Pages

Monday, February 18, 2013

මාටිං, විනිසුරු හා ස්ත්‍රී දූශණය


ඔන්න එක ගමක හිටියලු මාටිං කියලා පොරක්. මූ හෙනම කුම්භාණ්ඩයලු... මොකක් හරි කුපාඩි වැඩක් උනොත් මුගේ කෑල්ලකුත් කොහෙන් හරි ගෑවිලා තියන එක අනිවාර්යයයි....

එක දවසක් උදේ පාන්දරක හෙන ගැහුවා වගේ පොලීසියෙන් පාත් උනාලු මුගෙ ගෙදරට.. උදේ පාන්දර පොලිස් කාරයො ගෙමට බහින්නෙ නෑ කියලා දන්න හින්දා මූ කලින් දවසේ ගෙනත් තිබුන බඩු වගයක් ගෙදර පිටිපස්සෙ තිබිලා පොලීසියට මාට්ටු... මාට්ටු උනේ වෙල් ෆැන්ටා පෙරන්න ඔනේ කරන බැරල්, කන්ඩෙන්සර්, බට වගේ ඒවා. හැබැයි වෙල ෆැන්ටා නම් කොහෙවත් තිබිලා නෑ...........


පොලිසියෙ උනුත් පොරගෙ හැටි දන්න හින්දා කිසි කතාවක් නැතුව මූව කුදලං ගිහින් කූඩුවට දාලා නඩුවක් දාලා මුට විරුද්ධව... ඊලඟ දවසෙ උදේම මූව උසාවියට දාලා. නඩුකාරයත් කිසිම දෙයක් අහන්නෙ නැතුව මූ ව වැරදි කාරයා කරලා..

"තමා ලඟ කසිප්පු පෙරන්න ඔනේ බඩු තිබිලා තියනවා, තමා කසිප්පු පෙරීමට වැරදි කරුවෙක්"

"නිදහසට කාරණා තියනවද?" කියල ඇහුවලු.

මෙකා ගත් කටටම කියපි "මම කසිප්පු පෙරීමට වරදකරු නම් ඔබතුමා ස්ත්‍රී දූශණයට වැරදි කරුවෙක්" කියලා



මේක අහපු ගමන් නඩුකාරයට ඌරු ජුවල් ලු. ඇයි යකො වැරදි කාරයෙක් කිසිම බයක් සැකක් නැතුව මෙහෙම කියන්න කොහොමද! මේකට හේතුව දැනගන්න ඔනෙ උනාලු නඩුකාරයට.

"තා එසේ කීමට හේතුව කුමක් ද?"



මාටිං කාරයා කියපි " මම වැරදි කරුවෙක් උනේ කසිප්පු පෙරපු නිසා නෙමෙයි නෙ. මං ලඟ කසිප්පු පෙරන්න ඔනෙ කරන බඩු තිබුන නිසානෙ... ඉතින් ඔබතුමා ලඟ ස්ත්‍රී දූශණයට අවශ්‍ය කරන දේවල් තියන නිසා ඔබතුමා ස්ත්‍රී දූශණයට වැරදිකරුවෙක්"


මේක පරණ කතාවක් වෙන්න ඇති, ඒත් මම මේක ඇහුවේ ඊයෙ පෙරේදා...... කියන්න ඔනෙ උන දෙට ආරම්භයක් ගන්න ඔනේ නිසා තමයි මේ කතාව දාලා පටන් ගත්තෙ...

අපි එක එක වගේ උනාට හැමොම මොලයක් කියල එකක් තියන මනුශ්‍ය කියන වර්ගයට අයත් අය නෙ.... මොන බූරුවෙක්ට උනත් මොලයක් කියල දෙයක් අනිවාර්යයෙන් තියනවා, මොකද ඒක නැතුව ජීවත් වෙන්න බැරි හින්දා. ඒත් ඒ අපි හැමෝටම තියන මොලෙන් හරියට වැඩ ගන්න කී දෙනාද? දැන කෙනෙක් කියයි එක එක කෙනාගෙ බුද්ධි මට්ටම වෙනස් නෙ කියලා.... ඒත් බුද්ධිය කියන්නෙත් ඔනෙම කෙනෙක් ට ක්‍රමානුකූලව ප්‍රගුණ කරගන්න පුලුවන් දෙයක් නෙමෙයි ද? සමහරු තමන්ගෙ මොලේ පාවිච්චි කරලා දියුණු වෙනකොට තවත් කෙනෙක් මට බෑනෙ කියලා අගාධයට වැටෙනවා... ඒක ඇත්තටම බැරි කමද නැත්තම් ඔනේ නැති කමද කියල තේරෙන්නෙ ඒ මිනිස්සු දිහා බලන් ඉන්න අනිත් අයට.

ලංකාවෙ මිනිස්සු අතර කොතරම් ප්‍රමාණයක් විවිද හැකියාවන් තියන මිනිස්සු හැංගිලා ඉන්නවද! සමහර වෙලාවට කැලේ පිපිලා කැලේ පරවෙන මල් වගේ ඒ මිනිස්සුත් ලොකෙට නිරාවරණය නොවී ජීවිතයෙන් සමු ගන්නවා.... ඒ මිනිස්සුන්ගෙ හැකියාවල් වලින් ලංකාවෙ මිනිස්සු වැඩක් ගන්නේ නෑ....

ෆිල්ම් එකක් තියනවා "කැච් මී ඉෆ් යූ කැන්" කියලා.. ඒකෙ තියෙන්නෙ නොම්බර එකේ වන්චාකාරයෙක් ගැන කතාවක්... ඌ හොර චෙක් හදාගෙන ඒවා වලින් සල්ලි ගන්නවා. අන්තිමට ඌව අහු උනාට පස්සෙ ඌව හිරේ දාන්නේ නැතුව ඌට චෙක් සිකියුරිටි හදන්න බාර දෙනවා.... කලේ වැරදි වැඩක් උනාට ඒ හැකියාවෙන ඊට වඩා හොඳ ප්‍රයෝජන ගන්න පුලුවන්. ඒත් මට ලාවට වගේ මතකයි ලොකේ පලවෙනි විදුලි තුවක්කුව හදපු එකා හිටියේත් ලංකාවෙ... ඒත් උට වෙච්ච දෙයක් නෑ.. මෙන්න මෙහෙම විනාස වෙලා යන අපේ මිනිස්සුන්ගෙ හැකියාවන් වලින් වැඩක් ගන්න පුලුවන් විදියක් ඉක්මනට හොයාගන්න ඔනෙ.....

ඒ වගෙම අපේ මිනිස්සුන්ගේ මොලවල් පාවිච්චි කලොත් මේ වැටිලා තියන අගාදෙන් මේ රට ගොඩ ගන්න බැරි කමකුත් නෑ.... හැබැයි ඒකට තැන් තැන් වල කෑ ගගහා ඉඳලා හරියන්නේ නෑ, පඩ ටොක් දදා කෑ ගහන එක නවත්තලා තමන් මොකක් හරි දෙයක් රටට කරන්න ඔනේ... සමහර විට ඒ තමන් ගෙදර පැල කරන මිරිස් පැලේ වෙන්නත් පුලුවන්..... නැත්තම් අපිට වෙන්නෙ හැමදාම කෑ ගගහා ඉන්න විතරයි.





15 comments:

  1. ඕක නම් ඇත්තම කතාවක්, අපේ මිනිස්සු තමන්ගෙ හැකියාවන් අදුරගන්නේ නෑනේ

    ReplyDelete
  2. catch me if you can is a very good movie :)

    ticket kadana machine eken hora karana hati hoya gathipu lankawe kondosthara kenek amaricawata genna gaththa kiyala mama ahala thiyanawa.

    ReplyDelete
    Replies
    1. වැඩකාරයන්ට මෙහෙ තැනක් නෑ

      Delete
  3. එක ඇත්ත බන් කොයි තරම් වැඩකාරයෝ මොළ කාරයෝ උන්නත් ලංකාවේ උන්ට තැනක් නෑ අන්තිමට ඒ මිනිස්සු වෙන රටකට ගියොත් අපේ රටට හම්බෙන්න තිබුන ගරුත්වයක් නැති වෙන්න පුළුවන්

    ReplyDelete
  4. ඔයත් බ්ලොග් එකේ ලොරි ටෝක් දෙන එක විතරනේ කරන්නේ.

    ReplyDelete
    Replies
    1. මගෙ බ්ලොග් එකේ මම මට ඔනේ ටොක් එකක් දානවා, if u dnt lyk u cn fuck off

      Delete
  5. හැකියාව තිබුණත් ඊට සරිලන තැනකුත් ලැබෙනවානම්

    ReplyDelete
  6. ලංකාවේ ඉන්නේ මාර සිරා ඩයල් බං..
    දන්නවනේ ටිකට් මැෂිමේ කතාව...

    ReplyDelete
  7. මමත් මේ ටිකට් මැෂිමෙ කථාව කියන්න හැදුවෙ...කොහෙද මේ තරියා ඊට කලින් ඒ ගැන කියලනෙ...

    ReplyDelete
  8. කාලීන කතිකාවක්. මේ දේ තමයි ලංකාවට ඕනේ කරන්නේ.

    ReplyDelete
  9. ලංකාවේ ඕන තරම් ඉන්නවා සේවය කරන්න මොලේ යොදවලා, හැබැයි මේ ඉන්න කාලකන්නි පාලකයෝ ඒවාට ඉඩ දෙන්නේ නැහැ. මේ කියන්නේ පුද්ගලික අත්දැකීමෙන්.

    ඔය මිරිස් ගහ, කෙහෙල් ගහ හිටවලා රටට උදවු කරන්න පුලුවන්නම් මාරු නේ. මේ තමයි මිනිස්සු මුලා කරන්න ගෙනියන සංකල්ප.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත... මුන් බලන්නේම මුන්ගේ මඩිය තර කරගන්න විතරයි

      Delete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.