Saturday, October 20, 2012
දැන පරක්කු වැඩී....
මිනිසුන් ගැන තෙරුම් ගන්න පොඩි වැඩී නුඹ
නොතෙරුනු කමට කල සුලු වැරැද්දට
සිදුවිනි ජීවිතයෙන් වන්දි ගෙවන්නට......
මිනිසුන් කුහකය, අවස්තාවාදීය.....
සොඳුරු ලෙස පෙනුනු ලොකය එසේ නොවන වග තෙරුම් යන විට
ප්‍රමාදය නුඹ වැරදි නිවැරදි කර ගන්න
ගොඩ නඟා ගත් හැම දේම කඩාවැටෙන විට
දෑස් ඉදිරි පිට දරාගත නොහැකි ලෙස....
මරණය විසඳුම කරගෙන ඔබ ගියා යලි නො එන්නට...
Sunday, October 7, 2012
තනි ඇහැට ඇඬුනා.....
මෙදා පාරවත් ගොඩ යයි නෙ කියලා ආසාවෙන බලන්න පටන් අරන් ටික වෙලාවක් ගියාම බුදු ආතල්... මූන්ට 100 වත් ගහගන්න බැරි වෙයිනෙ කියලා මාර සතුටකින් මැච් එක බල බල හිටියෙ. ඒත් කොහොම හරි අන්තිම වෙනකොට නෙලන්න පටන් ගත්තෙ නැද්ද මුං... 138..... දැන් ගහපියකො කියල හිතාගෙන අපෙ උන් ගහනකන් බලන් හිටියා... 138 කියන්න එච්චරටම අමාරු ගානකුත් නෙමෙයි නෙ... ඒත් වැඩි වෙලා යන්න කලින්ම් පරණ කෙන්දරේම ආයෙත් පාරක් කැරකෙන්න හදන්නෙ කියල තෙරුනා... මේ පාරත් ෆයිනල් එක පරාදයි...... මොනවා කරන්නද? ක්‍රිකට් නෙ... ජය පැරදුම දෙක කාටත් පොදුයි නෙ... කෙනෙක් දිනන්න තව කෙනෙක් පැරදෙන්නම ඔනේ... ඒකනෙ තරගයක ස්වභාවය...
හිතට නම් ඇත්තටම දුකයි... මොනවා උනත් අපේ ටීම් එක සෙකන්ඩ් වෙලා වෙන ටීම් එකක් කප් එක උස්සනකොට, ඒකත් අපේ රටෙදිම? දුක හිතෙන්නෙ නැති කිසිම කෙනෙක් නැතුව ඇති... මිලියන 21 ක බලාපොරොත්තු පැයක් දෙකක් ඇතුලට බිඳිලා කුඩුවෙලා අලු වෙලා ගියා... අපිට වගේම ඒ රටවල මිනිස්සුන්ටත් එහෙම බලාපොරොත්තු තියනවනෙ... අපි පරාජය ගැන දුක් වෙද්දි එයාලා ජයග්‍රහනය ගැන සතුටු වෙනවා ඇති... පුදුමයි නෙ? මිනිස්සුන්ගෙ තියන ප්‍රශ්න ඔක්කොම පැත්තකට දාලා එකම දෙයක් වෙනුවෙන් කට ඇරන් බලන් ඉන්න එක... මේ මිනිස්සුන්ගෙ ඒ තාවකාලික බලාපොරොත්තු සියල්ලම පැටවෙන්නෙ 11 දෙනෙක්ගෙ කරපිට... ඒ අතින් මෙ 11 දෙනාට කොච්චර දෙයක් කරන්න පුලුවන්ද? ජාති වාද, ආගම් වාද දවසකට හරි නවත්තන්න පුලුවන් බලයක් තියනව කියන්නෙ කොච්චර දෙයක් ද?
කොහොම කොහොම හරි මැච් එක පරාදයි... හැබැයි හොඳම හරිය එන්නෙ හෙට. ඒ කට්ටියගෙ විවේචන, යොජනා, චොදනා එලියට එනකොට...

Wednesday, October 3, 2012
නුඹ සහ අපි.....
මේ ලොකේ කොච්චර උත්සාහවන්ත, ධෛර්යවන්ත මිනිස්සු ඉන්නවද? මේ දේ අපි හැමොම දැනගෙන හිටියත් මතක් වෙන්නෙ හිතට වදින දෙයක් දැක්කට පස්සේ..... ඒ වෙලාවට අපි කොච්චර පවුකාරද කාලකන්නිද කියල අපිට හිතෙන වාර අනන්තයි... ( මටනම් ඇත්තටම එහෙම හිතුනා )
අද අටපට්ටම බල බල ඉන්නකොට කොහෙද මංදා දුශ්කර ඉස්කෝලෙක මේ පාර ශිෂ්වත්ව විභාගයෙන් සමත් උන ඒ ඉස්කෝලෙ එකම ලමයව පෙන්නුවා... ඒ තත්වෙට එන්න ඒ ලමයට තිබුන පහසුකම් මොනවද? ස්වභාවධර්මයෙන්ම මිනිසා කියන සතාට උරුමකරදීලා තියන දේවල් වලින් කීයක් ඒ ලමයට නැද්ද? හිතල බලන්න අත් දෙක නැති, එක පාදයක් නැති ඒ ලමයට මේ තත්වෙට එන්න තිබුන එකම හයිය තමන්ගෙ ආතම ශක්තියයි උත්සාහයයි නෙමෙයි ද? ඒ පොඩි කෙල්ල මුලු රටෙම ඉන්න අයට ආදර්ශයක්...
අතපය 4 හොඳට තියන අපිට ඔය 4න් එකක් නැති උනොත්? නිකමට වගේ හිතල බලන්න එහෙම උනොත් අපේ ජීවිත කොච්චර දුශ්කර වෙයිද? අපි එදිනෙදා කරන වැඩ වලින් කොච්චර ප්‍රමානයක් අපිට කරගන්න බැරි වෙයිද? ඒ උනාට කකුලක් විතරක් තියන මේ පුංචි කෙල්ල අතපය4 හොඳට තියන, ලංකාවෙ ලොකු ලොකු ඉස්කෝල වලට ගිහින් ශිෂ්වත්ව විභාගෙන් අසමත් උන ලමයින්ට වඩා කොච්චර ඉස්සරහින්ද ඉන්නෙ? සමහරු නම් කියයි පොඩි කාලේ ඉඳන් ම හුරු වෙලා නිසා ඒවා කරන්න වැඩි අමාරුවක් නෑ කියල.. ( අපෙ අයගෙ හැටි එහෙමනේ, කොච්චර අගය කරන්න පුලුවන් දෙයක් උනත් කොහොම හරි හෑල්ලු කරන්න නෙ අපෙ අය දඟලන්නෙ... ) කියන්න නම් ගොඩක් ලේසියි හැබැයි ඇත්ත තත්වෙ තෙරුම් ගන්න නම් කරල බලන්න ඔනෙ කියනවනෙ...
Saturday, September 29, 2012
ඇනෝ විවේචනයක් !
මමත් දැන් බ්ලොග් ලියන්න පටන් අරන් ටිකක් කල් වෙනවනේ, මම වටේ හිටපු යාලුවො 2,3න් දෙනෙක්ටත් බලෙන්ම වගේ ලෙඩේ බෝ කලා බ්ලොග් කියවපන් කියලා... ඔහොම බෝ කරපු එකෙක් මට අද හම්බවුනාම ඌ මට කියපු දේවල් ටිකක් ඔයාලටත් කියන්න හිතුනා.... මේ යාලුවා යමක් කමක් තෙරුම් ගන්න පුලුවන්, හොඳ මීටරයක් තියන එල බුලට් එකක්....
සෙට් උනාම කතා කරන බයිලා ටික ඉවර වෙලා මම නිකමට වගේ ඇහුවා "කොහොමද බ්ලොග් කියවන වැඩේ නැගලා යනවද? " කියලා.... ඌ කියපි "ඔවු බං තාම කියවනවා" කියල... මම ඇහුවා "සෙට් වෙනවා නේද වැඩේ" කියලා.... ඌ මට ඊට පස්සෙ දුන්නෙ හෙනම දාර්ශනික උත්තරයක්... දිරවගත්තෙත් බොහොම අමාරුවෙන්...
මෙන්න මේකයි කතාවෙ සාරාංශය...

Wednesday, September 26, 2012
නුඹ කොහෙද.....?
මතකද ඒ දවස නුඹ මා දෙනෙත් හමුවුන,
හොරැහින් බලනා ඔබේ ඒ බැල්මට
නතුවුනා මම මටම නොදැනිම.........................
විවේකය ලද විගස දිව ආමි කැන්ටිමට
තත්පරයකට හෝ නුඹේ රුව දැකගන්න
මුල් දා මෙන් නොව,
වෙනස්විනි නුඹ දිනෙන් දින
සිතාගනු බැරිව ඇයි දැයි
ලතවුනා මම හැම නිමේශයකම........................
Sunday, September 23, 2012
මාමයිට් කෑම හා ගා ගැනීම්...
ඔන්න ඉදල ඉදල ඉයේ පෙරේදා මගෙ හොඳ යාලුවෙක්ගේ ගෙවල් පැත්තේ ගිහින් එන්න ගියා... ගිහින් කයියක් දාගෙන ඉන්නකොට මූ කියපි මචන් මාර වැඩේනෙ මට උනේ කියලා... මූ #@$@ පාඨමාලාවක් හදාරලා ඒකේ tranning වලට හද්ද වන්නියක කෙලවරෙත් එහාම කොනේ තැනක තිබුන project එකකට දාල තිබුනේ. මාසෙට ගෙදර එන්න දෙන්නෙත් දවස් 4 ද කොහෙද... පැත්තෙ හොඳ කොහොමද කියනවනම් පත්තරයක් ඔනේ නම් දවස් 3 කට කලින් වත් කියන්න ඔනෙලු.... මූ නිවාඩු හම්බවෙලා ගෙදර ආවා කියපු හින්දයි මමත් ඒ පැත්තෙ ගොඩවෙලා එන්න ගියේ.... මූ නිවාඩු පැත්තකින් තියල එන්නම ඇවිත් කියලා දැනගත්තෙ එහෙ ගියාට පස්සේ....
මෙන්න මේකයි සිද්දිය.....
මෙන්න මේකයි සිද්දිය.....
Thursday, September 20, 2012
අපිට කොහෙද බැදපු මාලු.....
වැඩ වැටෙනකොට වැටෙන්නෙත් පෝලිමට ආයෙ යකා ගැහුවත් හෙලවෙන්න බැරි විදියට. සති 2, 3 කින් විතර පැත්ත පලාතේ එන්න බැරි උනේ ඒ නිසා තමයි. වෙනදට ට්ව් එකෙ යන කතා බලන්නෙ නැති මම මෙ දවස් ටිකේ නම් දිගටම තිබුන කතා බැලුවා. අනෙ හැබෑට මුන් හැම එකාම හදන කතා එකම පාරෙ දුවන බස් වගේ.... ඉන්න නලු නිලියොත් එකම අය, කොහෙන් ගියත් එකම කතාව....
කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු වෙලා ගෙදරට මාට්ටු වෙලා චොර වෙන එවයි, එකෙක් බූට් එකක් තියල වෙන එකෙක් එක්ක සෙට් වෙන ඒවයි, ජොකර කෙනෙක් ගෙ ජොක් ටිකකුයි ඇරෙන්න වෙන කිසිම වෙනස් දෙයක් නැනෙ මේ හැම එකේම.... බලනකොට තනියම හිනා... අනෙ මන්දා ලංකාවෙ නාට්‍ය අධ්‍යක්ශක වරුන්ට කිසිම නිර්මාණශීලී අදහසක් එන්නෙ නැත්තෙ ඇයි කියල එකම රෙද්ද පාට වෙනස් කර කර හැමදාම එකම වැලේ වනනව ඇරෙන්න.
ඔය කතා අස්සෙ ආස හිතෙන සුරංගනා පාට් ඔනෙ තරම් තියනවා... මගෙනම් වැඩියෙන්ම හිත ගිය පාට් එක නම් යන්නෙ රෑ 8 ට යන නාට්‍යක.
වචනයේ පරිසමාප්ත ( වචනෙ හරිද මන්දා ) අර්තයෙන්ම කියනවනම් පට්ට සල්ලි කාර පට්ට ලස්සන කෙල්ලෙක් තමන්ගෙ වාහනේ හැප්පෙන්න ගිය පට්ට දුප්පත් කොල්ලෙක්ට ට්‍රයි කරන සීන් එකක්...

Subscribe to:
Posts (Atom)