Pages

Tuesday, December 11, 2012

මායම්කාරී....



මතකය මුල් දවස ඔබ මගේ නෙත ගැටුන

                                           තවත් එක් කෙල්ලෙක්ය එදවස නුබ මෙමා හට

සිනහවට, බලන හොර බැල්මට ඇඳුනත් මගේ සිත

                                           තාවකාලික් විය සියලු හැඟුමන් ඇස ගැටුන නිමේශයකට



හැඩය නුඹ ඇත්තටම ඒ නිසයි බැලුවෙ මම

                                           කැත සිතින් නෙමේ ඒ පිරිසිදු චේතනාවෙන් ය

මතුවිනි අහිංසක ආශාවක් මගේ පෘතක්ජන සිත වෙතට

                                           ඔබ මගේ කරගන්න තුරුලේ හොවාගන්න




විමසීමි ඔබේ වත හෙන ගැසිනි එසැනින්ම

                                          පුදා ඇත ඔබේ සිත වෙනත් එක කොල්ලෙකුට

ලංවෙන්න හැදුවමුත් මිතුරෙකු විලස ඔබ වෙතට

                                          ආඩම්බරකාර විය ඔබ අහක බලාගෙන යන්න


ඔය ගණන් බල බලා තවත් බෑ ලතවෙන්න

                                          ආයෙමත්  එන්නෙ නෑ ඔබට ඇනයක් වෙන්න

ගණන් බැස්සාට පසු යමක් තෙපලා යන්න

                                          පැමිණියත් නැතත් ඒ දවස ඉන්නවා මම බලාගෙන


6 comments:

  1. හරි අපූරු වෙනස්ම විදියකට ලියවුනු පද පේලියක්නෙ යාළු...

    ReplyDelete
  2. ආදරේ හිතුන කෙල්ලෙක්ට කවදාවත් හොද යාලුවෙක් වෙන්න බෑ බන්...ඒක ප්‍රායෝගික නෑ... මම මේ කිව්වෙ පද පෙලෙන් කියවෙන දේට...

    දිගටම ලියපන්... වෙනස් වෙනස් දේවල්...

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත බං, එත් මිදි තිත්තයි නොකිය මිදි කොලයකින් වත් සැනසෙන්න පුලුවන්නම් ඒක හොඳයි නෙ

      Delete
  3. අපූරු ලියවිල්ලක් :)

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.