Pages

Wednesday, December 31, 2014

මොකද යකෝ මේ වෙන්නේ !

2014 අන්තිම දවස.... තවත් අවුරුද්දක අවසානය. ඒත් බං දැන් මේ වෙන මගුල් එක්ක 2015 ගැන හිතන්නත් බයයි වගේ. එහෙන් ගං වතුර, නාය යෑම්, ඒ අස්සෙ හෙන ගහන්න වගේ ප්ලේන් නැති වෙනවා. ඒ අස්සෙ අච්චර දුප්පත්, එදා වේල හරියට කන්න නැති මිනිස්සු ගොඩක් ඉන්න ඉන්දියාවේ ඉදලා හදිස්සියේ සල්මන් එනවා මේහේ මිනිස්සුන්ට සායනද මොනවද තියන්න..... එහෙ කට්ටිය නැති නිසා වෙන්න ඇති මේහෙ එන්න ඇත්තෙ!!! ඒ අස්සෙ හොඳම ආතල් එක චන්දේ.....

ඇත්තටම බං රටේ නායකයා තොරන්න හදන මේ චන්දෙට වෙන ඒවා දැක්කම බඩ පලාගෙන මැරෙන්න හිතෙනවා. ඒක්කො මුන් හිතන් ඇත්තේ අපි හරක් කියලා, සමහර විට ඇත්තත් ඒක වෙන්න ඇති. මේ යන විදියට නම් සංවර්ධනය කියන එක අපිට හීනයක් විතරයි..... ඔක්කොටම කලින් මුල් ලමාවිය සංවර්ධනය කරන්න වෙනවා මුලු ලංකාවෙම. එතකොට නම් යන්තම් හරි මොනවා හරි වෙයි. ලැජ්ජයි ඔයි මේ කලා කාරයො කඩේ යන විදිය දැක්කම, අන්තිමට චන්දේ කාගෙවත් ගුටි කන්නෙ කවුරුත්...!  මැකෝ කෑ ගහනවා අරකයි මේකයි කියලා, ඒත් මැතිවරණ ප්‍රචාරක තොරන රාජයෝ දිලිසි දිලිසි බැබලෙනවා.



පොලිසියත් මරේ මරු... අපි හෙල්මට් එකක් නැතුව ගියොත් අල්ලන මුන් එක වෙලාවකට කුක්කො වගේ. පොස්ටර් ගහන උනුත් සද්දේ දාලා යනකොට සද්ද නැතුව ඉන්න උන් අර කැම්පස් කොල්ලො ටිකක් පාරට බැස්සොත් සිංහයෝ වෙන හැටි කොහොමද!!! ඒ අස්සෙ වරෙන්තු තියන උන් VIP departure වලින් tour ගිහින් එනවා වොයිස් කට් දීගෙනම. අනේ වාසනාවන්


ඒ අස්සෙ කට්ටියක් වෙනසක් ඔනේ කියලා කෑ ගහනවා..... ඔහොම වෙනසවල් කීයක් නම් ආවද!! කෝ අපිට වැඩක් උනාද????? හැමදාම වගේ ඉගුරු දීලා මිරිස් ගන්න අපි හැමදාමත් අන්තිමට කෑ ගහනවා! මේ යන විදියට මේක ආසියාවේ ලොකුම ජොක් එක වෙයි ද දන්නේත් නෑ. අපේ රටේ අනාගතෙ එතකොට???? නෑ නෑ බං දැන් එහෙම එකක් ඉතුරු වෙලා නෑ. ආර්ථිකේ ගැන කතා නොකර ඉන්නම්.... තෙරුමක් නෑනෙ!!!! කෝකටත් මම නම් කියන්නෙ වාහන ගන්න ඉන්න උන් ඉකමනට ගනිල්ලා කියලා තමයි....

කොහොම කොහොම හරි ඒ අවුරුද්දත් ඉවරයි..... හෙට ඉදන් 2015 !
ලොක වාසී සියලු ජනතාවට සුභ නව වසරකට ආසිරි පතන අතරම තමන්ගේ වැරදි හදාගෙන පරන කුනු අයින් කරලා දාලා මනුස්සකම ඉස්සර කරන්, ඒ වගේම පරිසරය තමන්ට හැකි විදියට ආරක්ශා කරන්න හිතට අරන් අලුත් අවුරුද්දට පා තබන්න කියලා මම ඉල්ලා සිටිනවා.

ඒ වගේම මගේ ආදරණීය ලක් වාසී ජනතාවටත් 2015 වසරට සුභ පතන අතර අපිටත් නිදහස් නිවහල් රටකට ආරම්භය මේ වසරෙන් වත්  පටන් ගනීවි කියලා ප්‍රාර්තනා කරමු.

ජාති ආගම් බේද පැත්තකින් තියලා ඉස්සෙල්ල ඉන්න තියන රට පරිස්සම් කරගෙන ඉමු.... සාමය සමගිය පිරි රටක් අපි හදාගමු.... මේ පැටලිච්ච නූල් බොලේ ලෙහන්න වෙන්නත් අපිටමයි. හැබැයි ඒකට රටේ මිනිස්සු සමඟියෙන් ඉන්න ඔනේ. අපි කුලල්කාගන්නකොට ඒකේ වාසිය ගන්නෙත් පාලකයො. 2015 දි වත් මනස සංවර්ධිත රටක් හදාගමු. ඊට පස්සෙ අනිත් ඒවා සංවර්ධනය කරන්න ඔනේ නෑ, ඒවා ඉබේම වෙයි!


2 comments:

  1. වෙඩික්කරුවෝ................

    බ්ලොගය නම් අගෙයි.... ඉතිහාසයක් තියෙන බ්ලොගයක්.. ඒත් බ්ලොගය අනික් සින්ඩි වලට නැති කම නම් අඩුවක් මචං.. හැකි නම් සින්ඩි වලට ඒකතු වෙන්න...... ඒක අනික් අටයත් ඒන්න පාර කියාවි............

    සුබම සුබ නව වසරක් වේවා............. අපිනම් දැන් ඉතින් දිගට ම ඒනවා හරිය..........

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම සලකා බලන්නම්

      Delete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.