Pages

Monday, December 31, 2012

නොකිවුවයි කියලා කියන්න එපා

2012 ගෙවිලා ඉවර වෙලා 2013 ලබන්න ඔන්න මෙන්න කියල තියෙද්දි ඔන්න එහෙනම් ලෝක වාසී සියලු ජනතාවට ලබන්නා වූ 2013 වසර සුබම සුබ වසරක් වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... වැඩි බයිලා නැතුව සරලම විදියට කිවුවා.....



2012 අවුරුද්ද මොන විදියට ගෙවුනත් 2013 තමන් ප්‍රාර්තනා කරන විදියට හොඳින් ගතකරන්න ලැබේවා කියල මම ප්‍රාර්තනා කරනවා.... අවුරුද්දක් ගෙවිලා ඉවර වෙද්දි ඒ අවුරුද්ද ගෙවුන හැටි බලලා ඒ අවුරුද්දේ වැරදුන තැන් ආයේ එහම වෙන්නේ නැති වෙන්නත්, උන හොඳ දේවල් ඒ විදියටම ඉස්සරහට කරගෙන යන්නත් අපි හැමෝටම පුලුවන්... ඒක තමයි ජීවිතෙන් ඉගෙනගන්නවා කියන්නේ...

තමන්ගේ ජීවිතේ දිහා තමන්ම ආපහු පාරක් හැරිලා බලලා තමන්ගේ ජීවිතේ තිබුන නරක දේවල් මොනවද කියලා තෙරුම් අරන් ඒ නරක අඩු කරගන්නත් තිබුන හොඳ ගතිගුණ වැඩි කරගන්නත් 2013 ලබන වෙලාවෙ හිතට ගත්තොත් යම් තරමකට හරි ඒ දේ ලඟා කරගන්න හැමෝටම පුලුවන් වෙයි.... එහෙම වෙනවනම් ඒක කොච්චර දෙයක් ද?

අපි හැමෝටම බලාපොරොත්තු තියනවා... ඔයාලා හැමොටම තමන් බලාපොරොත්තු වන ඉලක්කයට යන්න හම්බවෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා... කවුරු මොන උදැල්ල දැම්මත් චේතනාව පිරිසිදු නම් කවදාවත් වරදින්නෙ නෑ...




එහනම් කට්ටියටම ජයෙන් ජය... ඔන් අපි ගියා... අලුත් අවුරුද්දේ පාටි එහෙම තියනවා නම් අපිටත් කියන්නකො.. :D :D



තව නූලෙන් අමතක වෙනවා. 2013 වත් මේ හෙන ගැහීගෙන යන අපේ රටට හොඳක් කලක් උදා වෙලා උඩ ඉන්න උන්ගේ මොලේ මේ අවුරුද්දේ වත් පෑදෙන්න කියලා කට්ටියම බොධි පූජාවක් තියමු.. නැත්තම් මේ යන විදියට 2014 වෙනකම් ඉතුරු වෙයිද දන්නෙත් නෑනෙ...


6 comments:

  1. ඔබටත් ජයම වේවා

    ReplyDelete
  2. කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!

    ReplyDelete
  3. සියලු යහපත් සිතුවිලි ඉටුවෙන වසරක් වේවා !

    ReplyDelete
  4. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත්.....!!

    ReplyDelete
  5. සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  6. ඔන්න එහෙනම් කට්ටියටම එකපාර ස්තූතියි කියලා කිවුවා

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.