිමට ආයෙ යකා ගැහුවත් හෙලවෙන්න බැරි විදියට. සති 2, 3 කින් විතර පැත්ත පලාතේ එන්න බැරි උනේ ඒ නිසා තමයි. වෙනදට ට්ව් එකෙ යන කතා බලන්නෙ නැති මම මෙ දවස් ටිකේ නම් දිගටම තිබුන කතා බැලුවා. අනෙ හැබෑට මුන් හැම එකාම හදන කතා එකම පාරෙ දුවන බස් වගේ.... ඉන්න නලු නිලියොත් එකම අය, කොහෙන් ගියත් එකම කතාව....



කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු වෙලා ගෙදරට මාට්ටු වෙලා චොර වෙන එවයි, එකෙක් බූට් එකක් තියල වෙන එකෙක් එක්ක සෙට් වෙන ඒවයි, ජොකර කෙනෙක් ගෙ ජොක් ටිකකුයි ඇරෙන්න වෙන කිසිම වෙනස් දෙයක් නැනෙ මේ හැම එකේම.... බලනකොට තනියම හිනා... අනෙ මන්දා ලංකාවෙ නාට්‍ය අධ්‍යක්ශක වරුන්ට කිසිම නිර්මාණශීලී අදහසක් එන්නෙ නැත්තෙ ඇයි කියල එකම රෙද්ද පාට වෙනස් කර කර හැමදාම එකම වැලේ වනනව ඇරෙන්න.

ඔය කතා අස්සෙ ආස හිතෙන සුරංගනා පාට් ඔනෙ තරම් තියනවා... මගෙනම් වැඩියෙන්ම හිත ගිය පාට් එක නම් යන්නෙ රෑ 8 ට යන නාට්‍යක.

වචනයේ පරිසමාප්ත ( වචනෙ හරිද මන්දා ) අර්තයෙන්ම කියනවනම් පට්ට සල්ලි කාර පට්ට ලස්සන කෙල්ලෙක් තමන්ගෙ වාහනේ හැප්පෙන්න ගිය පට්ට දුප්පත් කොල්ලෙක්ට ට්‍රයි කරන සීන් එකක්...





කෙල්ල අතින් හැප්පෙන්න ගිය එකා පොඩි සද්දයක් දානවා. අඩි 2ක් විතර උඩින් යන කෙල්ල මෙකට මල පැනල කොල්ලව තමන්ට ඔනෙ විදියට නටවන්න ට්‍රයි කරනව.... ඌ එනකන් මග බලන් ඉදලා ඌත් එක්ක එල්ලෙනව, බලෙන් වාහනේට නග්ග ගන්නව කොල්ලා කොච්චර අදි මදි කලත්.... ඌ වැඩ කරන්නෙත් ගැරෙජ් එකක... ඌ වැඩ ඇරිල එනකන් ඉදල කේක් කවනව... කෙල්ලගෙ උපන්දිනෙට කොල්ලව හොයන් ගිහින් කෙක් කපල ඌව ඩිනර් එකකටත් එක්කන් යනවා.... දැනට නම් එච්චරයි ( ගොනා පොල් පැලේ කන්න හදන්නෙ කියල මට නම් තෙරුනේ පලවෙනි දවසෙමයි ) අන්තිමට කෙල්ල කොල්ලට ලව් කරන්න පටන් ගනි, කොල්ල වෙන එකෙක් ට ලව් කරයි අන්තිමට චොරයක් වෙලා කතාව ඉවර වෙයි.

වෙලාවකට ඉරිසියාවෙත් බෑ මෙවා දකිනකොට... යකො පාරෙ මැරෙන්න වැටිල හිටියත් අපි දිහා ලස්සන කෙල්ලෙක් ඇහැක් ඇරල බලන්නෙ නැති එකේ කතාවක උනත් මෙහෙම වෙනකොට හිතට අප්සට්... උපන් නැකතේ හැටිද කොහෙද.... :(



මෙවා ලියන උන මොන ලෝකෙ ඉන්නවද මන්දා... මොන්ටිසොරි යන පොඩි එකෙක්ට මේක කිවුවනම් ඌත් අහයි දවල් ද? හීනෙන්ද? කියල... කොල්ලෙක් නැති කෙල්ලෙක් හොයාගන්න වත් බැරි මේ කාලේ පට්ට ලස්සන මේ වගේ පොශ් ( පුස් තමයි ) කෙල්ලෙක්ට කොල්ලෙක් නැති වෙන්නෙ කොහොමද? හරි, කොල්ලෙක් නැතිවුනාමයි කියමුකො. එහෙමනම් මේකිට මේ වගේ කොල්ලෙක් පස්සෙන් යන්න හිතුනේ ඉතුරු කොල්ලො ඔක්කොම මැරිලා නිසාද දන්නෙ නැ. ඒකත් පැත්තකින් තියමුකො... පට්ට කෑල්ලක් බලෙන් එල්ලෙන්න හදද්දි, කෙල්ලෙක් නැතුව වේලි වේලි ඉන්න එකෙක් කවදාවත් මෙහෙම ගණන් උස්සයි ද?

මං හිතුවෙ අපි සුරංගනා කතා බැලුවෙ පොඩි කාලෙ විතරයි කියල. ඒත් මුන්  පොඩි එකාගෙ ඉදල ලොකු එකාට වෙනකම් පෙන්නන්නෙම සුරංගනා කතා නෙ! හැබැයි ඉතින් ලොක්කොන්ගෙන් හැමදාම සුරංගනා කතා අහන අපේ අයට මේවා මොනවද නේ  #$@@$  ?

8 comments:

  1. තාත්වික පිටපත් වල අඩුව සැරටම දැනෙනවා ලංකාවට...
    කොයි ඉතිං කාටත් උනන්දුවක් නෑනේ...

    ReplyDelete
    Replies
    1. උනන්දුව තියන උන්ව කවුරුත් ගනන් ගන්නෙත් නෑ

      Delete
  2. හ්ම්ම්..මම නම් ටීවී නොබලමි.

    ReplyDelete
    Replies
    1. මමත් මෙච්චර කල් ඔහොම තමයි හිටියෙ...

      Delete
  3. හිහිහි.. සහතික ඇත්ත මල්ලියේ.. ටෙලි නාට්‍ය දැන් කලාවක් නෙවෙයි වෙළඳාමක්නේ..ඒකයි මෙහෙම වෙන්නේ.. හොඳ නාට්‍ය තියෙනවා..ඒත් චැනල් වල ටයිම් ලයින් එකක් ගන්න බැ.. ඔක්කෝම මෙගා වලට දීලා..

    ReplyDelete
    Replies
    1. මුන් ඔක්කොම එකතු වෙලා අපෙ උන්ගෙ චින්තන ශක්තිය කනවා... ඒකයි දුක

      Delete
  4. මටනම් බලන්න වෙන්නේ නෑ මේවා ලංකාවේ නැති නිසා...

    ReplyDelete
    Replies
    1. ඉස්සර කරපු පිනකටද කොහෙද මෙවා බලන්න වෙන්නෙ නැත්තේ.

      Delete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.