Pages

Thursday, October 25, 2012

රතු කහ කොල සහ සුදු ඉරි...

උදේ පාන්දරම කුකුලත් අතින් අරගෙන රාලහමි පොලිස් බයික් එකට නැඟලා රාජකාරී වාර්තා කරන්න ඔනේ හංදියට යනවලු.... ඊට පස්සෙ බයික් එකත් කොහෙ හරි මුල්ලක නවත්තලා විසිල් එකත් කටේ ගහගෙන හන්දිය මැදින් හිටගන්නවලු. මෙච්චර වෙලා හොඳට තදබදයක් නැතුව තිබුන පාරෙ වාහන හසුරවන්න ගන්නවලු.. විනාඩි 2ක් යන්න කලින් කිලොමීටර් 2ක 3ක පොලිමක් හැදිලා ඉවරයි ලු.... වාහන වැඩි ප්‍රමානයක් ගමන් කරන පාර වැඩි වෙලාවක් නවත්තගෙන වාහන අඩු පාරෙ වාහන වලට යන්න ඉඩ හදලා දෙනවලු.... හැම තැනම වෙන්නේ මේ කතාවමලු.....




දැන් නම් මේ මගුල හොඳටම ඇති වෙලා තියෙන්නෙ. ඒත් විඳවනවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑනෙ... ඇත්තටම වෙලාවකට මේ යක්කුන්ට මොලේ කියන දෙයක් ඇත්තෙම නැද්ද කියල හිතෙනවා....
ඔනෙ පොඩි එකෙක්ට තෙරෙනවා මේ කරන්නෙ මෝඩ වැඩක් කියල. අච්චර හොඳ ට්‍රැෆික් සිග්නල් එකක් තියෙද්දි මුන් ඒක off කරගෙන මේ කරන විකාරෙ මොකක්ද?





ලංකාවෙ ට්‍රැෆික් පොලිසියේ මූලික පුහුණුකිරීම් වලදි අනිවාර්ය විශයක් විදියට එයාලට උගන්නන්නෙ ට්‍රැෆික් මැවීම කියන එක ද කොහෙද... හදපු දවසෙ ඉඳන් ට්‍රැෆික් කියන නාමයක් තිබුනේ නැති හංදියක උනත් ට්‍රැෆික් පොලිසියේ රාලහමි කෙනෙක් හිටගන්න පරක්කුවෙන් පැය ගානක පෝලිමක් හැදිල ඉවරයි. එච්චරටම එයාලා ට්‍රැෆික් හදන්න දක්ශයි....

ට්‍රැෆික් ලයිට් නැති තැන කමක් නෑ කියමුකො, ඒත් කොලඹ උදෙටයි හවසටයි ට්‍රැෆික් ලයිට් off කරගෙන මුන් කරන විකාර වලට ඇත්තටම උදෙට මල පනිනවා... කෝටි ගණන් ගෙවලා, මාස ගණන් සමීක්ශන කරලා ඒ ඒ වෙලාවල් වලට වෙනස් වෙන්න හදල තියන මේවා off කරලා විසිල් ගගහා වාහන හසුරවන්න රාලහමිලා දාන්නේ මොන මගුලකටද?

මේවත් හරියට 100ට යන්න හදනවා වගේ වැඩ තමයි... අපිට තියෙන්නෙ කටයි #@$#@ වහගෙන වෙන දේ බලන් ඉන්න තමයි... රටේ අස්සක් මුල්ලක් ගානේ කාපට් පාරවල් හදන එකේ කොලඹ ට්‍රැෆික් එකත් අඩු කරන්න මොකක් හරි කරන්න බැරිද මන්දා...



8 comments:

  1. හී හී.හොඳටම තරහ ගොහින් වගේ :D

    ReplyDelete
    Replies
    1. පැය 1 බාගයක් ට්‍රැෆික් එකට අහු උනාම තරහ යන්නෙ නැද්ද?

      Delete
  2. ට්‍රැෆික් අංකල්ලා ගැන වෙලාවකට හෙන දුකක් එනවා අප්පා..ඒ මිනිස්සු මාර දුකක් විඳින්නේ අව්වට පිච්චි පිච්චි..

    ReplyDelete
  3. උඹෙ කතාව නම් පිළිගන්න අමාරුයි මචෝ. ට්‍රැපික් කොපාලා පාරට එන්නෙ කොහොමත් බ්ලොක් වෙන වෙලාවල් වලට නෙ. ඒ නිසයි එහෙම පේන්නෙ. උන් හිටියෙ නැත්තන ඒ වෙලාවට එතන ඊටත් වඩා ලොකු බ්ලොක් එකක්. ඔහොම කියන උඹම අහලා ඇති නේ තව අය බනිනවා හන්දියෙ පොලිස්කාරයො නැති නිසා බ්ලොක් උනා කියලා...

    ලයිට් කණු කතාවට නම් මාත් එකඟයි,,, හැබැයි වැරැද්ද ලයිට් කණු rush hour වලටයි නොර්මල් ටයිම් වලටයි කියලා දෙවිදියකට ප්‍රෝග්‍රෑම් නොකරන එකයි. ඒකයි rush hour වලදි අරුන් විසිල් ගගහ දඟලන්නෙ....

    ඒත් මොන මගුල කරත් අද පාරෙ තියෙන වාහන රොත්ත දිහා බැලුවම නම් පාරක් පොඩ්ඩක්වත් බ්ලොක් නොවී තියා ගන්න පුලුවන් වෙයි කියලා මං නම් හිතන්නැ...

    ReplyDelete
    Replies
    1. ඒ උනාට බං ඉපදුන දවසෙ ඉඳලා යන එන අපේ හන්දියේ කොපෙක් ඉන්නකොටයි නැති වෙලාවටයි වෙනස අවුරුදු ගානක් තිස්සෙ දකිනවනෙ...

      Delete
  4. Replies
    1. අනේ මන්දා අපිටමයි වෙන්නෙ

      Delete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.