Pages

Tuesday, July 3, 2012

ජීවිතය...

ජීවිතෙත් වෙලාවකට හරි පුදුමයි..... ජීවිතේ ගැන අපි කොච්චර දන්නවා කියල හිතන් හිටියත් වෙලාවකට  ඒක එහෙම නෙමෙයි කියල අපිට දැනෙනවා... ඒ අපි නොහිතන දේවල්, කවදාවත් වෙන්නේ නැතිවෙයි කියල හිතපු දේවල්, බලාපොරොත්තු නොවුන දෙවල් ජීවිතේට වෙනකොට... සමහර වෙලාවල් වලට අපි පුදුම විදියට අසරණ වෙනකොට,  තවත් කෙනෙක් එයාගෙ ජීවිතේ සතුටුම දවස සමරනවා වෙන්නත් පුලුවන්...



එක වෙලාවකට හිතෙනවා ජීවිතේ මුහුද වගේ කියලා.... ඒ ජීවිතේ ඒ තරමටම වෙනස්වන සුලු නිසා.  ජීවිතේ අපි බලාපොරොත්තු වුන දේවල් ඒ විදියටම හරි, ඒ ලඟින්  යන්න හරි සිද්දවෙන අතරෙ නොහිතන වෙලාවල් වලට නොහිතපු විදියට නොහිතපු දේවල් අනන්තවත් වෙනවා....බලාපොරොත්තු ඉටු උනාම සතුටු වෙන අපි බලාපොරොත්තු කඩ උනාම දුක් වෙනවා... ඒ දේ කාටත් පොදුයි.... ඒත් ඒ කඩවුන බලාපොරොත්තු අතරින් අලුත් බලාපොරොත්තු ඇතිකර ගන්නත් අපි අමතක කරන්නෙ නෑ.....


මිනිස්සුන්ව ජීවත් කරන්නේ බලාපොරොත්තු කියලා සමහර අය කියනවා... ඇත්ත වෙන්න ඇති... අපි හැමදේම කරන්නේ මොකක් හරි බලාපොරොත්තුවක් හිත් ඇතුලේ තියාගෙන නේ....



හැබැයි මෙතුවක් කාලෙකට මට නොතෙරුන දේකුත් තියනවා ( කාගෙන් වත් අහන්න ගියෙත් නෑ හැබැයි ) බෞද්ධ දර්ශනය අනුව සසරෙන් එතෙර වෙන එකනේ හැමොගෙම අවසාන බලාපොරොත්තුව.... ඒ දේ කරන්න "ආශාව" අත්හල යුතු දෙයක් වෙනවනේ... ඒත් අපි සසරෙන් එතෙරෙවෙන්න බලාපොරොත්තු ( ආශාව ) හිතෙ තියාගෙන "ආශාව" කියන දේ අත් හරින්නේ කොහොමද? ( ගොං ප්‍රශ්යක් ඇහුව කියල කට්ටිය මට දෙසයි ද දන්නෙත් නැ )

මරණයක් කියන්නේ මැරුණ කෙනාගෙ ලගම නෑයින්ට වැඩියෙන්ම දුක් දෙන අවස්තාවක්... ඒත් ඒ "මරණය" කියන දෙම තවත් කෙනෙකුගෙ ජීවිකාව වෙන එක ජීවිතේ පුදුම බව පෙන්නන්න හොදම සාධකයක් නෙමෙයි ද.... යාලුවෙක්ගෙ මලගෙදරක නයිට් එකක් ගහල එතන හීනියට ආතල් එකක් හොයන අපි ඒ මල ගෙදර අපේ පවුලේ කෙනෙක් ගෙ උනානම් මොනවා කරයි ද? ( මේක මතක් උන වෙලාවෙ නම් මනො පාර සැරටම වැදුනා )

ජීවිතේ සමහර වෙලාවට අපි කොච්චර වැරදිද කියලා අපිට හිතුනට කාලෙත් එක්කම ඒ හැඟීම් නැති වෙලා ගිහින් අපි ඒ දේම ආයෙත් වතාවක් කරන්නත් පුලුවන්... අපි පෘතඃක්ජන මිනිස්සු නෙ...


ඒත් ජීවිතය කියන්නේ මොකක් උනත්, කොහොම උනත් වැදගත් වන්නේ අපි ඒ ජීවිතය ජීවත් වෙන්නේ කොහොමද කියන එක නේද?

අර කතාවක් තියෙන්නෙ Hell or Heaven is what we make of our life කියල

7 comments:

  1. කොහොම උනත් අපි ජිවිතේ විඳවන් නැතුව විඳින්න ඕන..:)

    ReplyDelete
    Replies
    1. ඒ උනාට වෙන්නෙම එකෙ අනිත් පැත්තනෙ....

      Delete
  2. ජීවිතේ විදවන්නන නොව විදගන්න.. :)

    ReplyDelete
    Replies
    1. ජීවිතේ විඳින විදිය ඉගෙනගන්න වෙනවා ඉස්සෙල්ල

      Delete
  3. //ජීවිතේ මුහුද වගේ//....ඇත්තටම.... හිතා ගන්න බැරි තරම් ඉක්මණින් වෙනස් වෙන ජීවිත....

    ReplyDelete
    Replies
    1. ජීවිතේ හැම වෙනසක්ම සුන්දර වෙනව නම්?

      Delete
  4. ජීවිතේ............

    ජීවිතේ මොකක්ද කියලා තේරුම්ගන්න, ජීවත් වෙලාම බලන්න වෙනවා....:) විඳින්න විතරක් නෙවෙයි, විඳවන්නත් ජීවිතේ කොතනදි හරි උරුමයි තමයි!! ඒථ් උත්සාහ කරන්න ඕනෙ හැමවෙලේම ජීවිතේ විඳින්න..:)

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.