Pages

Wednesday, October 31, 2012

සමනලයා දළඹුවා සහ අපි

මේ ලඟදි කොච්චියේ යනකොට අහම්බෙන් වගේ  A4 කොලේක print කරලා කොච්චි පෙට්ටියේ  අලවලා තිබුන වාක්‍යක් ඇහැ ගැටුනා.. කවුරු කලත් කරල තියෙන්නේ හොඳ වැඩක්. මොකද සමාජයේ හැම අස්සක් මුල්ලක් නෑරම තැලිල පොඩි වෙන මිනිස්සුන්ට තත්පරෙකට හරි හිතන්න යමක් ඒකේ තිබුනා.


සමනලුන් ට ආසයි නම් දළඹුවන්ට ආදරය කරන්න.....




අපි සමනල්ලුන්ට කොච්චර ආදරේ කලත් ආශා කලත්, කොච්චර වෙලා ගහෙන් ගහට, මලෙන් මලට පියාඹන ලස්සන පාට පාට සමනල්ලු දිහා බලන් හිටියත් ඒ ලස්සන සමනල්ලු හැදෙන්නේ දළඹුවෙක්ගෙන කියල මොහොතකට හරි මතක් වෙන්නෙ කීයෙන් කි දෙනාටද? දළඹුවන ව අප්‍රිය කරන අපිම ඒ දළඹුවගෙන් ම හැදෙන සමනලයව ප්‍රිය කරන්නේ කොහොමද? මොකද ඒ අපි අප්‍රිය කරන දළඹුවා නැති වෙන්න ලස්සන සමනලයෙත් බිහිවෙන්නෙ නැනෙ. සමනලයට ආසා කරන අපිට ඇයි බැරි දළඹුවටත් ආසා කරන්න?





හිතල බලන්න අපි මෙහෙම දේවල් කොච්චර කරනවද?

අපි ලස්සනයි කියල ආසා කරන ගොඩක් දේවල් වල ආරම්භය අපි ලස්සනයි කියල දකින දේ තරම සුන්දර නෑ....... ඒ ලස්සන සුන්දර දේවල බිහිවෙන්නේ අසුන්දර, දුශ්කර දේවල් මගින් වෙන්න තියන අවස්ථාව ගොඩක් වැඩී.... ඒ හින්දා අපි ලස්සන ඒ දේවල් යටින් තියන අසුන්දර යතාර්ථය තෙරුම් අරගෙන ඒ දේවල් ගැනත් යන්තමින් හරි හිතන්න පුරුදු වෙන්න ඔනේ. එතකොට අපි පිලිකුල් කරන ගොඩක් දේවල් හිතන තරම් පිලිකුල් නෑ කියලත් අපිට තෙරුම් යයි...

අර පොඩි කාලේ අපිට කියල දුන්න කලු තාරා පැටියා අන්තිමට ලස්සන හංසයෙක් වෙන කතාව පොඩි කාලේ අපිට කිවුවේ අපිට තවත් එක කතන්දරයක් කියන විදියට උනාට ඒ කතාවෙන් බලාපොරොත්තු උනේ හැම දේම පිටින් දැකල තීරණය කරන්න එපා කියල පොඩි හිත් වලට කියල දෙන්න..... ඒත් ලොකු වෙනකොට ඒ කතාව මතක තිබුනට කතාවෙ අර්ථය අපි හැමෝටම වගේ අමතක වෙලා ගිහින්...



සමාජයේ ගොඩක් වෙලාවට වෙන්නේ මේ හා සමාන දේවල් නෙමෙයි ද?

මිනිසුන්ගේ බාහිර ස්වරූපය දිහා බලල එයාල ගැන තීරණය කරන අපි සමහර වෙලාවට සමහරුන්ව අප්‍රිය කරනවා, පහත් කරලා සලකනවා. හැබැයි අද අපි එහෙම කරන කෙනාම දළඹුවා සමනලයා වෙනවා වගේ අපි ආදරය කරන කෙනෙක්, ගෞරව කරන කෙනෙක් වෙන්න බැරි කමකුත් නෑ...

7 comments:

  1. හොඳ අර්ථයක් තියන, හිතන්න පොළඹවන වචන ටිකක්.

    ReplyDelete
  2. ගොඩක් දේවල් වල ආරම්භය අපි හිතන තරම් සුන්දර නෑ.. පස්සේ තමයි හැම දේකම සුන්දරත්වට හැමෝම දකින්න පටන් ගන්නේ.. හොද ලිපියක්..

    ReplyDelete
    Replies
    1. අසුන්දරත්වට ගරු කරන්න අපි පුරුදු වෙන්න ඔනෙ

      Delete
  3. මාරම පෝස්ට් එකක්..හිතට දැනුනා..හොඳ ලියවිල්ලක්..ජය!

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.