Pages

Wednesday, September 26, 2012

නුඹ කොහෙද.....?


           


                 මතකද ඒ දවස නුඹ මා දෙනෙත් හමුවුන,

                 හොරැහින් බලනා ඔබේ ඒ බැල්මට

                                                 නතුවුනා මම මටම නොදැනිම.........................

                 විවේකය ලද විගස දිව ආමි කැන්ටිමට

                                                 තත්පරයකට හෝ නුඹේ රුව දැකගන්න

                 මුල් දා මෙන් නොව,

                                                වෙනස්විනි නුඹ දිනෙන් දින

                 සිතාගනු බැරිව ඇයි දැයි
           
                                                ලතවුනා මම හැම නිමේශයකම........................



                 හැමදා මෙන් අදත් සෙව්වා හිමිදිරි උදෑසන

                 එනමුදු නුඹෙ රුව,

                                               ඇස නොම ගැටිණි සුපුරුදු ලෙස......................

                 දහවල් හා සවස නැවත විපරම් කලද මම

                 ඔබ සිටියෙ නැත පැමිණ,

                                               බිඳලමින් බලාපොරොත්තු සියල්ලම..............

                 තැවුල් මනසින් යුතුව පිටත් විමි ගෙදරට යන්න

                 ඊලඟ දවස හෝ ඔබ දැකගන්න

                                              බලාපොරොත්තු සිත් ඇතිව......................




ප.ලි. :- බොහොම අමාරුවෙන ගලපගත්තෙ වචන ටික... පලවෙනි උත්සාහයම අසාර්ථකද මන්දා.....!

22 comments:

  1. ඔය තියෙන්නෙ සුපිරියටම පළවෙනි උත්සහයම..
    බලාපොරොත්තුව ඉටුවෙන්න සුබ පැතුම්..!!!

    ReplyDelete
    Replies
    1. තැන්කියූ කිවුවා දිනේශ් අයියේ......

      Delete
  2. එල කිරි ඈ....
    බලාපොරොත්තු තමා බලාපොරොත්තු...

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තු නම් කාටද නැත්තේ

      Delete
  3. hmm hituwatath wada hodin tiyenawa keep it up

    ReplyDelete
  4. එළකිරි මචන් ඇති සාර්ථකයි ජය වේවා

    ReplyDelete
  5. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. උත්සාහය සාර්තකයි සහෝ ... ජය වේවා

    ReplyDelete
    Replies
    1. උබත් අලුත් කෑල්ලක් අල්ලගත්තද එකට කාපු උන්ට කතා කරන්න? :පී

      Delete
  7. මට නම් මෙක කියවනකොට දැනුනෙ පලපුරුදු බවක් අපුරුයි ජය....

    ReplyDelete
    Replies
    1. පලපුරුදුයි කිවුවෙ මෙහෙම එකක් වෙලා තියනව ඇති නේද?

      Delete
  8. බලාපොරොත්තු ඉටුවේවා....!!

    ReplyDelete
    Replies
    1. ඒක සැබෑ වෙන පාටක් නම් නෑ වගේ...

      Delete
  9. හච්චෝ........................... ඊට පස්සේ???????සහ දැන්??

    ReplyDelete
  10. ඊට පස්සෙ ඒවා පස්සෙ කියන්නම්....

    ReplyDelete
  11. පළවෙනි උත්සහයම සාර්ථකයි මලේ.. ජය වේවා.. බලාපොරොත්තු ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.