Pages

Sunday, September 23, 2012

මාමයිට් කෑම හා ගා ගැනීම්...

ඔන්න ඉදල ඉදල ඉයේ පෙරේදා මගෙ හොඳ යාලුවෙක්ගේ ගෙවල් පැත්තේ ගිහින් එන්න ගියා... ගිහින් කයියක් දාගෙන ඉන්නකොට මූ කියපි මචන් මාර වැඩේනෙ මට උනේ කියලා... මූ #@$@ පාඨමාලාවක් හදාරලා ඒකේ tranning වලට හද්ද වන්නියක කෙලවරෙත් එහාම කොනේ තැනක තිබුන project එකකට දාල තිබුනේ. මාසෙට ගෙදර එන්න දෙන්නෙත් දවස් 4 ද කොහෙද... පැත්තෙ හොඳ කොහොමද කියනවනම් පත්තරයක් ඔනේ නම් දවස් 3 කට කලින් වත් කියන්න ඔනෙලු.... මූ නිවාඩු හම්බවෙලා ගෙදර ආවා කියපු හින්දයි මමත් ඒ පැත්තෙ ගොඩවෙලා එන්න ගියේ.... මූ නිවාඩු පැත්තකින් තියල එන්නම ඇවිත් කියලා දැනගත්තෙ එහෙ ගියාට පස්සේ....

මෙන්න මේකයි සිද්දිය.....





ජවනිකා අංක 1

මූත් එක්ක තව 2 දෙනෙක් ඉඳලා තියනවා... කොල්ලො 2යි කෙල්ලෙකුයි... මූ තමයි ලු සීනියර් ම එකා... ඔන්න දවසක් project එකට ගියාම එතනට කවුද ගෑනු කෙනෙක් ඇවිත් තියනවා. ඊට පස්සෙ එය කෙල්ලත් එක්ක පොඩ්ඩක් එහාට වෙලා කතා කරකර ඉදල දෙන්න එක පාරටම ගහගන්න පටන් අරගෙන.... " මචන් විනාඩි 5ක් ගියේ නෑ කෙස් වලු කඩාගෙන කම්මුල් වලට ගහගෙන කොන්ඩ වලින් ඇදගෙන දෙන්න ගහගත්තා බං Hollywood action මොනවද කියල හිතුනා ඒ වෙලාවෙ"  මේ උගෙම වචන...  මොනව උනත් එකට හිටපු එකෙක් නිසා මූ මැදට බැහැල ගේම ශේප් කරන්න.. කොහොම හරි ගහගන්න එක නවත්තලා... ඊට පස්සෙ ගෑනි මුටත් බැන බැන ගිහින් ටික වෙලාවකින් එකිගෙ අයියා වත් එක්කන් ඇව්ත්.. පොර ටුක් ටුක් එකෙ ඇවිත් බැස්සහම ගෑනි මූව පෙන්නලා.. ඊට පස්සෙ ආපහු ටුක් ටුක් එකට නැඟලා ගෑනිත් එක්කම ගිහින්.... ( සීන් එක 3 පාර්ශව පවුල් ප්‍රශ්නයක් කියල මූ දන්නෙ ඊට පස්සෙ )

ජවනිකා අංක 2

ඔක්කොම හරි කියල තියන වැඩ ටිකත් ඉවර කරල මුන් ටික හවස වෑන් එකෙ යනකොට තමයි ඊලග සීන් එක පටන් අරන් තියෙන්නෙ... " අපි වෑන් එකෙ වැඩ ඉවර වෙලා යනකොට පිටිපස්සෙන් ආපු ජීප් එක වෑන් එකට කරල හරස් කරල නැවැත්තුවා... ඊට පස්සෙ පොලිස් කාරයො 3දෙනෙක් බැහැල ඇවිත් අපි 4 දෙනාට නැගපිය ජීප් එකට කියට අපිවත් දාගෙන පොලිසියට ආවා... මචන් ජීප් එක ගියපු එක මතක් වෙනකොට තවත් ඇඟ හිරිවැටෙනවා... හින්දි film එකක් වගෙ..."



ගෑනි ගිහින් පොලීසියේ පැමිනිල්ලක් දාලා මූ එකිව උස්සල පොලේ ගැහුවා කියලා... ඊට පස්සෙ hospital ගිහින් admit වෙලා හොඳටම අමාරුයි කියලා...

ජවනිකා අංක 3

පොලිසියට ගිහින් මුන්ගෙන් කට උත්තර අරගෙන මූවයි ගෑනිගෙ මිනිහවයි කෙල්ලවයි රිමාන්ඩ් කරල.. අනිත් කොල්ලො 2නව release කරල.... කට උත්තර දෙද්දි මූ ගෑනිට ගැහුවෙ නෑ කියල ඇසින් දුටු සාක්ෂි 6ක් තියනවා කියල කිවුවත් පොලිසියෙ උන් ගණන් අරගෙන නෑ... යකෝ අනවසර ඉඩමකට බලෙන් ඇතුලු වෙලා රාජකාරී කටයුතු වල නිරත වෙලා උන්න කෙනෙක්ට පහර දීම පොලිසියේ උන්ට වැරැද්දක් හැටියට පේන්න නැතුව ඇති නේද? කොහොමහරි පැය 24 කට කලින් ඇප පිට කට්ටියව නිදහස් කරලා.. ( ජරාව කන්න බලාගෙන තමයි රිමාන්ඩ් කරල තියෙන්න කියල දැනගෙන තියෙන්නෙ පස්සෙ ) කොහොම හරි මූව ගෙදර අයයි යාලුවොයි එකතු වෙලා කේස් එකෙන් අයින් කරගෙන... එදා ඉදන් මූ ගෙදර.. අනිත් අයට නඩු ලු...

මගේ විචාරය............

කට්ටිය දැන් කියයි මූ මොකටද අනුන්ගෙ මගුල් වලට අත දාන්න ගියේ කියලා.. ඒත් නොදන්න උන් වලියකට සෙට් උනාමත් කතා කරල ඒක ශේප් කරන්න හදන අපෙ කොල්ලො තමන් හොඳටම දන්න එකෙක්ට කරදරයක් වෙද්දි බලාගෙන ඉන්නෙ නෑනෙ.. අනික ගහගන්න එකක් දිහා බලාගෙන එක දිගටම වෙන්න ඇරලා බලාගෙන ඉන්න එක සදාචාර සම්පන්න නෑ නේද? ගහ මරාගෙන ප්‍රශ්න විසඳන්න බෑ කියල දන්න හින්දා තමයි මූ මනුස්සකම ඉස්සර කරගෙන වලිය බේරල තියෙන්නෙ... මූ උස්සල පොලවෙ ගහන්න තියා අතක් වත් උස්සලා නෑ...

හැබැයි ගොඩක් වෙලාවට මෙ සමාජයේ වැරදි කාරය වෙන්නේ හොඳක් කරන්න යන එකා මිසක් වැරදි කාරයා නෙමෙයි නේ... අන්න ඒ ධර්මතාව තමයි මුටත් බලපෑවෙ... සමහර විට මූ ඔනෙ දෙයක් උන දෙන් මට නෙමෙයි නෙ කියලා පැත්තකට වෙලා හිටියනම් කිසි කරදරයක් වෙන්නෙ නෑ... ඒ අතින් මම මූ ඒ කරපු දේට ගොඩක් ගරු කරනවා...



ගෑනිගෙ හා අයියගේ බලුකමට හා පලිගැනීමේ චේතනාවෙන් උපායශීලීව කරන ලද පැමිණිල්ල පොලිස් පොතෙ ලියාගත්තත් එයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේදී කරුණු විමසා බලා කටයුතු කිරීම පොලිසියේ වගකීම් නොවේද? එසේ නොමැතිව යම්කිසි අයෙකු පැමිණිල්ලක් කල නිසාවෙන් අහිංසකයෙකු පොලිස් කූඩුවේ ලැග්ගවීම කොතරම නින්දා සහගතද? ඇත්තේ මෙවැනි තත්වයක් නම් අපි ඕනෑම කෙනෙකුට කාට හරි විරුද්ධව පැමිණිල්ලක් කර එකේ උනා නම් ඌ දවසක් රිමාන්ඩ් එකේය... තමාගේ ලාභ ප්‍රයොජන තකා මෙසේ මිනිසුන්ව රස්තියාදු කෙරවූ ඒ පොලිසියේ ලොක්කාට දිට්ටදම්මවේදනීය කරම පඩිසන් දී demote කර මාරුකර යවා ඇති බව පසුව දැනගැනීමට ලැබිණි..... රටේ සාමට ආරක්ශා කිරීමට පිහිටුවා ඇති මෙවැනි ආයතන වල ඇතැමුන් කරන වැඩ නිසා අපකීර්තිය සිදුවන්නෙ මුලු පොලීසියටමය...

මගේ මිතුරා වැඩකල ආයතනය රටට යම්කිසි බලපෑමක් කල හැකි ලංකාව පුරා විහිදී ඇති ආයතනයකි... එකී ආයතනයේ මේ එක බාර කලමණාකාරවරයා තමන්ගේ සේවකයන්ට මෙතරම් දෙයක් සිදු වනතුරු බකන් නිලන් සිටියේ මංදැයි මට නොතේරේ.... නඩුව දැමිය යුත්තේ ආයතනය මගින්ය... සමහර විට ඉහල පුටුවකට දැන්වූවා නම් එක දුරකතන ඇමතුමකින් මෙය විසදීමට ඉඩකඩ තිබිනි... නමුත් වගකිය යුතු අයගේ නොසැලකිල්ල නිසා මේය මෙතරම් දුරකට විහිදී ගියේය...


හෙට මෙය මට හෝ ඔබට සිදුවිය හැක... මොනදේ කලත් තමාගේ ආරක්ශාව සලසා ගන්නා ආකාරය අපි දැනගත යුතුය... ඒ මක්නිසාද යත් දෙවි දේවතාවන් වැනි මිනිසුන් මැද වන සිවුපාවන් වැනි මිනිසුන්ද සිටින බැවිනි...

13 comments:

  1. හැබැයි ගොඩක් වෙලාවට මෙ සමාජයේ වැරදි කාරය වෙන්නේ හොඳක් කරන්න යන එකා මිසක් වැරදි කාරයා නෙමෙයි නේ - ඇත්තම ඇත්ත!

    ReplyDelete
    Replies
    1. අපිට සමාජය වෙනස් කරන්න බෑනෙ

      Delete
  2. මේ ලංකාවනේ මචෝ .... කවදත් හොදට ඉන්න එකාටම තමයි කෙලවෙන්නේ ????

    ReplyDelete
    Replies
    1. එක්කො අපි නරක් වෙන්න ඔනේ නැත්තම් නරක උන් හොඳ වෙන්න ඔනේ..

      Delete
  3. කතාව නම් ඇත්ත තමයි මචො..........

    ReplyDelete
  4. මේ හා සමාන අත්දැකීමක් මටත් තියෙනවා.. මට නම් ඔවා දකින කොට අන්නියන් ව මතක් වෙනවා අප්පා.. වික්‍රම් හිටිය දෙමළ ෆිල්ම් එකක්.. ඒකේ තියෙන විසඳුම් තමා හරිම කියලා හිතෙනවා.. :/

    ReplyDelete
    Replies
    1. මම දෙමල ෆිල්ම් බලන්නෙ නෑනෙ.. :)

      Delete
  5. අත්තටයි සාධරණේටයි දැන් ඉඩ අඩු වෙලා මචන්

    ReplyDelete
    Replies
    1. ඔව් බං... අපිට කරන්න දේකුත් නෑ..

      Delete
  6. ඇත්තටම සමාජයටත් දැන් නරකට පෙන්නේ හොඳ මනුස්සයාව නේ..
    http://anuharshi.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඒත් අපිත් ඒ සමාජයේම නේද ඉන්නෙ?

      Delete
  7. මේවා ඉතින් වෙනස් කරන්න පුළුවන් දේවල් නෙමෙයි..

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.