Pages

Sunday, October 7, 2012

තනි ඇහැට ඇඬුනා.....

මෙදා පාරවත් ගොඩ යයි නෙ කියලා ආසාවෙන බලන්න පටන් අරන් ටික වෙලාවක් ගියාම බුදු ආතල්... මූන්ට 100 වත් ගහගන්න බැරි වෙයිනෙ කියලා මාර සතුටකින් මැච් එක බල බල හිටියෙ. ඒත් කොහොම හරි අන්තිම වෙනකොට නෙලන්න පටන් ගත්තෙ නැද්ද මුං... 138..... දැන් ගහපියකො කියල හිතාගෙන අපෙ උන් ගහනකන් බලන් හිටියා... 138 කියන්න එච්චරටම අමාරු ගානකුත් නෙමෙයි නෙ... ඒත් වැඩි වෙලා යන්න කලින්ම් පරණ කෙන්දරේම ආයෙත් පාරක් කැරකෙන්න හදන්නෙ කියල තෙරුනා... මේ පාරත් ෆයිනල් එක පරාදයි...... මොනවා කරන්නද? ක්‍රිකට් නෙ... ජය පැරදුම දෙක කාටත් පොදුයි නෙ... කෙනෙක් දිනන්න තව කෙනෙක් පැරදෙන්නම ඔනේ... ඒකනෙ තරගයක ස්වභාවය...



හිතට නම් ඇත්තටම දුකයි... මොනවා උනත් අපේ ටීම් එක සෙකන්ඩ් වෙලා වෙන ටීම් එකක් කප් එක උස්සනකොට, ඒකත් අපේ රටෙදිම? දුක හිතෙන්නෙ නැති කිසිම කෙනෙක් නැතුව ඇති... මිලියන 21 ක බලාපොරොත්තු පැයක් දෙකක් ඇතුලට බිඳිලා කුඩුවෙලා අලු වෙලා ගියා... අපිට වගේම ඒ රටවල මිනිස්සුන්ටත් එහෙම බලාපොරොත්තු තියනවනෙ... අපි පරාජය ගැන දුක් වෙද්දි එයාලා ජයග්‍රහනය ගැන සතුටු වෙනවා ඇති... පුදුමයි නෙ? මිනිස්සුන්ගෙ තියන ප්‍රශ්න ඔක්කොම පැත්තකට දාලා එකම දෙයක් වෙනුවෙන් කට ඇරන් බලන් ඉන්න එක... මේ මිනිස්සුන්ගෙ ඒ තාවකාලික බලාපොරොත්තු සියල්ලම පැටවෙන්නෙ 11 දෙනෙක්ගෙ කරපිට... ඒ අතින් මෙ 11 දෙනාට කොච්චර දෙයක් කරන්න පුලුවන්ද? ජාති වාද, ආගම් වාද දවසකට හරි නවත්තන්න පුලුවන් බලයක් තියනව කියන්නෙ කොච්චර දෙයක් ද?

කොහොම කොහොම හරි මැච් එක පරාදයි... හැබැයි හොඳම හරිය එන්නෙ හෙට. ඒ කට්ටියගෙ විවේචන, යොජනා, චොදනා එලියට එනකොට...



ඔන්න හෙට අපෙ අය පටන් ගනී මුන් මැච් එක වික්කා, අරු පගාව ගහල මැච් එක දුන්නා, එක එක නා නා ප්‍රකාර කතා ගොඩයි...

අපෙ අයට මැච් එකක් දින්නත් වැරදියි නොදින්නත් වැරදී. සෙමියෙදි දිල්ශාන බොල කකා හිටිය කියල බැන්න උන් අඩ දිල්ශාන උදෙ පාන්දරම අවුට් උනා කියල බණිනවා... මාලිංග එක පිට එක විකට් ගද්දි මල් තිය තිය වැන්ද උන අඩ ඌ මැච් එක දුන්න කියලා බණිනවා.. හැම වෙලෙම එකම විදියට වැඩ කරන්න දෙවියොන්ටත් බැරි එකේ ලෙ මස් ඇටකටු වලින් හැදිච්ච මිනිස්සු වෙන එයාල හැම දාම එකම සෙල්ලම් දාන්නෙ කොහොමද? හැමදාම අවුරුදුත් නෑ හැමදාම නත්තල් ත් නෑ.... මේක තාම අපෙ මිනිස්සුන්ට තෙරෙන්නෙ නෑ... ක්‍රිකට් කියන්නෙ තරඟයක්... ජය පැරදුම හැමෝටම පොදුයි...



හැමදාම ෆයිනල් ඇවිත් හැමදාම ෆයිනල් එකේ පරාද වෙනකොට නම් ඉතින් පොඩ්ඩක් මල තමයි.... ඒත් ඉතින් මොනවා කරන්නද? අඩුගානෙ ෆයිනල් වලට තෙරුනා කියලවත් සතුටු වෙනවා මිසක්... එක අතකින් දක්ශ ටීම් ගොඩකින් තෙරිලා තෙරිලා ෆයිනල් එනවා කියන එකත් ලේසි වැඩක් නෙමෙයි නෙ...

හැබැයි ඉතින් ටීවි එකක් හරි පිට්ටනියට හරි ගිහින් වැරදි හොය හොය බණින අපෙ උන්ට කියන්න තියෙන්නෙ පුලුවන්නම් ඔය 2කටම නැති කටවල් පැත්තකින් තියල පුලුවන්නම් ගිහින් මැච් එකක් ගහල පෙන්නපන් කියල තමයි.... මොකද පුටුවක ඉදගෙන බලන තරම් ගහන එක ලේසි නෑ.... පැරදුනාට කමක් නෑ, ඒත් අන්තිම වෙනකම් මැච් එක ගොඩදාන්න හදපු උත්සාහයට වත් අගය කිරීමක් කරන්නෙ කීයෙන් කී දෙනාද? අනික අපි දකිනවට වඩා දෙයක් ඔතන තියනවා... පොඩ්ඩක් හිතල බලන්න මැච් එක පැරදුනාම ටීම් එකෙ උන්ගෙ මානසිකත්වය කොච්චර පහලට වැටෙනවා ඇතිද? මොකද හැමෝම ඇඟිල්ල දික් කරන්නෙ එයාලට කියල එයලා දන්නවනේ ( ඒ අතින් ඉන්දියාව තරම් නම් අපි පහලට වැටිල නෑ )







මොනවා උනත් අපේ ටීම් එකෙ කොල්ලො ටික කරන්න පුලුවන් උපරිමය කලා..... කප් එක ගත්තෙ නැති උනාට අපෙ කොල්ලො ටික අපිට වටිනවා... මේ හැම මොහොතක් වෙනුවෙන්ම අවුරුදු ගානක් තිස්සෙ කල පුහුණුවීම් වලට, අවසාන බෝලෙ වෙනකම් ම හෙලපු හැම දාඩිය බිංදුවකටම රටක් හැටියට අපි උඹලට ණයගැතී... ජයෙන් ජය වෙන්න ඔනෙ උඹලා හැමෝටම..

අපටත් දවසක හඳ පායනකම් ඉවසලා ඉමු... එදාට අපි ජයග්‍රහනය සමරමු... මොකද සිංහයො කවදාවත් පරාජය බාරගෙන පැනලා යන්නෙ නෑ...

ලබන සැරෙ අපි දෙනවා බැටෙ...



13 comments:

  1. මැච් ගැන හදාරමින් සිටිමි :)

    ReplyDelete
    Replies
    1. ඊලග අවුරුද්දට කලින් හදාරල ඉවර කරගන්න..

      Delete
  2. ලබන සැරේ අපි දෙනවා බැටේ..ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ලබන සැරේ කියන්නෙ ඊලඟ අවුරුද්දෙ හරිද?

      Delete
    2. ඊළඟ අවුරුද්දේ වේවා,, එහෙම නැත්නම් කවදා හරි.. බලාපොරොත්තු අත්නොහරින්න කියනවානේ.. ;)

      Delete
  3. බලන් ඉන්න අපිට කියන්න ලේසි.. සෙල්ලන් කරන උන් තමයි ඒකේ අමාරුව දන්නේ.. අපේ උන් කවදත් හොදයි.. ලබන සැරේ අපි අනිවා දිනනවා..

    ReplyDelete
    Replies
    1. ඔක අපෙ ගොඩක් අයට තෙරෙන්නෙ නැති එකනෙ අවුල...

      Delete
  4. ඕනෙ කෙනෙක්ට හැමදාම සාර්ථක වෙන්න බෑනේ. ඕව ඔහොම තමයි අනේ. හැබැයි ඉතිං හිතට දුකයි. නෙව්ස් වලට කියනවා ඇහුන මැච් එක පැරදුනු වේදනාවට ප්‍රේක්ෂකයෙක් ගෙල වැලලාගෙන කියල.

    ReplyDelete
    Replies
    1. එකෙක් නෙමේ දෙන්නෙක්.... තව ගෑනු කෙනෙක් හාට් ඇටෑක් එකක් වෙලා මැරිලලු...

      Delete
  5. ලබන සැරෙ අපි දෙමුකො බැටෙ...... ජය

    ReplyDelete
  6. අපේ එවුං අපට හොදා...
    සිරාවටම...

    ReplyDelete
    Replies
    1. ගහනකන් හොඳ වෙලා විතරක් වැඩක් නෑනෙ...

      Delete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.