Pages

Tuesday, February 5, 2013

වෙන්ඩ සුපර් මෑන් අයියා වෙත...

සුපර් මැන් අයියේ, ඔයාගේ නම කියනකොටම ගමේ ගොඩේ කොල්ලෝ කුරුට්ටෝ ඕනේ එකෙක් දන්නවා නෙ ඔයා මොන වගේ සුපර් බුලට් එකක් ද කියලා.... සුපර් මැන් කිවුවම හැමෝම ඔයාව දන්නවා උනාට ඔයාගේ ඇත්ත නමින් ඔයාව දන්න අයත් ඕනේ තරම් ඉන්නවා... මම සදාචාර සම්පන්න නිසා ඔයාගේ නම නොකියා ඉන්නම්... එත් නොකියා බැරි ටිකක් තියන හින්දා තමයි මෙක ලියන්නේ..



පුන්චි කාලේ සුපර් මැන්ලා, බැට් මැන්ලා, ස්පයිඩර් මැන්ලට ආස කරපු මට ටිකක් ලොකු වෙනකොට තේරුන එකම දේ උන් කාඩ්බෝඩ් වීරයෝ කියන එක විතරයි... රොකට් එක වගේ උඩින් යනකොට, කාර් වෑන් උස්සන් උඩින් යනකොට, මකුලු දැල් විදිනකොට, බිල්ඩින් දිගේ බඩගානකොට මම ඒවා දිහා බලන් හිටියේ කටත් ඇරගෙන.. ඒත් ලොකු වෙනකොට දිගට තිබුන කන් දෙක කොට වෙලා තවදුරටත් හාවො නෙමෙයි වයසට ආපුවහම තමයි තෙරුනේ ඒ හැම දෙයක් ම අමූලික බොරුවක් කියන එක.. මොන දේ උනත් ඒ කාඩ්බොඩ් වීරයන්ට මම තාමත් ආදරෙයි... ඒ කාඩ්බොඩ් උනත් ඒයාලගෙ සාරාංශය කවදාවත් වෙනස් උනේ නැති නිසා. ඒ අයගෙන් මම වැඩියෙන්ම ආදරේ කලේ සුපර් මෑන් ට.... හේතුව නම් මතක නෑ ඒත් මම දන්නෙ එච්චරයි... සුපර් මෑන් වෙන්න ආසාවට තුවායක් බෙල්ලෙ ගැටගහන් කී පාරක් ගේ වටේ දුවලා ඇත්ද මම... හැබැයි මම කලිසමට උඩින් යට ඇඳුම අදින්න තරම් මොඩ උනේ නම් නෑ...

ඔහොම කාලය ගෙවිලා ගිහින් මම බ්ලොග් වලට සෙට් උනා.... ලියන්න ගත්තෙ පස්සෙ උනාට කියවන්න පටන් අරන් ගොඩක් කල්. ඔහොම කියව කියව ඉද්දි තමයි බ්ලොග් ලොකයේ මම ආසා කරන සුපර් මෑන් ලා, ස්පයිඩර් මෑන්ලා හම්බවුනේ. ඇස් දෙකෙන් දැකලා නැති උනාට පොඩි කාලේ  ටීවී එකේ දැක්ක ඒ වීරයන්ට වගේ මමත් ඔයාලට ආසා කලා, ආදරේ කලා.... ඒ කියවපු දේවල් වලින් ඔයාලා ගැන රියන් ගානක් උස ආකල්පයක් මගේ හිතේ තිබුනා... මමත් ඒ වගේ වෙන්න උත්සාහ කලා. ඒත් ඒ වීරයොත් අර වගේම කාඩ්බොඩ් වීරයො කියලා මට දැන් හිතෙනවා.. ඒ ඔයා හින්දා වෙන්ඩ සුපර් මෑන් අයියේ.



ඔයා දුන්නේ පොර ටොක්ස් ය, පොර ටොක්ස් වලට වඩා නැව් ටොක්ස් ය..... මම ඒ කාලේ හිතන් හිටියේ ඔයා පොර කියාය. ඔයා තරම් උන් නෑ කියාය.. නැව් ටොක්ස් දුන්න ඔයා මූදු වෙරළක් වත් දැකලා නැති බව මම දැනගත්තේ මේ ලඟදිය... යට කලිසම උඩට ඇන්දේ ඇඩ් එකට කියා සිතුවද එයත් වැරදිය... ඒ ඇඩ් එකට නොව යට කලිසමෙන් පරිස්සම් කරන්න දෙයක් නැති නිසා බව මට තෙරුනේ මේ ලඟදිය. මම පොරක් කියා සිතු වෙන්ඩ සුපර් මෑන් අයියට වඩා තත්වයක මම සිටින බව මටම වැටහුන විට මට මාර හැපිය... සාමන්‍ය ජීවිතයේදී සුපර් මෑන් ගේ ඇඳුමට ඇතුලෙන් ඇඳන් සිටියේ එස් අකුර ගසා ඇති ඒ සුපර් මෑන්ගේ නිල ඇඳුමය... ඔනේම වෙලාවක කොලරයෙන් අල්ලා දෙපැත්තට ඇද්ද විට පපුවෙන් මතු වූවෙ ඒ එස් අකුරය... ඒත් ඔයා එහෙම කරන කොට මට දැන් පේන්නේ තන පටයක් ය..

අද සිට සුපර් මෑන් ට මගේ ලොකයේ තැනක් නැත... අනිත් උන්ට නම් තියන තැන් එහෙම්මම ඇත.. මම සදාචාර සම්පන්නය, ආචාරශීලී ය.. ඒ නිසා හිතේ තියන ඒ හැම දෙයක්ම සභ්‍ය වාක්‍ය කන්ඩයකින් මෙසේ ප්‍රකාශ කරන්නෙමි...

වෙන්ඩ සුපර් මෑන් උන ඔයාගේ නිරුවත් මම දැක හමාරය... ඒකේ බලන්න දෙයක් නැති තරම් ය... එක්කෝ දෙන පොර ටොක්ස් නවත්තගෙන ගෙදරට වෙලා ගෙදර වැඩක් බලාගෙන ඉන්නෙ නම් එය වඩාත් උචිතය.. නැත්තම් ඔය කලිසම උඩින් ඇඳන් ඉන්න ජොකා ගලවා, කලිසම උනා දමා චීත්තයක් ඇඳගෙන ඊට උඩින් ජංගියක් ඇඳගැනීම් මැනවි...

මම බ්ලොග් ලොකයට අලුත් වෙමි... එහෙත් බ්ලොග් ලියන සියල්ලන්ටම ආදරේ කරමි... ඒ ආදරය නිසාම ප්‍රකාශ කරන වග නම් උඩ එකා මෙන් උබලා එකෙක් වත් ඒ වගේ ගුජුප්සාජනක තත්වයකට නොවැටේවා යන්නය...


ප.ලි.

පුද්ගලික කොන්තර වලට බ්ලොග් භාවිතා කිරීම සදාචාර සම්පන්න නොවන වග දනිමි, එහෙත් අකමැත්තෙන් වුවද එසේ කිරීමට සිදුවිය...

25 comments:

  1. මේ මුකක්ද බොල? තේරුණේ නැතිද මන්දා.. :/

    ReplyDelete
    Replies
    1. මුකක් වගේ ද පේන්නේ?

      Delete
    2. අනේ මන්දා, සිරාවට තේරුණේ නෑ , ක්මේන්ට් දැක්කාම නම් පේනවා කාට හරි දෙහි කපලා කියලා.. :O

      Delete
  2. කාටහරි බැනලා කියලනං තේරුනා කාටද කියලා තේරුන්නෑ...

    ReplyDelete
    Replies
    1. නම කියන එක සදාචාර සම්පන්න නෑනෙ බං

      Delete
  3. අහ්.. කේස් එකක් වගේ..

    ReplyDelete
  4. අම්මා ගහන්නේ ස්ටම්ස් වලින්ය...

    මොකද යකෝ උනේ?

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. මලයාගේ කේන්තිය සාධාරණයි... මට පොඩි අනුමානයක් ආවා ඔබ මේ ලියන්න ඇත්තේ කවරෙක් කුමක් අරබයා කළ දෙයක් නිසාවෙන්දැයි.. එහෙත් එය අනුමානයක් පමණි..මා හිතන්නේ මේ ඊයේ පෙරේදා බ්ලොගකින් වූ චිත්ත වැඩක් පිළිබඳවයි..ඔබ මේ කියන්න යන්නේ...

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ නලින් අය්යේ... මේ හෙන පොරක් වගේ ඉන්න එකෙක් ගේ ඇත්ත ස්වරූපය

      Delete
  6. අනේ බං මට ගෙට්‍ටුවේදී හමු උන අහිංසක ..කුජීත හොර වෙඩ්ඩාද මේ..??

    කාටද බං බනින්නේ...මොකක්ද කේෂ් එක නොවලහා කිව..!

    ReplyDelete
    Replies
    1. අහිංසක? මට උබට ආදරේ හිතුන බං මෙහෙම කියද්දි...

      Delete
  7. කිව්ව දේ පැහැදිලි එත් කියන්නේ කාටද කියලා හරියට පැහැදිලි නැහැ කොහොම වෙතත් මම හිතනවා නලින් අය්යා හිතන කෙනාට නෙමෙයි කියලා...

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ මේ එදා ගෙට්ටුවට නාව කෙනෙක් ගැන කියලයි...

      Delete
    2. නෑ නෑ ආපු එකෙක් ම තමයි

      Delete
  8. ම් හු තේරුන්නැ

    ReplyDelete
  9. ඌට තවත් පබ්ලිසිටි දෙන්න ඕන නෑ බන්

    ReplyDelete
  10. මක්කෙයි බන් උනේ ......

    ReplyDelete
  11. කියල තියෙන දේ හරවත්ව කියල තියෙනවා ඒත් කියල තියෙන්නේ කාටද කියල තේරුනේ නැහැ.

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.