Pages

Tuesday, December 10, 2013

සත් ගුණවත් බාර් එක

කුකුලා අතේ තියාගෙන බාර් එකකට ගිහිල්ලා තියනවද???? ලඟදි දවසක බාර් එකක් අරිනකන් ඒක ඉස්සරහ බලන් ඉන්න උනා. කොහොම කොහොම හරි බාර් එකේ දොර අරිනකම් ඉඳලා ඇතුලට ගියාම එකේ ඉන්න එකා කියාපි පොඩ්ඩක් ඉන්න පහන තියලා එන්නම් කියලා..... මූ මල් තියලා පහන පත්තු කරලා හදුන්කූරු 2ක් අරගෙන බොතල් වලට දුම් ඇල්ලුවා. අඩන්නද හිනා වෙන්නද කියලා හිතාගන්න බැරුව ගියපු එකයි මමයි මූණට මූණ බලාගත්තා.

අපේ මිනිස්සු සුභ දෙයක් පටන් ගන්නකොට ආගම දහමට මුල් තැන දෙන එක ඇත්තටම හොඳ දෙයක්. හැබැයි ඒ මුල් තැන දෙන එක කොතරම් දුරට දැනුවත් වීමකින් කරනවද කියන එක ඇත්තටම මට ප්‍රශ්නයක් උනේ එදා. කරන්නම් වාලේ කරන දේවල් දිහා දැක්කම පවු කියලත් හිතෙනවා. කන්න ගියාම කබරයත් තලගොයා වෙනවා කියලා කතාවට කිවුවට දැන හෝ නොදැන හරි මෙහෙම දේවල් කරන එක තමන්ගේ ආගමටත් අගෞරවයක් නෙමෙයිද!





මම අදුරන එකෙක් ඉන්නවා ඌ සිරාම බඩු කාරයා..... කෙල්ලෙක් හම්බවුනොත් ඒකි ඉවරයි. බැදපු ගෑනියෙක් උනත් එච්චරයි. මූ කවදාවත් ඌ වැරදි කියලා පිලිගන්නෙත් නෑ. ඌ කියන්නේ " මගෙ හිත දන්නවා මම වැරදි නෑ කියල" විතරයි. මෙහෙම උන්ගේ මානසික මට්ටම මොන වගේද කියල මට තෙරෙන්නේ නෑ, අඩු ගානේ දැන දැන කරන වැරැද්ද වැරැද්ද කියල පිළිනොගෙන ඒක සාදාරණී කරනය කරන්න යන්නේ තමන්ට වැරැද්ද වැරැද්ද විදියට වත් දකින්න කොන්ද පණ නැති නිසාද නැත්තම් වැරැද්ද හිතට හොරෙන් කරන්නද කියලා හිතා ගන්න බෑ.

ආගම සිහි කරලා සත්තු මැරුවත් මැරෙන සතා ආතල් එකේ මැරෙන්නේ නෑනෙ.... කොහොම මැරුනත් වේදනාවෙන් මැරෙන එකා ව මරන්න ඇයි මෙහෙම බොරු කරන්නේ. ගිහින් ක්‍රිස්පි චිකන් කන ඇන්ටිලා සත්ත්ව හිංසනයට විරුද්ධව කොච්චර කතා කරනවද! මාසෙකට කුකුල්ලු 3ක් 4ක් කන අපේ අය කුකුලෙක් මරණවා දැක්කොත් "අනේ පවු" කියනවා.... ඇයි යකෝ මෙච්චර කල් කාපු උන් මැරුනේ උන්ගේ කැමැත්තෙන් ද!

බඩු ගහන්නෙ මිනිස්සුම නම් බඩුවක් කියලා ගෑනියෙක් හංවඩු ගහනකොට බඩු ගහන උන්ට මොනවද කියන්නේ??? ඇයි උන් කරන්නෙ සමාජ සෙවයක් ද! මේක මිනිස්සුන්ගේ වැරැද්ද ද නැත්තම් මෙහෙම හිතන අපේ වැරැද්ද ද?





12 comments:

  1. මගේ හිතත් දන්නවා බං මම වැරදි නැහැ කියලා.. හැක් හැක්.. බුදු සරණයි හැංගිල වෙඩි තියන එකාට...

    ReplyDelete
  2. මචං උන්ට කියනනේ බඩුකාරයා කියලනේ. ඇ බං දැන් බාර් අරන්නේ දවල් 11ට නේද? උදේ පාන්දර කොහෙද මලේ බාර් අරින්නේ අනේ අපටත් කියාන්කෝ ඒක.

    ReplyDelete
  3. ඕවා කරන්නෙ නැති උන්ට මැජික්. කරන එකාට සමාන්‍ය දේවල්. බඩු ගැහුවට කමක් නෑ. බඩුවලට, කාන්තාවන්ට අපහාස උපහාස නොකර. බොන එකත් එහෙම තමයි. චොර වෙන්නේ නැතිව කරනවනම් ඕන දෙයක අවුලක් නෑ..

    ReplyDelete
  4. බුදු හාමුදුරුවෝ කරන්න එපා කියලා කරපු වෙළඳාම් ‍පහෙන් එකක් මත්පැන් වෙළඳාම :( පෝස්ට් එකත් එක්ක එකඟ යි. ඒත් වැදගත් ම කොටසක් මග ඇරිලා. //ලඟදි දවසක බාර් එකක් අරිනකන් ඒක ඉස්සරහ බලන් ඉන්න උනා. // කෝ මේකට හේතුව කියලා නෑනේ :P

    ReplyDelete
  5. හිමිදිරි පාන්දර කොහෙද බං බාර් අරින්නේ.. බඩු ගහන බඩු කාරයෝම තමයි බඩු වලට බනින්නෙත්..

    ReplyDelete
  6. බාර් එකක්ද වයින් ස්ටෝස් එකක්ද

    ReplyDelete
  7. ඔය කියපු කෙනාගෙ මානසික මට්ටම හරියට දැනගත්තෑකි කවුරුහරි එයාගේ වයිෆ් වෙන කවුරුහරි මිනිහෙක් එක්ක හිටියා කියල කියපු දවසට... බාර් තියා ඉතිං මීනි පෙට්ටි විකුණන තැනත් උදේ පාන්දර මල් පහන් පත්තු කරනවනෙ... හි හි.. බිස්නස් සරු වෙන්න කියලා කතරගමට බාරහාර වෙන සමහර අයගේ බිස්නස් ජාති ගැන ටිකක් හොයලා බැලුවොත් හිනා යනව...

    ReplyDelete
  8. වචනයක් ගානේ ඇත්ත කියලා තමයි කියන්න තියෙන්නේ. අපි ගොඩක් දේවල් කරනවට කරනවා මිසක් තේරුමක් නැහැ

    ReplyDelete
  9. අනේ මන්දා බන්.. මාත් ඉන්නේ පොඩි පොඩි බිස්නස් ටිකක් පටන් ගන්න...

    ReplyDelete
  10. බාර් එක අරින්නෙත් මම.....වහන්නෙත් මම... පලවෙනි එකා ගන්නෙත් මම....අන්තිම එකා එලවගන්නෙත් මම (මේක තමයි අමාරුම වැඩේ) ඔය හෝටල්වලට සම්බන්ධ කාලේ.

    අපිත් ඉතින් අන්තිමයෝ වෙලා තියෙනවා පිට බාර්වල බොන්න ගියාම.

    ReplyDelete
  11. මෙහෙමනේ බං අපේ උන් හිතාගෙන ඉන්නේ ගොඩක් පව් කරලා ටිකක් පින් කරපුවහම අර ඔක්කොම පව් ටික කැපිලා යනවා කියලා. ගනුදෙනු න්‍යාය තමයි එතන තියෙන්නේ..

    ReplyDelete
  12. උබ කියන කතාව හරි මචන් එත් අපිත් අඩු වැඩි වශයන් ඔය කියන වැටෙනවා නේද මචං
    උබ කියන ඇස් පෙන් නැති ජීවිතය

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.