Pages

Tuesday, May 22, 2012

ලංකාවේ රුප පෙට්ට්ය.....

මෙක ලියන්න හිතුනේ මගේ ලොකය බ්ලොගියෙ තිබුන ලිපියක් දැක්කට පස්සෙයි.....

අපි පැංචො කාලේ නම් ටිවි එකේ දුරස්ථ පාලකයේ තියන 1-9 වෙනකන් ඉලක්කම් වලට චැනල් හොයා ගත්තෙත් බොහොම අමාරුවෙන්. එත් එකටත් එක්ක දැන්...! චැනල් 20 විතර තියනවා මම දන්න විදියට... ඒ මොක උනත් අද ලංකාවේ ටිවි චැනල් වල ගන්නම දෙයක් නැති තරම්... ඉදල හිටල හොඳ දේවලුත් නැතුවම නෙමෙයි.... ඒත් බොහෝ වෙලාවට ටිවි චැනල් කියන්නේ විකාර ගොඩක්...




උදේට එක එක විකාර මගුල්... එක්කො රෙද්දක් පෙන්නයි, එක්කො සාකච්චාවක්, එක්කො බියුටි කචල් මගුලක්, තව එක එක නා නා ප්‍රකාර දේවල් ගොඩයි.... හවසට කාටුන්, ඊට පස්සේ සංගීත වැඩසටහන්....7.30 ඉදන් 10 වෙනකම් නාට්‍ය... ගොඩක් වෙලාවට ප්‍රවෘත්ති නම් පැය බාගයයි...... සති අන්තෙට එක එක reality shows. හැමදාම වැදගත් කියන ගොඩාක් වැඩසටහන් පටන් ගන්නේ යක්කු ගස් නගින්න ලංවෙන වෙලාවට.



ලංකාවේ ටිවි චැනල් මීට වඩා වැදගත් මෙහෙයක් ඉටු කර යුතුයි නේද?


අද ලංකාවේ ටිවි චැනල් වල ගුණාත්මක භාවය නම් ඉස්සරට වඩා ගොඩක් පහල තැනක තියෙන්නේ කියන එක කවුරුත් දන්න දෙයක්..... ඒකට හෙතුව විදියට මම නම් දකින්නේ අසාමාන්‍ය ලෙස copy කිරීම හා අසාමන්‍ය ලෙස මුදල් පසු පස හඹා යාම... චැනල් එකක් පවත්වාගෙන යාමට අධික වියදමක් යන නිසා ලැබෙන ලාභය කියන එක අත්‍යාවශය කාරණයක් නමුත් තන්හාව නිසා අධික ලාභය බලාපොරොත්තුවෙන් තමන්ගේ තත්වය බාල කර ගැනීම කොතරම් දුරට ගැලපෙනවද කියල නම් මට තෙරෙන්නේ නෑ.........

උදාහරණයක් විදියට වෙළඳ දැන්වීම් ගමු..... මොකක් විකාශනය උනත් ඒ වැඩසටහන විකාශය වෙන වෙලාවට වඩා වැඩි වෙලාවල් වෙළඳ දැන්වීම් විකාශනය වෙනවා. ඒ අතරේ තිරය යටින් පටියකත් වෙළඳ දැන්වීම්. සමහර වෙලාවට පැත්තකිනුත් දැන්වීමක්..... මටනම් ටීවී බැලීම එපාවෙන එක හේතුවක් තමයි මේ.... අනික ලංකාවේ හදන වෙළඳ දැන්වීම් වල බොහොමයක් ඒව තෙරෙනම භාශාවෙන් කියනවනම් චොරේ චොර. ඒත් coca cola, airtel වගේ adds බලන් ඉන්නවත් ආස හිතෙනව.


අලුත් නිවේදක නිවේදිකාවන් ගැන නම් කතා කරල වැඩක් නෑ.... දැන් බොහොමයක් වෙලාවට නිවේදන කරන්නේ නලු නිලියො, රඟ පාන්නේ නිවේදක නිවේදිකාවොනේ... මට මතකයි අපේ ඉස්කොලෙ නිවේදන දිනය වෙනුවෙන් ආරාධිත අමුත්තෙක් විදියට ආපු වැදගත් නිවේදනකරුවෙක් කරපු කතාවක්... ඒ කතාවේ එක තැනක කියවුනා ඔහු වචයනක් වැරදියට උච්චාරණය කරල ලොක්කගෙන් බැනුම් අහපු හැටි.... අන්න ඒකයි ඒ කාලෙ නිවේදකයන්ගේ තිබුන තත්වය. ඒත් අද? මුන් ටිවි එකේ නටන නාඩගම්! සමහර උන්ට හරියට සිංහල කතා කරන්නත් බෑ. සමහර අය සිංහල වචනයක් කිවුවොත් ඉංග්‍රීසි වචන 2යි... සිංහල විකෘති කිරීමේ මොවුන්ද කොටස් කරුවෝය.... මෙවා අහන දකින පොඩි උනට යන කල දසාව කුමක් වේද? බොහොමයක් සිතන්නේ මේ සිංග්‍රීසි හරිම cool කියාය. ඒත් ලොකයේම සිංහල භාෂාව තිබෙන එකම රට වන අපේ රටෙම සිංහල භාෂාව විකෘති කරද්දි සිංහල භාෂාවේ අනාගතයට කුමක් සිදුවේද......?



ලංකාවේ නාට්‍ය කලාවත් අමුතුම එකකි... එකතැන පල් වෙන මඩ ගොහොරුවකි.. හැම කතාවම පවුල් 2,3 ක හුටපට ගොඩකි....  එකම වල්ලේ පොල් ය... විවිධත්වයක් නැත.... smallville, supernatural, lost වැනි කතා ලංකාවේ තරුණ පරපුර අතර ජනප්‍රිය ය... එවැනි එකක් හෝ කරන්න වත් අපේ අයට හැකිනම් ලොකු දෙයකි....


reality shows ලංකාවට නම් පිලිලයක් වී ඇත... හැම නාලිකාවකම reality shows බොහොමයක් ඇත... එංගලන්තයේ pop idol එකෙන් පටන් ගත් මෙම වැඩසටහන ඇමෙරිකාවෙන් copy කර american idol ආරම්භ කලේය... එය ලොව පුරා ජනප්‍රිය විය... ඒ දැක අනෙත් සියලුම රටවල් මේ රැල්ලට එකතු විය... මෙම වැඩසටහන් වල වරදක් නැත, සැබෑ දක්ශයින් මේ වැඩසටහන් මගින් සැම විටම එලිදැක්වේ..... නමුත් අපේ රටේ මේවායින් එලියට එන උන්ට ටික දවසකින් වෙච්ච දෙයක් වත් හොයාගන්නට නැත.... copy කිරිමත් හරියට කල යුතුය, අපේ copy අය කරන්නට ගොස් reality නාගෙන තිබේ.... සමහර ඒවා ඇත්තටම මොඩ ආතල් ය...



හොඳ වැඩසටහන් ද ඇත... නමුත් ඒවා විකාශය වන වෙලාවන් වලට රටේ බහුතර නිදි පැදුරේය.... දවස් 5ම එකම වෙලාවට මෙගා නාට්‍යක් පෙන්වනවාට වඩා දවසක් 2ක් හෝ මෙවැනි වැඩසටහන් පෙන්වනවානම් කොතරම් හොඳද....

මට ලොකුම මල තිබෙන්නේ ජාතික රුපවාහිනිය සමගය... ඒ Discovery පෙන්වීම නවත්තපු දවසේ ඉදන් ය... බලන්නට තිබුන හොදම වැඩසටහන එයය...
ලංකාවේ ටීවී චැනල් වලට මීට වඩා යමක් කල හැක.... පැය 24 ම විකාර පෙන්නමින් මිනිසුන්ගේ ඔලුව ගොන් කරනවට වඩා රටෙ සැබෑ ස්වරූපය, ලොකය යන අත මේ දේවල් පිලිඹඳ මෙලෝ හසරක් නොදත් මේ රටේ බහුතරයට ඒ දෙවල් පෙන්නා දීමට හැකියාවක් මොවුන්ට ඇත... විනෝදාස්වාදයත් අවශ්‍යය... නමුත් යකාගේ කට මුල සිටින අපෙ රටේ මිනිස්සුන්ට ඇත්ත තෙරුම් කර දීමත් ඒ අතරතුර සිදු කල යුතුය...


6 comments:

  1. දැන් ඩිස්කවරි එක පෙන්නන්නේත් නැද්ද? මටනම් හිතෙන්නේ හොදම දේ සැටලයිට් එකක් අරන් සුපර්නැචුරල් වගේ කතා බලන එක..

    ReplyDelete
    Replies
    1. ගෙවපන්කො මාසෙට 1500 ගානෙ.......

      Delete
  2. ටීවී නං පජාතයි බං දැන් :-)

    එන්න පරක්කු උනා..අද ගෙදර ආවේ..
    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පජාත එකෙත් උපරිම... ඔවගේ ඉන්න ලොක්කො 2,3න් දෙනෙක් අල්ලලා උල තියපන්කො රජෝ...

      Delete
  3. මන් පැංචා කාලේ නම් රූප පෙට්ටියට රිමෝට් එකක් තිබුනේ නැත
    කතාව ඇත්තය දැන් යන කාර්ටුන් ඇත්තේද ලෞ එවුන්ටආතල් දෙන්නය

    ReplyDelete
  4. අපේ ගෙදර එකෙනම් පත සයිස් රිමොට් එකක් තිබුනා වගේ මට මතකයි...

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.