Pages

Wednesday, May 16, 2012

සෙට් එක හා කාලය

පොඩි කාලෙ ඉස්කොලේ යන්න අපි හැමෝම වගේ ආසයි. එ ඉගෙන ගන්න එකට වඩා යාලුවොත් එක්ක සෙල්ලම් කරන්න තියන ආසාව හින්දයි.... පුලුවන් තරම් උදේම ඉස්කෝලෙ යන්න try කරන්නේ ඉස්කෝලෙ පටන් ගන්න කලින් සෙල්ලම් කරන්න අවස්තාවක් උදාකරගැනිමේ පරම චෙතනාවෙනි.... ඒ කාලේ සෙට් නැත. ඉන්නේ යාලුවෝ හා තරහ කාරයින් ය... මේ කාණ්ඩ 2 සීග්‍ර වශයෙන් වෙනස් වන දේවල් ය.. ඒ කාලේ, අද මිතුරා වූ එකා හෙට හතුරාය, සමහර විට ඊලග දවසේ නැවත මිතුරාය. ඒ කාලයේ ජිවිතය සුන්දරය....  පුන්චි සිත් මල් වගේය......




එසේ කාලය ගෙවි ගොස් සාමාන්‍ය පෙල නොහොත් 10, 11 වසරට පිය තබන්නේය..... සෙට් එකේ මූල බිජය වැටෙන්නේ මෙතැනදිය.... 6,7 වසරේ පන්තියේ ඔක්කොම යාලුවොය, හොදම යහලුවො කිහිප දෙනෙක් නැත්තේද නොවේ.. නමුත් සාමන්‍ය පෙල පන්ති වලදි මෙය තරමක් දුරට වෙනස් වේ... එක ජාතිය කුරුල්ලො එක අත්තකට රොක් වන්නේය... තමාගේ සිතුම් පැතුම්, ක්‍රියා කලාපයට ගැලපෙන යහලුවන් සමග එකට ගැවසීමට රුචිකත්වයක් දක්වන අතරම තමාට නොදිරවන අය හලා දැමීමට කටයුතු කරයි... මේ කාලයේදි ඉස්කොලෙට ඇවිත් සෙට් එකත් සමග කොහෙට හෝ වි කය්යක් දාගෙන සිටීමට බොහෝ ප්‍රිය කරයි...... නමුත් පන්තියේ හැම එකාම අවශ්‍ය විට ෆිට් ය..... මෙහිදී බොහෝ විට පන්තියේ චොරයො ටික එක සෙට් එකක් ය.. බ්‍රයිටො ටික තව සෙට් එකක් ය... මැද උන් එක එක සෙට් වලය......



කොහොමින් කොහොමින් හෝ සාමාන්‍ය පෙලත් ඉවර වෙය.... දැන් කට්ට්ටිය උඩ දාගෙන බලා සිටින්නේ උසස් පෙලට අවතිරන විමටය.... උසස් පෙල පන්ති වලට තොරනවාත් සමග සෙට් එක ව්සිරි යයි.... ඒ සෙට් එකේ සමහරු විද්‍යා අංශයට යන විට තවත් අය වාණිජ්‍ය තොරාගන්නා නිසාය... තවත් සමහරෙක් කලා අංශයේ ය.... ඒ මදිවට සමහර විට එකම අංශයට වැටුන උන් එක එක පන්ති වලය... සමහර විටෙක පරණ පන්තියේ හිටපු එකෙක් වත් අලුත් පන්තියේ නැත..... මේ ඔක්කොම අස්සේ තවත් එකෙක් වෙන ඉස්කෝලෙකය.....




පලමු සෙට් එකට හෙන ගසා අලුත් සෙට් එකක දලු ලන්නේ මෙතැනදීය....... උසස් පෙල කාලයේ බොහො අයට සෙට් 2ක් ඇත... ඒ උපකාරක පන්ති වල සෙට් එක හා පාසැලේ සෙට් එකය.... බොහෝ අවස්තා වල ටියුශන් සෙට් එක ඉස්කෝලෙ එකට වඩා වැඩිපුර ෆිට් ය... ඒ වල බහින්නේ ටියුශන් සෙට් එකත් සමග වීම නිසාය..... සමහරුන්ට සෙට් 3,4 ඇති අවස්තාද ඇත.....


ඉස්කොලේ ඉන්න විට හැම දේම සෙට් එක සමගය... එක ලඟ ඉඳගන්නා අතර කන්නේ ද එකටය.... ගුල ගහන්නේද එකටය... මෙමෙ සෙට් එක බොහෝ විට මිටරය අනුව සෙට් වන්නේ නැත... එකෙක් බ්‍රයිට් වන අතර එකෙක් බයිට් වීමටද ඉඩ ඇත....  පන්තියේ වැඩකදි නොදිරවන උන් හලා දැමීම සෙට් එක පිටින් ම ප්‍රසිද්දියේම සිදුකරයි... සමහර විට ඉස්කෝලේ සෙට් එකම ටියුශන් සෙට් එකය, සමහර විට ඉස්කොලේ සෙට් එකෙන් ටික දෙනක් ටියුශන් සෙට් එකේ ඉදී, තවත් විටක එකෙක් වත් නැත.....




ඉස්කෝලේ සෙට් එකට වඩා පොඩි වෙනසත් ටියුශන් සෙට් එකේ ඇත... ඒ වල බැහීමය... ටියුශන් පන්තියේ පාඩම අප්‍රිය වු විට කරන්නේ ටියුශන් සෙට් එකත් එක්ක class එකෙන් පැනීමය.... එකෙක් අදහස දැමු පසු සෙට් එකේ වැඩි චන්දයෙන පනින්නේද නැද්ද යන වග තිරණය වේ.....


මෙසේ class එකෙන් පැන කරන්නේ film එකක් නැරඹීමට හෝ අඩියක් ගැසීමට යාමය... බොහෝ උන අඩි ගහන්න පටන් ගන්නේ මේ කාලයේය.... සමරහ දවස් වලට plan කර උදේම සෙට් වි class cut කර කොහෙ හරි දීපංකරයක යාමත් මේ කාලයේ සිදු කරයි.... සෙට් එක පට්ටය, හැම එකාම කික් ය, ඔනේ වැඩකට කියූ පමණින් ය..... සෙට් එකේ එකක් කෙල්ලෙක් කරන්න පටන් ගත් විට අනිත් උන් බොක්කෙන්ම සප් ය.... මේ කාලයේ කරන හැම දේම සෙට් එක සමගය... සමහර විට සෙට් එකට අලුත් උන් එකතු වේ, තවත් විටක අවුලක් දමාගෙන එකෙක් සෙට් එකෙන් හැලේ.... සෙට් එකේ එකෙක් ගෙ අවුලකට මුලු සෙට් එකම ගේමට එන්ටර් වේ... මේ කාලේ වලි කුකුල්ලු ය.....






පාසල් ගමන ටියුශන් නිසා අඩපන වන නිසා පාසැලේ සෙට් එකෙන් අවදානය ගිලිහි ටියුශන් සෙට් එකට ප්‍රමුකතාවය හිමිවේ.... පලමු වර විබාගය ලියා 2nd shy එකට රිවිශන් යන්න පටන් ගනි.... ප්‍රතිපල ආ විට සෙට් එකේ එකෙක් ගොඩය අනෙකා බිමය.... campus යන උන class එම නතර කරන නිසා සෙට් එකේ අය සමහර විටක අඩුවේ... වල බැසිම් වලට නැති වුවත් plan කර බසින වලවල් වලට ඔවුන් සෙට් වෙති.... නමුත් campus පටන් ගත් විට ඔවුන් සෙට් එකෙන් හැලී යයි......



සෙට් එකට කෙල වෙන්නේ දෙවෙනි වර විබාගයට පසුවය..... ඒ එක එකා එක එක දේවල් තොරාගන්නා බැවිනි.... එදා දුර නෑ කෙනෙක් ගේ මල ගෙදරටත් නයිට් ගහන සෙට් එකේ උන්, මෙදා සමහර විට ලගම නෑයෙක් මලත් මලගෙදරට නෝයෙන්නේ ඔවුනට අධික වැඩ නිසාය.... එදා විසිල් එකටත් සෙට් උන සෙට් එකේ උන් එකතු කර ගැනීම ලාහට ගෙම්බො එකතු කරනවා වගේ වෙන්නේ මෙ කාලයේය..... සියලු දේ නැසෙන සුලුය.... වෙනස් නොවන එකම දේ වෙනස් වීම පමණි.....








මිට පසුව එන සෙට් එක ගැන ලගදීම.......


10 comments:

  1. අපි හිටියෙ මොන සෙට් එකේද මන්දා... :පී

    ඒ කාලේ තමා පට්ට ආතල් බං....

    සුභ වේවා!!! රාජ සම්පත්තිය ලැබේවා!!! (මේක තමා මගෙ අළුත් වචනේ ඈ..)

    ReplyDelete
    Replies
    1. එ කාලෙ උබව සෙට් වලට වද්දගත්තේ නෑ කියලයි ආරංචිය ආවෙ... : දිව දොට්ට

      Delete
    2. නෙදකින්... කිව්ව කතාව :-)

      Delete
  2. මම නම් හිටියේ මැද පෙල සෙට් එකේ.. එ ගැන වෙලාවක ලියන්නම්..

    ReplyDelete
    Replies
    1. මමනම් අගට ඔන්න මෙන්න... ලොල් කිවුවලු...

      Delete
  3. මම නම් මුල පෙළ අග පෙළ යි දෙකම නියෝජනය කලා...
    ඒත් වැඩිපුර හිටියේ මුල් පෙළ හා අග පෙළ දෙකේල ලක්ෂණ සහිත සෙට් එකකය.
    එය වල බහින අතරම ඉගෙනීමත් කරගන්නා වු වැඩි පිරිසක් සිටි එකකි....


    නියම පෝස්ට් එක.. ටිකක් ටිකක් සංකීර්ණ තැන් තිබුන.. ඒත් අදහස නියමයි...


    ජය

    ReplyDelete
    Replies
    1. අපිට නම් මුල පෙනුනේ වත් නැති තරම් ය.. අපි ඉතින් බ්‍රයිට් නැනෙ...

      Delete
  4. මටටනම් උලත් එකයි පිලත් එකයි :පි

    ReplyDelete
  5. අනිවා අන්තිමට සෙට් එකේ කවුරුත් නැහැ තමන් විතරයි. අත්තාහි අත්තනෝ නාථෝ කියලා බුදු හාමුදුරුවෝ දේශනා කළෙත් ඒක තමා

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.