Pages

Tuesday, December 4, 2012

අපි කලුයි ද? අපේ කලුයි ද?

එදිනෙදා ජීවිතෙදි කෙල්ලොන්ට "කාන්තාව" කියන කෑල්ල හින්දා කොච්චර වාසි ලබාගන්නවද ලැබෙනවද? ඔනේම දෙකට එයාලට උදව් කරන්න ඉන්න කට්ටිය පෝලිම් ගණන්, ඒත් කොල්ලොන්ට? සමහර වෙලාවට තමන් විතරයි. හැම කෙනාම ප්‍රමුකත්වය දෙන්නෙ ගැහැනු අයට නෙ.  මම කියන්නේ නෑ එයාලට ප්‍රමුකතාව දෙන්න හොඳ නෑ කියලා ඒත් කෙල්ලෙක් උන පලියට හැම වෙලේම එහෙම චාන්ස් දෙන එක සදාචාර සම්පන්නද? ඊයෙ පෙරේදා බුකියේ කරක් ගහනකොට දැකපු පින්තුරයක් save කරලා තියාගත්ත පොස්ට් එකක් දාන්නමයි කියල ඒත් වෙලාවක් හම්බවුනෙ අද තමයි.



කොල්ලො ටික නම් මෙ කතාවට උඩ පැනලා එකඟ වෙයි..... මොකද කතාව සම්පූර්න ඇත්ත. නිකමට හිතලා බලන්න හැම වෙලෙම මේක නෙමෙයි ද වෙන්නෙ කියලා.

කෙල්ලො මොන දේ උනත් ගොඩක් වෙලාවට කරන්නෙ අඬන එකනේ. මොන හේතුව නිසා ඇඬුවත් කෙල්ලෙක් අඩනවා දැක්කම කට්ටියගෙම පපුව හොස් ගාලා යන්නෙ පරණ දුම් කොච්චියක් ස්ටෙසමට ඇවිත් බොයිලර් එකේ වෑල් එක ඇරියා වගේලුනේ.... කෙල්ලෙක් දුකින් ඉන්නකොට සනසන්න අපේ අය පෙල ගැහිලා ඉන්නේ, විශේෂයෙන් කොල්ලො... ඒත් කොල්ලෙක් දුකින් ඉන්නකොට උට ඉන්නෙ තමන් ලඟම හිටපු යාලුවො දෙතුන් දෙනා විතරයි. කෙල්ලෙක් අවුලෙන් ඉන්නකොට හොයාගෙන ගිහින් සනසන අය කොල්ලෙක්ගෙ අවුලකදි ලොවෙත් නෑ... දැන් කට්ටිය පටන් ගනී බොක්කෙන් ඉන්න කොල්ලො එහෙම නෑ කියලා, හරි එකෙක් දෙන්නෙක් එහෙම නැති උනාට හොඳට හිතලා බැලුවොත් බහුතරේ එහෙමනෙ.



මම අහන්නෙ අවුලක් ගියාම රිදෙන්නෙ කෙල්ලොන්ගේ හිත් විතරද? එතකොට අපේ ඒවා ගල් ද ආ? ලිංගික වෙනස නිසාම ගැහැණු පිරිමි කියලා වෙන් කරපු පලියට අයත්වෙන කාන්ඩයට මෙහෙම අමුතු බොඩ් ලෑලි ගහන එක හරිද? "ගෑනු ලමයි හරිම සංවේදී, පිරිමි ලමයි එහෙම නෑ" හැමෝම කියන්නෙ මෙහෙමනේ... අපිට හැඟීම් දැනීම් නෑනෙ...! මොකටද මගෙ කට කිවුවලු. පිරිමියෙක් කියන වචනේ නිසාම ගොඩක් වෙලාවට කොල්ලොන්ට හිතේ තියන ගොඩක් හැඟීම් හිත ඇතුලේ යටපත් කරගෙන ලෝකය ඉස්සරහ රඟපාන්න වෙන අවස්ථා  බොහොමයි.... (එකෙක් හරි කියපියකො එහෙම නෑ කියල පුලුවන්නම්) කෙල්ලො ඔනෙම දේකට පාවිච්චි කරන කඳුලු කියන දෙටත් කොල්ලොන්ට සමාජයෙන් තහනමක් වැටිලා නෙමෙයි ද? කෙල්ලෙක් අඬනකොට "අනේ පවු" කියන උන් කොල්ලෙක් අඬනවා දැක්කොත් මොනවා කියයි ද?



කෙල්ලොන්ට ඔනේ වෙලාවක පිහිට වෙන්න කෙල්ලො හිටියට කොල්ලොන්ට එහෙම නෑ... අපේ උනුත් පැනගෙන පිහිට වෙන්නෙ කෙල්ලොන්ට.... යකෝ අපි උන්ට පිහිට උනාට උන් කොල්ලෙක්ට පිහිට වෙනවා තොපිලා එකෙක් වත් දැකලා තියනවද? ( මම කියන්නෙ බහුතරය හා සාමාන්‍යයෙන් වෙන දේ ගැන ) තමන්ගේ ජාතියට මුල් තැන දීපල්ලා... කවුරු කොහොම මොන ලෝකෙම කිවුවත් අන්තිමට කොල්ලොන්ට ඉතුරු වෙන්නෙ කොල්ලො විතරයි... කෙල්ලොන්ට නම් ඔනේ තරම් උන් ඉඳී.

මම නම් කෙල්ලන්ගේ වැඩ වලට අනුන්ගෙ වාහන වලටත් පෙට්‍රල් ගහගෙන අරන යන, ඒත් එකට හිටපු උන්ගේ එවා මග අරින උනුත් දැකලා තියනවා. ඔන්න ඔකයි තත්වෙ!

පොඩ්ඩක් ටැෆික් රාලහමිලා ගැනම බලන්නකෝ... හෙල්මට් එකක් නොදා පොලිස් කාරයෙක් ට මාට්ටු උනොත් මොන ගේමක් දෙන්න ඔනෙද දඩ කොලේ නැතුව ශේප් වෙන්න? 95% ම ආපහු එන්නෙ දඩ කොලෙත් එක්ක, 4% විතර කීයක් හරි දීලා ශේප් වෙලා එනවා 1% තමයි හෙනම ගේමක් දීලා මුකුත් නැතුව ශේප් වෙන්නෙ.... ඒකට ලස්සන ලමිස්සියෙක් එහම ලයිශන්, ඉන්ශුවරන්ස්, අරවා මේවා මුකුත් නැතුව අල්ල ගත්තත් ලස්සන හිනාවක් දාලා පොඩ්ඩක් ඇදලා පැදලා මොනව හරි කිවුවම "හරි මිස් එහනම් ඔයා යන්න" කියලා පිටත් කරල අරින්නෙ. පුංචි උදාහරණයක් විතරයි. තව ඔනේ තරම් තියනව ඕන නම්.




කෙල්ලොන්ට ප්‍රමුකතාව දෙන්න ඔනේ තැන් තියනවා, ඒ තැන් වලදි ප්‍රමුකතාවය දෙන්න බැරි, ප්‍රමුකතාව දෙන්න ඔනේ මොනවගේ වෙලාවටද කියලා දන්නෙ නැති, කෙල්ලෙක්ට ගෞරව කරන්න දන්නෙ නැති "කොලු" කමෙන් ඇති වැඩක් නෑ... එහෙම උන්ට නම් පොලිමට තියලා පු* ට වෙඩි තියන්න ඔනේ කටෙන් එලියට එන්න. ඒත් කෙල්ලෙක්ය කියලා දන ගාගෙන, බඩ ගාගන පිහිට වෙන්න ඔනේත් නෑ ඔනේ නැති තැන් වලදි බොරුවට ප්‍රමුකතාව දෙන්න ඔනෙත් නෑ... නැත්තම් අන්තිමට වෙන්නෙ ගහපු පදෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ වගේ එකක්...

කොල්ලෙක් උන පමණින්, පිරිමියෙක් කියලා කියන පමණින් මුන් හිතන් ඉන්නෙ අපි ඔටුවො කියලනේ. යකො පිරිමි උනාට අපිත් ඇට, ලේ, මස් නහර වලින් හැදුන මිනිස්සු. ඒක අමතක කරන්න එපා.. අපිටත් හැඟීම් දැනීම් කියලා දේවල් තියනවා. ඔය හිත් වලට දැනෙන, දැනෙනෙකොට ඇඬෙන ඒ හැඟීම් සියල්ලම අපිටත් දැනෙනවා. ඒත් ගොඩක් වෙලාවට ඒවා හිතේ ඇතුලේ විතරක් තියන් ඉන්න වෙලා අපිට... ( පොඩ්ඩක් හිතලා බලපන් කෙල්ලනේ කොච්චර අමාරු ඇද්ද කියලා ) කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන්න නම් ඔනේ තරම් අය ඉන්නවා, ඇයි පිරිමින්ට අයිතිවසිකම් නැද්ද? 

කාන්තාවට සම තැනක් ඉල්ලන උඹලා, සම තැන දෙන්න ඔනේ තැනදි පිරිමින්ට සම තැන දෙනවද? හැම දේම උබලගේ වාසියට විතරයි.... නීතිය පවා...

කෙල්ලෙක් ගිහින් පොලිසියක පැමිණිලි කලොත් කොල්ලෙක් කරදර කලා කියල මොනවා ඒ කොල්ල ඊලඟ දවසෙ පොලීසියේ නෙමෙයිද? කොල්ලෙක් ගිහින්  ඒ පැමිණිල්ලම කලොත් ? අපි ඔටුවොනේ......! කොල්ලනේ දැන්වත් පෙලගැසෙව්.... අපිට අපි ව්තරයි....



8 comments:

  1. //ගොඩක් හැඟීම් හිත ඇතුලේ යටපත් කරගෙන ලෝකය ඉස්සරහ රඟපාන්න වෙන අවස්ථා බොහොමයි
    මේ ගැන ඉතිං මට අමුතුවෙං කියන්න ඕන්නෑ බං..
    කොටිංම කිවුවොත් මං ගෙදරදි කරන්නෙත් රගපාන එක තමා..
    //පිරිමියෙක් කියලා කියන පමණින් මුන් හිතන් ඉන්නෙ අපි ඔටුවො කියලනේ
    ඇත්ත අපි ඔටුවො වෙන්නැති ඒත් ඔටුවො කියන්නෙත් සත්තු ජාතියක් කියලා මුංට තේරෙන්නැති එකනේ බං සිද්ධිය..

    ReplyDelete
    Replies
    1. අපිවම කන්න හදන්නේ හැමවෙලේම

      Delete
  2. කතාවනම් සහතික ඇත්ත...

    ReplyDelete
    Replies
    1. මෙවා දැකලා අක්ක එක්ක එහෙම එල්ලෙන්න එපා. කොසු ඉදල් පාර වලට මම වග කියනු නොලැබේ.

      Delete
    2. හික් හික් අපි මුකුත් දැක්කෙ නෑ ඔන්න.

      ( අහුවෙනවාකෝ දැනුයි කමෙන්ට් එක දැක්කෙ :ඩී )

      Delete
    3. මල කෙලියයි... දැන් හොයපන්කො සාම සාධක හමුදාව...

      Delete
  3. ඉතින් බොලව්,කොල්ලොමනේ යන්නේ අඬන කෙල්ලොන්ව සනසන්න.ඒකට අපි මක් කරන්නද..??
    අර කියනවා වගේ සමහර කොල්ලෝ ඉන්නවනේ ඉතින් හැම දේම හිතේ හංගන් ඉන්න.එහෙම වෙලාවට කොහොමෙයි සනසන්නේ..??

    ReplyDelete
    Replies
    1. එක වචනයක් ඇති නේ පොටක් පාදගන්න? පොඩ්ඩක් සංවේදී උනා නම් තෙරුම් යයි අපිටත් හැඟීම් දැනීම් තියනවා කියලා.

      Delete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.