Pages

Saturday, October 20, 2012

දැන පරක්කු වැඩී....





මිනිසුන් ගැන තෙරුම් ගන්න පොඩි වැඩී නුඹ
නොතෙරුනු කමට කල සුලු වැරැද්දට
සිදුවිනි ජීවිතයෙන් වන්දි ගෙවන්නට......

මිනිසුන් කුහකය, අවස්තාවාදීය.....
සොඳුරු ලෙස පෙනුනු ලොකය එසේ නොවන වග තෙරුම් යන විට
ප්‍රමාදය නුඹ වැරදි නිවැරදි කර ගන්න

ගොඩ නඟා ගත් හැම දේම කඩාවැටෙන විට
දෑස් ඉදිරි පිට දරාගත නොහැකි ලෙස....
මරණය විසඳුම කරගෙන ඔබ ගියා යලි නො එන්නට...






වැරැද්ද කොතැනද කාගේද? ඒක ඇත්තටම ප්‍රශ්නයක්... ඒත් හැමෝටම දුක ප්‍රකාශ කරන්න මතක් වෙන්නෙ වෙන්න පුලුවන් දේවල් වෙලා ඉවර උනාට පස්සෙ... එක එක රටවල සමාජ එක එක විදිය උනාට 6, 4 නොතෙරෙන පොඩි උන්ට වයසට වඩා ලොකු වැඩ කරන්න ගියාම අන්තිමට වෙන්නෙ මේ දෙ තමයි.... එක අතකින් කැනඩාවෙ වයස අවුරුදු 15 කියන්නෙ ගොඩක් දෙවල් වෙලා ඉවර වෙන වයසක්.... ඒකට පොඩි උන්ට බැනල වැඩකුත් නෑ සමාජයට බැනල වැඩකුත් නෑ.....

හැබැයි ජීවිතෙ නැති කරගන්න තරමට අසරණ වෙන්න කොච්චර මානසිකව වැටෙන්න ඔනෙද? එදා මූනට හිනාඋන අය, විහිලු කරපු අය, කොන් කරපු අය දැන් දුක්වෙනවා ඇති තමන් කරපු දෙවල් ගැන හිතලා.. ඒත් මිනිස්සුන්ගෙ දුර්වල තැන හොය හොය පහර දෙනකොට ඒ දේවල් වල ආදීනව හිතන්න ඔනේ කරන්න කලින්....

කට්ටිය හැමොම R.I.P. කිවුවට මෙ කෙල්ලට කවදාවත් නිදහසක් හම්බවෙන එකක් නම් නෑ.....


එන ආත්මයක වත් මේ වගේ ගොන් කමක් කරන්න එපා නංගියේ.... පොඩි කමට පැහෙන්න යන අපේ උන්ටත් මේවා හොඳ පාඩම්. මේ ලොකේ හිතන තරම් සොඳුරුත් නෑ මිනිස්සු පේන තරම සුන්දරත් නෑ, මවල පෙන්නන හීන මාලිඟා වල පැවැත්ම ගැන විශ්වාස කරන්නත් බෑ.... මේක තෙරුම් ගත්ත දවසට යන්තම් කරදරයක් නැතුව ජීවත් වෙන්න පුලුවන් වෙයි....



11 comments:

  1. අමන්දගේ කතාව මම බැළුවේ ටික දවසකට කලින්.. හ්ම්ම්.. මොනා ලියන්නද හිතා ගන්න බෑ..

    ReplyDelete
  2. හරිම සංවේදියි

    ReplyDelete
    Replies
    1. මෙහෙම ඒවා කොච්චර වෙනව ඇතිද?

      Delete
  3. Replies
    1. ඔව් බං... ඒත් මොනවා කියල කරන්නද?

      Delete
  4. හ්ම්... ඇත්තටම නිකන් අවුල් වගේ

    ReplyDelete
  5. හිත සෑහෙන අවුල් යන කතාවක්..

    ReplyDelete
  6. ගොඩක් සංවේදී

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.