Pages

Saturday, September 29, 2012

ඇනෝ විවේචනයක් !

මමත් දැන් බ්ලොග් ලියන්න පටන් අරන් ටිකක් කල් වෙනවනේ, මම වටේ හිටපු යාලුවො 2,3න් දෙනෙක්ටත් බලෙන්ම වගේ ලෙඩේ බෝ කලා  බ්ලොග් කියවපන් කියලා... ඔහොම බෝ කරපු එකෙක් මට අද හම්බවුනාම ඌ මට කියපු දේවල් ටිකක් ඔයාලටත් කියන්න හිතුනා.... මේ යාලුවා යමක් කමක් තෙරුම් ගන්න පුලුවන්, හොඳ මීටරයක් තියන එල බුලට් එකක්....

සෙට් උනාම කතා කරන බයිලා ටික ඉවර වෙලා මම නිකමට වගේ ඇහුවා "කොහොමද බ්ලොග් කියවන වැඩේ නැගලා යනවද? " කියලා.... ඌ කියපි "ඔවු බං තාම කියවනවා" කියල... මම ඇහුවා "සෙට් වෙනවා නේද වැඩේ" කියලා.... ඌ මට ඊට පස්සෙ දුන්නෙ හෙනම දාර්ශනික උත්තරයක්... දිරවගත්තෙත් බොහොම අමාරුවෙන්...




මෙන්න මේකයි කතාවෙ සාරාංශය...




මචන් ඒකත් එක ජාතියක ප්‍රමොශන් කැම්පේන් එකක් වගේ.... හැම එකාම වගේ බලන්නෙ මොකක් හරි කරල හිට් වෙන්න මිසක් වැඩක් ඇති දෙයක් කරන්න  නෙමෙයි. ( මූ කියවපු බ්ලොග් මොනවද කියල නම් මම දන්නේ නෑ ) මට තෙරුන විදියට එක එක ජාතිය උන් ඉන්නවා මේවා ලියන... වැඩක් ඇති දෙයක් කියන්න හදන, පෙන්නල දෙන්න හදන, කරන්න හදන උන් ඉන්නවා ඒත් ඒවා අස්සේ වෙන වෙන ජාතිය එවුනුත් ඉන්නවා...

ජීවිතෙට පොරක් වෙන්න බැරිවුන, කැපිලා පේන්න බැරි උන සමහර උන් ඒ බැරිවුන දේ ගොඩනගාගන්න බ්ලොග් පාවිච්චි කරනවා... උන් තමන් කොච්චර පොරක් ද කියල හැම වෙලේම අනිත් උන්ට පෙන්නන්න හදනවා. ලොකු ලොකු කතා කියනවා හැබැයි සැබෑ ජීවිතේදි ඔය දෙන ලොකු ටොක්ස් වලින් 10න් 1 වත් මුන් ක්‍රියාත්මක් කරනවද කියලා දන්නේ නෑ....

සමහර උන් ඉන්නවා කවදාවත් ප්‍රසිද්ධියේ තමන්ට ජීවිතේට කියන්න කොන්ද පණ නැති ඒවා කියන්න බ්ලොග් ලියන උන්... උන් රට වටේ ඉන්න උන්ට එක එක වැරදි පෙන්න පෙන්න බනිනවා. ඒත් මුන් මේ උඩ දාගෙන බැන්න කියල බනින උන් දන්නේවත් නෑ... අනික මෙහෙම බනින මුන් ගෙ කොච්චර වැරදි තියනවද?



හීන ලොක වල ඉන්න සුරංගනා කතා කාරයොත් ඒ අස්සෙ ඉන්නවා... ඒ වගෙ උන්ගෙ මෙලෝ වැඩකට ඇති කිසිම දෙයක් නෑ.. ඒ අස්සෙ සමහර උන් ඉන්නව උන් හිතන් ඉන්නෙ බ්ලොග් කියන්නෙ උන්ගෙ දෙයක් කියලා. උන් තමයි පොරවල් අනිත් උන් සොක්කො... උන්ට වැඳගෙන තමයි අනිත් උන් ඉන්න ඔනෙ... උන්ට විරුද්දව මොනව හරි කිවුවොත් ඒකව කපන්න මයි හදන්නේ....

අනික බලපන් වැඩක් තියන පොස්ට් එකක් තිබ්බොත් ඒක අගය කරන්නේ කී දෙනාද කියලා? හැබැයි හොඳ කුනුහරප 2,3ක් තියන විකාරයක් දැම්මොත් හිට්ස් හෝ ගාලා එනවා... ප්‍රමොට් වෙන්න නම් ලේසිම විදිහ කුනුහරප 2ක් 3ක් ලියන එක....

අනික බං පොර ටොක් දාර්ශනික ටොක් දෙන ලොකු ලොකු උන් පොඩි උන්ට අල්ලන්නෙත් ලොකු ලයින් නෙමෙයි ද? සමහර කොන්ද පන නැති @&&%$^  කමෙන්ට් කරන්නේ ඇනොනිමස් විදියට... ඒ එක්කො චොර වෙයි කියල බයට නැත්තම් කැපෙයි කියල බයට. ඔච්චරට බය නම් මොකද බං කමෙන්ට් කරන්න යන්නෙ?

ගොඩක් උන් බ්ලොග් ඇතුලේ පෙන්නන්න හදන ප්‍රතිරූපය ඇත්ත ජීවිතේ ගෑවිලාවත් නැතුව ඇති....



බ්ලොග් වල හොඳ දෙවල් තියනව බං මම ඒක නෑ කියන්නෙ නෑ... විවිධත්වයක් තිබුනේ නැත්තම් කිසිම දේක ගතියක් නෑ කියල මම දන්නවා... ඒත් බං සමහර ජොකර්ල හින්දා හොඳට තිබ්බ දේවල් දැන් ටික ටික චොර වෙනවා කියලයි මට හිතෙන්නේ..

සාරාංශය ඉවරයි...


මට එවලේ මුට මොනවා කියන්නද කියලා හිතාගන්න බැරි උනා. එත් මූ මොනව කිවුවත් ඒ කියන හැම දේකම පොඩි හරි ඇත්තක් තියන්ව නේද කියල මටත් හිතුනා...  මම තවත් මූව ෆොම් නොකර " මචන් මිනිස්සු එක වගේ නෑනේ, අනික මිනිස්සුන්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියනවනෙ, කවුරු මොනව කිවුවත් හොඳ නරක් තේරුම් ගන්න අපිට පුලුවන් නම් එතනින් එහාට අවුලක් නැනෙ" කියලා වෙන කතාවකට බැස්සා...

මම දැන් ඔය මොන ගොඩෙද කියලත් මම ඇහුවා... ඌ ඒකට දීපු උත්තරේ ප්‍රසිද්ධියේ කියන්න අමාරු නිසා මම නොකියා ඉන්නම්... :පී  මටනම් මේක විනෝදාංශයක්... ( හැබැයි මේකට සෙට් උනේ මගේ යාලුවෙක් ගේ මගපෙන්වීමක් යටතේ ) බ්ලොග් ලියන හැමෝටම ඒක විනෝදාංශයක් විතරමද?

කවුරු හරි ඇහැව්වොත් ඔයා බ්ලොග් ලියන එකේ අරමුණ මොකක්ද කියල ඇත්තටම හිතට එකඟව ඔයාලා දෙන උත්තරේ මොකක් ද?

37 comments:

  1. දවසක් මගෙන් එකෙක් ඇහුවා උඹට බ්ලොග් එක ලියවපුවහම සල්ලි
    හම්බ කරන්ඩ පුළුවන්ද කියලා

    ReplyDelete
    Replies
    1. මගෙන් හැමදාම වගේ ඕක අහනවා කියහන්කෝ :)

      Delete
    2. දැන් කවුද උබෙන් ඇහුවෙ?

      Delete
    3. උබ හොඳට දන්න කියන එකෙක් බං....

      Delete
    4. එකම එකාද දන්නෙ නෑ එහෙනම්....

      Delete
    5. අනේ lakafrance උඹ කොහෙද ?

      http://lakafrance.blogspot.com/2013/04/8.html

      Delete
  2. සහතික ඇත්ත!!!!

    කවුද බං ඕක කිව්වේ?

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උබ හොඳට දන්න කියන එකෙක් බං....

      Delete
  3. බ්ලොග් එක පැත්තේ එන අය අඩුනිසා පොඩි ප්‍රයෝගයක් දැම්ම වගේ.

    ReplyDelete
    Replies
    1. ලොල්ය.... මට එන උන් හොඳටම ඇතිය... එන උන් වැඩි කරගන්න ඕන නම් ට්‍රැෆික් වැඩි කරගන්න එකත් මහ ලොකු දෙයක් නෙමෙය... පොස්ට් එක දැම්මේ කතාව යම් තරමකින් හෝ ඇත්ත නිසාය..

      ඇනො යනු කොන්ද පණ නැති යන්නට තවත් වචනයක් බව මම දන්නේය... if u dnt got balls, dnt try to show off....

      Delete
  4. //අනික බලපන් වැඩක් තියන පොස්ට් එකක් තිබ්බොත් ඒක අගය කරන්නේ කී දෙනාද කියලා? හැබැයි හොඳ කුනුහරප 2,3ක් තියන විකාරයක් දැම්මොත් හිට්ස් හෝ ගාලා එනවා... ප්‍රමොට් වෙන්න නම් ලේසිම විදිහ කුනුහරප 2ක් 3ක් ලියන එක....// සිරාම කතාව.බ්ලොග් ලෝකයේ මට පේන්නන්ම බැරි බ්ලොග් එකක් තියෙනවා.දූතිකාවක් ලියන්නේ.
    නියම කතාව.ජය !

    ReplyDelete
    Replies
    1. මම දන්නව කවුද කියලා.... ඒ දූතිකාව මාව බ්ලොක් කරලත් තිබුනා ඇත්ත පෙන්නන්න ගිය හින්දා...

      Delete
  5. ඇත්ත තමා නේද?
    මෙහෙමයි ඉතින් මට හිතෙන හැටියට බ්ලොග් ලියන්නෙත් සමාජයේ ජීවත් වෙන අයගෙන් කොටසක්.ඉතින් ඒ නිසා බ්ලොග් ලියන අපෙන් සමාජේ අනෙක් අයගෙන් වෙනවට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි... මිනිස්සු විවිධාකාරයි නෙ..

      Delete
  6. ඇත්තය...යාළුවාට දණගසා හිස නමමි... වෙඩික්කාරයා ඉලක්කයටම තිබ්බේය... වටින පෝස්ට් එකක්!

    ReplyDelete
  7. මම බ්ලොග් ඒකක් ලියනවනුම් මගේ හිතේ තියන සිතුවිලි අන් අයට කියන්න ඒවිටරක් නෙමිඉ හොද අවවාදයක් අන් යට දෙන්න හැබියි ජනප්‍රිය වෙන්න නෙමි බ්ලොග් අකේ තියන දේ වෙන කෞරුහරි උපුටා ගෙන ඒ දේ (හොද දේ ) කරනවා නම් ඒකයි මාගේ අරමුණන

    ReplyDelete
    Replies
    1. වෙන්න ඔනේ හොද දෙයක් ජීවිතෙට උපුටා ගන්න එක තමයි....

      Delete
  8. මම ඇත්තටම මචං බ්ලොග් එකක් පටන් ගත්තේ මගේ තනිකම නැති කර ගන්න..අර විනෝදාංශයක් වගේ එකක්!!!!ඕනේ එකෙක් බලයි...ඕනේ එකෙක් කොමෙන්ට් කරයි!හැබැයි ලියන ඒවගේ නම් මොනවා හැටි හරයක් තියෙන්න ඕනේ කියල මම පිලිගන්නවා!
    මොනවා උනත් උඹේ යාලුවා කියල තියෙන්නේ ඇත්ත කතාවක්!

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම තමයි ඉන්න ඔනෙ මචන්... හොඳ දෙයක් කරද්දි ඒ දෙ තෙරෙන උන් අනික් උන් මොනව කිවුවත් හොඳ දේට එකතු වෙනව...

      Delete
  9. ඔය කියන කතාව බ්ලොග් ලොකයේ එක පැත්තකින් සාදාරණයි.
    ගොඩක් උන් මගෙන් අහන කතාව,,
    මොනවද බන් ඕකෙන් හම්බ වෙන්නේ...
    ඔක මහ කාල කන්නි වැඩක් එත්...,,
    තවත් කතා කරන්නට අකමැත්තෙමි.

    ReplyDelete
    Replies
    1. වෙලාවට බුකියෙ තරම් උන් බ්ලොග් වල නැත්තෙ... එහෙම උනානම් සොරි.කොම් තමයි

      Delete
  10. ලියමන හා කොමෙන්ටු වලට එකග වෙමි සමහරක් මගෙත් අත්දැකිම් ...

    ReplyDelete
    Replies
    1. හැමොටම මෙ අත්දැකීම තියනව වගේ....

      Delete
  11. මට නම් බ්ලොග් කියන්නේ පොත්, ෆිල්ම්ස්, සිංදු, නාට්ටි වගේම හොඳම විනෝදාංශක් දැන් . . .

    ReplyDelete
    Replies
    1. මට ඉදලා හිටලා පොතක් පතක් බලන්ඩ තිබ්බ කාලය තමයි මේ කෙරුවාවට දෙන්න උනේ.

      Delete
  12. ඇත්තටම මමනම් ලියන්නෙ ආසාවට...බොරු කියන්න ඕනෙ නෑනේ...කවදාවත් කාගෙන්වත් කමෙන්ට් ඉල්ල පස්සෙන් ගිහින් නෑ..
    දෙයි හාමුදුරුවනේ මගේ බ්ලොග් එකනම් තාම එක සින්ඩියකවත් නෑ....

    ReplyDelete
  13. වැඩක් නෑ බං කතා කරලා..
    මාත් දැං දාන්නෙම වැඩකට නැති මගුල්..
    වැඩකට ඇති එවුවා දාන බ්ලොග් එක බල්ලෙක්වත් බලන්නෑ..

    ReplyDelete
    Replies
    1. එහෙමයි කියල තමන්ගෙ තත්වෙ නැතිකරගන්නත් එපා මචන්...

      Delete
  14. මම නම් කම්මලිකමටයි ලියන්නේ.. :)
    ජය!

    ReplyDelete
    Replies
    1. ඔයාට කම්මැලිකම කියල දේකුත් තියනවද?

      Delete
  15. මම නම් බ්ලොග් එක ලියන්න ගත්තේ හිතට ලොකු දුකක් දැනුනු වෙලාවක ඒ දුක නැති කරගන්න. දැන් නම් දුකට එහා ගියා නිර්මාණ බිහිවෙනවා. කොහොම වුනත් එදා ඒ බ්ලොග් එක පටන් ගත්ත එක හොඳයි. ඒ නිසා මගේ නිර්මාණ වල ගුණාත්මකභාවය වැඩි වුනා. කොහොම වුනත් මටත් වෙලාවකට මේ බ්ලොග් ලිවිල්ල එපා වෙනවා මේකේ ඉන්න අයගේ පොර ටෝක්ස් දිහා බැලුවාම. හප්පේ.. බ්ලොග් එක ලියනවා කියන එක රටක් පාලනය කරන තරම් කියලා තමා සමහරු හිතන්නේ.. හික්ස්..
    මුලදි නම් බ්ලොග් ලියන එක කමෙන්ට්ස් ගොඩාක් වැටෙන අය පොර වල් විදිහට මාත් දැක්කා..ඒට් කමෙන්ට්ස් පිටිපස්සේ තියෙන දේවල් දැක්කාම මොකද කමෙන්ට් කරනවද කියලා හිතුනා. දැන් නම් බ්ලොග් එකක වටිනාකම බලන්නේ කමෙන්ට්ස් ගානෙන් වත් ෆලොවර්ස්ලා ගානේන් වත් නෙවෙයි.ඒකේ කියවන්න තියෙන දේවල් වල වැදගත්කමක් එහෙමත් නැත්නම් අඩුම තරමේ යම් ප්‍රමාණ්යක වින්දනයක් තියෙනවද කියන එක මත. මන් බොහොම ආසවෙන් කියවන බ්ලොග් කිහිපයක් තියෙනවා. නොකී දෑ, ඝනකම් අඳුර, අරුණැල්ල, ඡායාව, සිතක සංකල්පනා, හැඩතල, සහ ඔයාගේ බ්ලොග් එක ඒ බ්ලොග් අතුරින් කිහිපයක්.. අඩවියාගෙ එකත් කියවනවා හොඳට හිනා වෙන්න බලාගෙන.. :)

    ReplyDelete
  16. මං නං බ්ලොග් එක කරන්නේ මට කියන් තියෙන කතන්දර කියන මාධ්‍යක් හැටියටයි.

    මං ලියන කතන්දර වැඩිම පිරිසක් කියවීම තමයි මගේ අවසාන අරමුණ.

    ඒ නිසා බ්ලොග් එක ප්‍රමෝට් කරන එක අනිවාර්යෙන්ම කරනවා. මං විසිටින් කාඩ් එකක් ගහලා දැන් පන්සීයක් විතර හමුවෙන අයට දීලා තියෙනවා. ඒ අන් අය නොකරන එක ක්‍රමයක්.

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.