Pages

Wednesday, July 30, 2014

කරලියට නැවතත්

ලිවුවේ තියා මාස ගානකින් කියවන්න වත් හම්බවුනේ නෑ....... වෙලාවක් නැතිකමටත් වඩා එහා ගිය පට්ට කම්මැලිකමක් ඇඟට කා වැදිලා මුල් බැහැලා ගලවගන්න බැරි පිළිලයක් වෙලා. හේතුව මොකක් ද කියලා මමත් හොයනවා. මොනවා උනත් නිදහසේ තිබ්බ ජීවිත එක එක නම් තියන බිත්ති අතරෙ හිර උනාම, මෙලොම ආසාවක් නැති දේවල් කරන්න දෙයක් නැතිකම හින්දම කරන්න උනාම, මිනිස්සු ඉවක් බවක් නැතුව නන්නත්තාරේ දුවවන කාලසටහන් වලට දුවන්න උනාම මිනිස්සුන්ට එහෙම වෙනවා ඇති....... එත් ඒ හැම දේකටම ඉඩදීලා පරාජය බාරගෙන ඒ හැලියෙම හැඳිගෑවිලා යනවට වඩා ආසාවෙන් කරගෙන හිටපු දේවල් කරන්න උත්සාහ කරන එක හොඳයි කියලා හිතුනා. ඒ හින්දා ආයෙත් පටන් ගත්තා......

මේ ලඟදි දවසක මනො පාර ගහගෙන බස් එකේ එනකොට කාර් එකකින් සිරාවටම ලස්සන කෙල්ලෙක් මම හිටපු බස් එක පහු කරගෙන ගියා..... අනිත් උන්ට වාගෙම පෘතක්ජන හිතක් තියන මටත් ඒ වෙලාවෙ අනේ මටත් මෙහෙම එකක් තිබුනනම් කියලා හිතුනා. කෙල්ලව නෙමෙයි කාර් එක! මොකද දන්න කාලෙ ඉඳන් ම පට්ට කෑලි වලට වඩා ආස කලේ පට්ට කාර් වලට. අනික ඉතින් පට්ට කාර් එකක් කියන්නෙ ඉතින් ටිකක් දැගලුවහම කෙල්ලෙක් හොයාගන්න පුලුවන් ජාතිය එකක් නේ. ඔහොම හිතන් ටික දුරක් යනකොට පාර අයිනේ ඉඳගෙන ඉන්න හිඟන දරුවෙක් දැක්කා...... හිඟන කියන වචනෙන් ඒ ළමයව නිර්වචනය කරන්න මට අයිතියක් නෑ, එහෙම කිවුවෙ අවස්ථාව අර්ථදක්වන්න. මොකද දුප්පත් කම කියන එකත් සාපේක්ශයි නේ. කොහොම හරි ඒ වෙලාවෙ මට හිතුනේ ඒ ළමයත් අපි දිහා බලලා එහෙම හිතනවා ඇති නේද කියලා......





අපි ලොකු දේවල් ගැන හීන මවද්දි ඒ මිනිස්සු හීන දකිනවා ඇත්තේ හෙට දවස ගැන..... අපි සමහර වෙලාවට ජීවිතයට බණිනවා ජීවිතේ සාධාරණ නෑ කියලා. ඔවු වෙන්න ඇති ඒත් ඒ අසාධාරණ කම තියෙන්න අපිට නැති හා අනුන්ට තියන දේවල් අතර නම් අපිත් තවකෙක්ට කොච්චර අසාධාරණ ඇතිද??? බොන්න වතුර නැති මිනිස්සුන්ට අපි ගෙවල් වල වාහන හෝදනවා දැක්කොත් මොනවා හිතෙයි ද??? ඒක හරියට අපි රත්තරන් ටොයිලට් පේපර් වලින් පස්චාත් බාගය පිහදාන උන් දිහා බලන කෝණෙට සමාන වෙන්න බැරි නැද්ද???

නැති දේවල් ගැන දුක් වෙන වෙලාවෙ ඇති දේවල් වලින් නැති කෙනෙක් ට උපකාර කරලා ඒ මිනිස්සුන්ගේ මූණු වල මතුවෙන හිනාව දකින කොට මතක් වෙයි තමන් කොච්චර පොසත් ද කියලා.... ජීවත් වෙන්න හිතේ සතුට කියන එක අනිවාර්යයි, එතකොටයි ජීවත් වෙනවා කියන එක දැනෙන්නේ.... නොදැනෙන ජීවිතේ හීන මාලිගා හදනවට වඩා දැනෙන ජීවිතේ නොදැනෙන කෙනෙකුට දැනෙන්න අරින්න පුලුවන්නම්????? හිතලා බලන්න!



පලි

කට්ටිය ගාලු ගියාලු නේ??? කරුමෙටම එදාටම එකක් සෙට් උනානෙ.... නැත්තම් මලත් ඕක මිස් කරගන්නේ නෑ. ඊලග එකට වත් සෙට් වෙන්න පුලුවන් වෙයි කියල හිතනවා....


2 comments:

  1. වෙල් කම් බැක්..

    අපි ජීවිතේ විහින් සංකීර්ණ කරන් කියලා බොහෝ තැන් වල කියවෙනවා.. ඒක නම් ඇත්ත.. අපි නැති දේ ගැන දුක් වුනාට ඊටත් වඩා දේවල් නැති මිනිස්සු ඕන තරම් අපි අතර ඉන්න පුළුවන්..

    ReplyDelete
  2. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
    sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
    kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
    Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
    1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
    melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
    dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
    saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
    kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
    penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
    dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
    minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
    buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
    Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
    sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
    Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
    berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
    hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
    seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.