Pages

Sunday, May 13, 2012

වල සහ අපි....

ඔන්න ඉතින් යටගිය දවසක උන සිද්දියක් ගැන ලියලා දාන්න හිතුනා.... මෙන්න මෙහෙමයි ඒක පටන් ගත්තේ...


බ්‍රහස්පතිනදා හවස මං කල්පනා කර කර හිටියේ ඊලඟ දවසේ Class නේද කියල....  Class එක තිබුනේ එක්තරා, හුදෙක් තමන් ජ්‍යාත්යන්තරයි කියාගන්නා වූ අධ්‍යාපන ආයතනයකයි... ( ඇත්ත දනනේ class යන අපිය ) Class එක මතක් වන විටත් නිදිමතින් මුහුණ ඇඹරී යයි..... බැඳගත්ත බෙරේ ගහන්න ඔනෙ නිසා නිදාගන්න හරි class යනව කියා බොහොම අමාරුවෙන් හිත හදාගත් මා රාත්‍රී 8 ට පමණ බුකිය වෙත ආවේ අනෙක් උන් class එනවා දැයි අසා දැනගැනිමටය....අපේ උන් මළත් රෑට බුකියට එන ජාතියේ උන්ය...





ගත් කටටම එකෙක් කිවුවේ
                       "අනිත්  class එකෙ උන leisure world යන්න සෙට් වෙලා, මමත් යනවා උබත් වරෙන්"  කියාය...



මෙක ඇසූ පසු මටත් ආතල් ය... "එහෙමද, අනිවා මමත් එනවා එහෙනම්"  මම ඌට කිවුවෙමි..


යන්නේ මොකේදැයි ඇහුවම මේ යොධයා කිවුවේ බස් එකේ කියලය... දැන් මට පුෂ්ප ය... බස් එකේ ගියොත් නම් වැඩේ වණ වන අතට බර වැඩිය... මහ රෑම cab එකකට call කර ගනන් හිලවු අසා දැනගත්තේය... 10 දෙනෙක් පමන යන්නට සිටි නිසා කියූ ගණන 10න් බෙදූ විට වැඩිය ඇඟට තේරෙන්නේ නැත...


උදේට call කර cab එක සෙට් කරගන්නට හිතාගෙන ගමන යාමට ෂුවර් කට්ටිය කවුදැයි ඇසූ විට සිටියේ සූ සූ ගාල 4 දෙනෙක් පමනකි.... මට තවත් පුෂ්ප ය.... උදෙට town එකට සෙට් වෙලා බලමු කියා මම නිදාගන්න ගියෙමි.




වෙනදට 9ට පමණ යන මා ඊලග දවසේ උදෙ 7.30 ට එකට යාමට සූදානම් වුනි..


මව ට සැල කර සිටියේ අනිත් class එකෙ උන් ට්‍රිප් එකක් යනවා, සමහර් විට අපිට class නැති වෙයි එහෙම උනොත් මමත් ගිහින් එන්නම කියාය... මම අද class නොයන බව මෙ වචන 2, 3 නෙන් අම්මාට මීටර් විය.. යන තැනක පරෙස්සමෙන් කියා මගේ අතට සල්ලි ටිකකුත් වැඩිපුර දිමට තරම් ඈ කාරුණික වූවාය....


7.45 ට පමණ town එකට මා පැමිනෙන විට සිටියේ තව එකෙක් පමණි... ඌත් ලොකු හදිස්සියක් කියා කොහෙටදො දිව ගියේය...




ටික වෙලාවකින් එකා එකා එන්නට පටන් ගත්තේය... class යන උනුත් අපි දැක එතනටම සෙට් විය....


යන්න එන උන ඇසූ විට 10 දෙනෙක් පමන වැඩෙට එන්ටර් ට... මගත් එකෙක් ඇත... cab එක ගෙන්නා ගත් අප  leisure world බලා පිටත් විය...


එකෙකු ඩොල්කියක්ද කර ගහගෙන අවේය... සෙට් එකේ සිටි ලොකු අය්යා  එයත් රැගෙන වාහනයේ ජනෙලයක් අසල ඉදගෙන ඔහුගේ තාලයකට එය වාධනය කරන්නට විය. එහි මිහිරි බව දරා ගැනිමට නොහැකිව තවකෙකු විසින් ඩොල්කිය උදුරා ගැනීමට වැඩි කාලයක් ගත වූවේ නැත....
සින්දු, ගෝෂා, බැනුම්, බයිට් සහ නානාප්‍රකාර දේවල් මැද අප leisure world වෙත ලගා විය....




ටිකට් එකේ ගාන ටිකක් සැර වුවත් ෆුල් පැකෙජය ගත් අපි 12 පමණ වන තුරු වියලි කලාපයේ සිට 12.30 පමණ කලිසම් කොට ගහගෙන වතුරට බැස්සෙමු.... සෙනඟ අඩු නිසා හිතේ හැටියට ෆන් එක ගනන්නට අපට අවස්තාව ලැබිණි....



මමනම් මෙකට පය ගසපු පලවෙනි අවස්තාව මෙය වේ.... ඇත්තටම අලුත් අත්දැකීමකි... නමුත් කියන තරම් ම ආතල් එකක් නෑ කියා සිතුනේ මීට වඩා ආතල් කලින් සෙට් වී තිබූ බැවිනි....


ලංකාවට මෙහෙම එකක් වත් තියන එක ලොකු දෙයකි... ඇති වන තුරු ගංගා ඇල දොල වල ලැග ඇති අපිට මෙවායේ ඇති පල් වතුර දිරවන්නේ නැති උනත්, සමහරුන් ට හිතෙ හැටියට ජලයට බැස සිටිය හැක්කේ මෙවැනි තැන් වල පමණි.... අමුතු ලිස්සන බොට්ටු නම් ගොඩක් ඇත.... සමහර ඒවල මැදට යන විට බොක්ක කූල් වේ. නමුත් 2වෙනි පාර ගානක් නැත...



නාන තටාක 2ක් ඇත... නමුත් ස්වභාවික තැනක ජලයේ ඇති පහස  ඇගට දැනෙන්නේම නැත....


රොලර් කොස්ටරය නම් සිගිතිය.... මෙලෝ රහක් නැත... ඉදිරියෙදී වත් පිටරටක මෙන් හරි හමන් එකක් මෙහි ඉදි වෙවායි ප්‍රාර්තනා කරන්නෙමි....


කරන දේවල් සියල්ල ම කර 4.20 ට එලියට බැස්සෙමු.... ( කෙලපු විකාර ටයිප් කලොත් මගෙ හොද පන යනු ඇත ) මළ ගෙදරත් ආතල් එකක් ගන්න අපට leisure world එකේ ආතල් ගන්නට ඉගැන්විය යුතු නැත.....


සින්දුවක් කියාගෙනම අපහු ගෙදර ආ මගෙ ඔලුවට හෙනහුරා කඩා පාත් විය... බණ ගෙදරකි... cut එක දැමිමටත් නොහැක.... ඒත් පට්ට නිදිමතය... යොද බල යොද විරිය හිතට ගත් මම නොනිදාම බණත් අසා දුන්නු කෑමත් ගිල දමා ගෙදර විත් ගෙම්බා පොලේ ගැහුවා මෙන් නිදා ගත්තෙමි....


හොදම එක සෙට් උනේ සෙනසුරාදා උදෙය... උදේ කිවුවට 10ට විතරය...... උදෙ නැගිටිමට හැදු විට කකුල් 2 උස්සා ගැනිමට නොහැක.... මුලු ඇඟම පොල්ලකින් ගසා  තැලුවාක් මෙන් වේදනා ගෙන දෙයි.... ඇදෙම සිට අනික් උන්ටත් call කර බැලුවෙමි. කට්ටියටම එකම සෙතය.... සැප පිටුපස දුකද එන බව බුදු බණේ සඳහන්ව ඇති බව මතකයට නැගුනේ එම මොහොතේය......




7 comments:

  1. හි හි හි හී... ඕක තමයි වෙන්නේ Class cut කරාම..

    ReplyDelete
    Replies
    1. අපි කවදාවත් හැදෙන ජාතියෙ උන් නෙමේ....

      Delete
  2. ඔය කොරගෙන තියෙන්නෙ :-)

    ReplyDelete
  3. ගත යුත්තක් නැත....


    ලොල්!!

    ReplyDelete
    Replies
    1. අපෙත් එහෙම එකේ ඔක මොකක්ද?

      Delete
  4. "....මම අද class නොයන බව මෙ වචන 2, 3 නෙන් අම්මාට මීටර් විය.. යන තැනක පරෙස්සමෙන් කියා මගේ අතට සල්ලි ටිකකුත් වැඩිපුර දිමට තරම් ඈ කාරුණික වූවාය.... "

    මෙවන් මවුවරු වෙන කොයින්දා :D

    ReplyDelete
    Replies
    1. පුරුවේ පිනකට හම්බවෙලා තියෙන්නේ බන්...

      Delete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.