Wednesday, October 3, 2012
නුඹ සහ අපි.....
මේ ලොකේ කොච්චර උත්සාහවන්ත, ධෛර්යවන්ත මිනිස්සු ඉන්නවද? මේ දේ අපි හැමොම දැනගෙන හිටියත් මතක් වෙන්නෙ හිතට වදින දෙයක් දැක්කට පස්සේ..... ඒ වෙලාවට අපි කොච්චර පවුකාරද කාලකන්නිද කියල අපිට හිතෙන වාර අනන්තයි... ( මටනම් ඇත්තටම එහෙම හිතුනා )
අද අටපට්ටම බල බල ඉන්නකොට කොහෙද මංදා දුශ්කර ඉස්කෝලෙක මේ පාර ශිෂ්වත්ව විභාගයෙන් සමත් උන ඒ ඉස්කෝලෙ එකම ලමයව පෙන්නුවා... ඒ තත්වෙට එන්න ඒ ලමයට තිබුන පහසුකම් මොනවද? ස්වභාවධර්මයෙන්ම මිනිසා කියන සතාට උරුමකරදීලා තියන දේවල් වලින් කීයක් ඒ ලමයට නැද්ද? හිතල බලන්න අත් දෙක නැති, එක පාදයක් නැති ඒ ලමයට මේ තත්වෙට එන්න තිබුන එකම හයිය තමන්ගෙ ආතම ශක්තියයි උත්සාහයයි නෙමෙයි ද? ඒ පොඩි කෙල්ල මුලු රටෙම ඉන්න අයට ආදර්ශයක්...
අතපය 4 හොඳට තියන අපිට ඔය 4න් එකක් නැති උනොත්? නිකමට වගේ හිතල බලන්න එහෙම උනොත් අපේ ජීවිත කොච්චර දුශ්කර වෙයිද? අපි එදිනෙදා කරන වැඩ වලින් කොච්චර ප්රමානයක් අපිට කරගන්න බැරි වෙයිද? ඒ උනාට කකුලක් විතරක් තියන මේ පුංචි කෙල්ල අතපය4 හොඳට තියන, ලංකාවෙ ලොකු ලොකු ඉස්කෝල වලට ගිහින් ශිෂ්වත්ව විභාගෙන් අසමත් උන ලමයින්ට වඩා කොච්චර ඉස්සරහින්ද ඉන්නෙ? සමහරු නම් කියයි පොඩි කාලේ ඉඳන් ම හුරු වෙලා නිසා ඒවා කරන්න වැඩි අමාරුවක් නෑ කියල.. ( අපෙ අයගෙ හැටි එහෙමනේ, කොච්චර අගය කරන්න පුලුවන් දෙයක් උනත් කොහොම හරි හෑල්ලු කරන්න නෙ අපෙ අය දඟලන්නෙ... ) කියන්න නම් ගොඩක් ලේසියි හැබැයි ඇත්ත තත්වෙ තෙරුම් ගන්න නම් කරල බලන්න ඔනෙ කියනවනෙ...
අපිට මොකක් හරි දෙයක් බැරි උනාම නිදහසට කාරනා කොච්චර තියනවද? විභාග ෆෙල් උනාම අපි කොච්චර නිදහසට කාරනා පෙන්නල දෙනවද? පාඩම් කරන්න කම්මැලිකමට කොච්චර බොරු කියල ඇතිද? ඒත් ඒ හැමදෙම අපෙ නොසැලකිල්ල වහගන්න කියන බොරු නෙමෙයි ද? අපි හිතන් ඉන්නෙ අපිට තරම් ප්රශ්න කාටවත් නෑ ඒකයි මේ හැමදෙම කියලා.. මෙච්චර හොඳට ඉන්න අපිට මෙච්චර නිදහසට කාරනා තියනවා නම් මේ ලමයට අපිට වඩා දහස් ගුණයකින් නිදහසට කාරනා තියෙන්න ඔනේ නේද?
මහන්සියි, ඔලුව රිදෙනවා, ඇඟපත රිදෙනවා කියල අපි කොච්චර දෙවල් මග ඇරල ඇතිද? අපිට ලැබුන ඉලක්ක සැබෑ කරගන්න කැපවෙන්න බැරිකම නිසා මොන මොන බයිලා අපි කියල ඇතිද? අන්තිමට කෙල උනාම මොනවා කරන්නද ඉස්සර කරපු පවක් වෙන්න ඇති කියල කී පාරක් කියල ඇතිද? හැබැයි තමන්ට ඉලක්කයකුයි, ආතම විශ්වාසයයි කැපවීමයි තියනව නම් අනිත් කිසිම දෙයක් නිදහසට කාරනා නෙමෙයි කියල මේ පුංචි කෙල්ල අපිට පෙන්නල තියනවා....
හොඳට ඉන්න ලමයි දෙමව්පිටන්ගෙ බලාපොරොත්තු කඩල බිඳලා දාන කාලේ බලාපොරොත්තුවක් ඇස ගැටෙන මානෙක වත් තියාගන්න බැරි මේ ලමයගෙ දෙමව්පියන්ට මේ ලමයා දුන්නෙ කොච්චර ලොකු සතුටක් ද?
මෙච්චර දෙයක් කරපු මේ කෙල්ල දකිනකොට අපි කරන වැඩ වලට අපිම අපේ මූනට කෙල ගහගන්න ඔනෙ. ඒ තරමටම අපිට අපි ගැන ලැජ්ජ වෙන්න පුලුවන් දෙවල අපි හැමෝටම ඔනෙ තරම් තියනවා..
පුංචි නංගියේ... උබ ගැන කියන්න, උබ ගැන වර්ණනා කරන්න වත් සුදුසුකමක් නැති අපිට කරන්න පුලුවන් එකම දේ උබට හදවතින්ම සුබ පතන එක විතරයි... ඒත් මෙච්ච්චර ලොකු අපිට වටෙ ඉන්න දෙතුන් දෙනෙක්ට වත් ආදර්ශයක් දෙන්න, දැනෙන්න වැඩක් කරන්න බැරි උනාට උබෙ ඔය පුංචි වයසට උබ ඉන්න තත්වෙත් එක්ක උබ ලෝකෙටම දුන්න ආදර්ශය ලොකු ලොකු හීන දකින අපිට වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම හීනෙකින් වත් හිතන්න පුලුවන් දෙයක් නෙමෙයි... දෛවයේ සරදමට සරදම් කරන උබට ජයෙන් ජය.....
Subscribe to:
Post Comments (Atom)
සිරාවට බං..
ReplyDeleteමාත් නිදහසට කරුණුනං අම්බානක කියනවා..
ඇයි මට.... මට නැව් ගණන් නිදහසට කාරනා තියනවා
Deleteහිතන්න දෙයක් තියනවා ඔබේ පෝස්ටුව තුල.
ReplyDeleteජයම වේවා!
තැන්කූ තැන්කූ...
Deleteඇත්තම ඇත්ත. ඕනෙ කෙනෙක්ට හිතන්න දෙයක් තියෙනවා. ජය වේවා!!!!
ReplyDelete
ReplyDeleteදුක හිතේවි මේ ගමෙනේදී ගොඩක් එත් වෙටෙන්න එපා මට කව්රුවත් නෑ කියල දැනේවි එත් ඔයාගේ හිත ඔයත් එක්ක එන්නාව කියල මතක
තියා ගන්න අද කව්රුවත් නෑ කියල දැනුනට දවසක ඔය ලෝකෙටම වටිවී අපිට තරු අල්ලන්න බැ තමයි එත් මතක තියා ගන්න අපිටත් තරුවක් වෙන්න පුළුවන් කියල ඉතින් අපි හමායමු..
යන මග දුරයි
කටු කොහොල්
බිමයි
චණ්ඩ මාරුත
හමයි
ය යුතු මග දුරයි ..............
දුර වැඩි නමුත්
යා යුතු මග
එයයි
සිත දිරි ගනින් නුබ ............
මේ ගිමන්
නිවන්නට
කාලයක් නෙමෙයි .....................
***සචි***
සිරා වචන ටික බං... එල
Deleteහැබෑවක්.උත්සහය තමා. මට හැම සම්පතක්ම තිබිලත් ශිෂ්වත්වේ ෆේල්
ReplyDeleteගනන් ගන්න එපා ඔහොම තමයි ජීවිතෙ...
ReplyDeleteහිතන්න දේවල් ඉතුරු කරපු වැදගත් පෝස්ට් එකක් යාළුවා..
ReplyDeleteස්තූතියි දිනෙශ් අයියේ....
Delete