Pages

Friday, May 18, 2012

සෙට් එක හා කාලය... 2

කලින් සෙට් එක හා කාලය ලිපියේ 2වෙනි කොටස


2වෙනි පාර උසස් පෙල විබාගයට පස්සෙ සෙට් වෙන චොරේ මම කලින් එකේ කිවුවනෙ... සෙට් එකට එතනදි කෙල වෙන එකට එකෙක්ගෙ වත් වරදක් නෑ.... ඉස්සර වගකිමක්, යුතුකමක් තෙරුනේ නැතුව සෙට් බැහල, class cut කරන් පිස්සු කෙලියට වගකීම් යුතුකම් ටික ටික තෙරුම් යනකොට එක එකා එක එක පැති වලට යොමු වෙනවා.... එකෙක් ජොබ් කට්ටක් හොයාගන්නකොට තව එකෙක් මොකක් හරි පාඨමාලාවකට යොමු වෙනවා. campus යන්න සෙට් උන උන් එකේ degree කරන අතරේ තව එකක් පෞද්ගලික අධ්‍යාපන ආයතනයක degree කරන්න පටන් ගන්නව.... සල්ලි ටිකක් යහමින් තියන පවුලක එකෙක් නම් pack කරල පිටරටකට යවනවා උගන්නන්න.... :)




ඉස්සර සෙට් එක ගොඩක් වෙලාවට සෙට් උනේ class cut කරල කොහෙ හරි වලක් බැහැලනේ.... ඒත් මේ දේවල් නිසා 2වෙනි පාර විබාගෙන් පස්සේ සෙට් වෙන්න කට්ටියට අවස්තාව හම්බවෙන්නේ නෑ... මොකද ජොබ් කරන එකාට නිවාඩු නෑ... තව එකක් ට exam, එකක්ට පුලුවන් වෙලාවට අනිත් එකාට බෑ... මෙ වගෙ ප්‍රශ්න කෝටියයි.....



ඒත් තාමත් සෙට් එකේ උණුසුම බොක්කේ තියන හින්දා කට්ටිය පුලු පුලුවන් විදියට පුලු පුලුවන් උන් සෙට් වෙනවා.... ඒත් කාලයත් එක්ක මේ දේවලුත් කාර්යබහුලත්වය හින්දා ටික ටික අඩු වෙලා සමහර විට නැත්තටම නැති වෙනව.....


මේ අතරෙ තමයි 3 වෙනි සෙට් එක පටන් ගන්නේ... ඒ එකා එකා ගිය තැන් වල යාලුවො එකතු වෙලා හැදෙන සෙට් එක.... job එක කරන තැන, campus එකේ, එහෙම නැත්තම් ඉගෙන ගන්න තැන මෙහෙම අලුත් සෙට් එක සෙට් වෙනවා...





හැමදාම දකින කුකුලගේ කරමලේ සුදු වෙනවද මොකක්ද එකක් කිවුවට කුකුලා සෙට් එක වෙනකොට නම් ඔකෙ අනිත් පැත්ත.... ප්‍රමුකතාව වැඩි වෙන්නේ වඩිපුරම ඉන්න සෙට් එකට.... ඒත් සෙට් බහින එක නම් ජොබ් එක කරන තැන වැඩිය වෙන්නේ නෑ..... අනිත් තැන් වල නම් ඉස්සර තරම් නැති උනත් වැඩේ ඇදගෙන යනවා.......


ඔහොම අවුරුදු 4,5ක් යද්දි කට්ටිය ඔක්කොම ජොබ් කරනවනෙ... ඔය අතරෙ එකා එකා ඉල්ලන් කෙලෝ ගන්න පටන් ගන්නවා, කොටින්ම කිවුවොත් මගුලක් කරගන්නව........ ඊට පස්සේ මොන සෙට් ද? මගුල කරගත්ත උන් පවුල බලාගෙන පොඩි එකෙක් එහෙම හදාගෙන පාඩුවේ ඉන්නවා... ඊට පස්ස ඉතින් ගෙදර සෙට් එක තමයි.




ඔය අතරේ සමහර උන් සෙට් වෙලා ඔය මොකක් හරි සංගමයක් හරි, NGO එකක් හරි පටන් ගන්නවා නිකන් ඉන්න බැරි කමට සෙට් බහින්න... ඒ වගේ එවා නම් කට්ටිය හැට පැනල හොට බිම ඇනගන්නකන් නැගල යනවලු.........




මේ ඔක්කොම අස්සේ පෙන්ශන් ගත්තට පස්සෙත් සෙට් බහින අය ඉන්නවලු.... මමනං ඔං ඒව ගැන නම් දන්නෙ නෑ....


ඔන්න ඔකයි කාලයත් එක්ක සෙට් එකට වෙන්නෙ....


6 comments:

  1. තනියෙන් ඉන්න වුණත් මිනිහා කියන්නේ සමාජශීලි රංචු ගැහෙන්න ප්‍රිය සතෙක් නිසා මැරෙනකම්ම මොකක් හරි සෙට් එකක් තියාගන්න තමයි ට්‍රයි කරන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව් නෙ බං... උපන් හැටි නෙ....

      Delete
  2. කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා.. ඉස්සර කොච්චර වල බහින්න ඇද්ද? ඒත් දැන්..

    ReplyDelete
  3. ඇඩෙනවා ඕයි!!!!!

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.