පෙට්ටිය වූ කලී අමුතුම එකකි...... සමහරු පෙට්ටි කඩති, සමහරු පෙට්ටි කඩාගනී. තවත් කෙනෙක් පෙට්ටි සොයති. එකෙක් පෙට්ටියක් අරින කල තවත් එකෙක් පෙට්ටියක් වසයි....... මෙහෙව් වූ කල පෙට්ටියෙන් ඇති ප්‍රයෝජන බොහෝ වේ. පෙට්ටිත් එක්ක මොන මොන සෙල්ලම් දැම්මත් අන්තිමටම අපි හෑමෝටම පෙට්ටිය උරුම වේ...... උපතින් පෙට්ටි එකක් හෝ දෙකක් දායාද කරගෙන එන අපි අන්තිමටම පෙට්ටියේම යන්නට යන්නෙමු.... ඒ පෙට්ටිය කැඩෙන්නේ නැත, සමහර විට කැඩෙන්නත් පුලුවන, ඒත් බොහෝ විට වෙන්නේ දිරා යාම හෝ අලුවී යාම පමණි....
ජීවත් වෙන අපි මරණයට පත් වූ විට අවසන් ගමන් යන මිනී පෙට්ටිය අද වෙනකොට බිස්නස් එකක්, තවත් විග්‍රහ කලොත් ආයොජනයක් බවට පත් වෙලා..... කොටින්ම කිවුවොත් මැරිල ගියාට පස්සෙ කනත්තට ගිහින් වලලන හෝ පුලුස්සා දමන මිනී පෙට්ටිය සමාජ තත්වය පිලිඹිබු කරන සංකේතයක් බවටත් පත් වෙලා ඉවරයි.. මැරිලා ගිය එකා 10,000 පෙට්ටියේ ගියත් 1,000,000 පෙට්ටියේ ගියත් වෙනසක් වන්නේ නැත, සමහර විට ඌ යන පෙට්ටිය පිලිඹදව තැකීමක් කරන්නේද නැත. මොකද ඒ ඌ ජීවිතයෙන් සමු අරගෙන සිටිනා නිසාය..
ඒත් ජීවත් වෙලා ඉන්න උන්ට මේක වෙනස් ය..... මැරුණ එකා යවන්න පුලුවන් හොඳම පෙට්ටියේ යැවිය යුතුය, පෙට්ටිය හොඳ වුන පලියට අපායට යන එකා දිව්‍යලොකේ යන්නේ වත් නරක් වුන පලියට දිව්‍යලොකේ යන්න හිටපු එකා අපායට යන්නේ වත් නැත. ජීවත් වෙලා ඉන්නකල් නොසලකපු මව, පියා හෝ කවුරු හරි මැරුණට පස්සෙ වලලන පෙට්ටියේ වටිනාකම ගැන ඒ මැරුණ මිනිස්සු හිතන්නේද නැත, ජීවත් වෙන කොට සැප නොතිබුන ඒ මිනිස්සුන්ගේ මලකඳ වැතිරෙන පෙට්ටියේ සැප මලකඳට කුමකටද?
දැන් ට්‍රෙන්ඩ් එක තවත් වෙනස් ය.... ෆිවුනරල් ඉන්වෙස්මන්ට් ද මොකක්ද එකක් ඇත. ඒය තමාගේ මරණෙට තමාම ආයෝජනය කරනවා වැනි විහිලුවකි. හැබැයි ඒ විහිලුවේද එක් හොඳ පැත්තක් ඇත.... ඒ තමාගේ මරණය වෙනුවෙන්ද ජීවත් ව සිටිනා මිනිසුන්ට අත නොපා සිටීමේ හැකියාවය...... ඒ අතින් නම් ජීවත් වෙලා ඉන්න උන් අමාරුවේ වැටෙන එක නවත්තන්න හොඳ වැඩපිලිවෙලකි. මොකද අද කාලේ මලගෙයක් යනු මගුල් ගෙදරකට සමාන වියදම් යන එකක් වන බැවිනි. පෙට්ටිවල ගණන් ඇසූ විට මැරුණ එකා එතන සිටියේ නම් ආපහු නැගිටින ගානට ගණන් මල් ශාලා වල උන් කියන්නේය.... ඉතුරු ඒවත් එකතු උනාම අඩුම ගානේ ලස්සයක් වත් පනිනවාමය...
වැඩේ පහසුය.... ඇත්තේ තම්න්ට අවශ්‍ය වෙඩින් පැකේජය අවමගුල් පැකේජය තොරාගෙන වාරික වශයෙන් ගෙවීම පමණි.... එක වාසියක් ඇත, ඒ තමාගේ පෙට්ටිය අනුන් තොරන එකක් නොව තමන් තොරන එකක් වීමය. සැප ඔනේ උන්ට සැප පෙට්ටි තොරාගත හැක. පෙට්ටියට ඔනේ ඩිසයින්, ඩෙකරේශන් දමාගත හැක. අඳින ඇඳුම තොරාගත හැක. හැබැයි මොක උනත් මලකඳ කුණුවෙනවාමය, නැත්තම් පිච්චෙනවාමය. එහෙව් එකේ මේ යට කරන සල්ලි වලින් පිනක් දහමක් කර මලකඳ වෛද්‍ය විද්‍යාලයට බාර දුන්නා නම් තම්න්ගේ මරණයද පලදායී එකක් වෙනවාට සැකයක් නැත......
ප.ලි.
ඊජිප්තුවේ උන් මමී හැදුවේ ඇයි කියා මම නම් දන්නේ නැත....
පට්ට පෙට්ටි කතාව .
ReplyDeleteමල්ශාලා කාරයො කාරයො අතරත් තරගයක්නෙ තියෙන්නෙ .
වටින කියමන් ටික ස්තුතියි
ස්තූතියි
Deleteසමහර වටින පෙට්ට වළ දැම්ම දෑ රෑම ගොඩ ඇවිත් පස්සෙ දොරෙන් මල් ශාලාවට රිංගනවලු...
ReplyDeleteඅහ්, ඔව් ඔව්... මමත් එහෙම එකක් අහලා තියනවා.
Deleteපෙට්ටිය නම් ඕඩර් කරාම ගතියක් තියෙනවාය... නමුත් බයය... අදම මම පෙට්ටිය ඕඩර් කරනවාය...
ReplyDeleteඔඩර් කරනවා කිවුවේ මොන පෙට්ටියක් ද?
Deleteමොන විකාරයක්ද අනේ.. අර තම්බි වගේ රෙදි කෑල්ලක ඔතලා වලට විසි නොකර.. අපේ උන්ට පිස්සු...
ReplyDeleteපිස්සු එකෙත් හොඳ එක
Deleteපෙට්ටි වල ගනන් ගැන කිවුව කතාව සම්පුර්ණ ඇත්ත. ලොකු අච්චි මැරැණාම ඔය පෙට්ටි වල ගනන් කිවුව හැටියට අනේ එදා වේල අමාරැවෙන් හොයා ගන්න ගෙදර කෙනෙක් නැති වුනොත් අපිට වල දාන්න වෙන්නෙ රෙද්දක ඔතලා තමයි මාලතන් අයියා කිවුවා වගේ. හ්ම්ම්.. හැම දේම දැන් නිකන්ම නිකන් සල්ල හොයන මර්ගයක් වෙලා. බිස්නස් විතරයි හැමතැනම. හ්ම්ම්
ReplyDeleteමටත් ඔක්කොම පැත්තකින් දාලා මල් ශාලාවක් දාගන්න හිතිලා තියෙන්නේ
Deleteඑන එක ලේසි උනාට යන එක සෑහෙන අමාරුයි වගේ.. ඒ ඉතින් යන එකාට නෙමෙයි වටේ ඉන්න උන්ට..
ReplyDeleteඑන එකත් එහෙම්මම තමයි බං
Deleteඅපි තරම් බණ අහන, සුදු අඳින.කකුලේ නියපොත්තේ ඉඳලා මහා බඩවැල් හරහා හිසකෙස් වෙනකම්ම ආගම පෙරවගෙන ඉන්න ජාතියක්නේ බං මේ ඔලුබක්කෝ නටන්නේ. පන්සලක ලොකු හාමුදුරුවන් කෙනෙක්ගේ අපවත්වීමේ උත්සවයක පෙට්ටිය සහ සැරැසිලි බලපන්. මේකනේ කියන්නේ අපි දිනපතා පස්සට යන කොටසක් කියලා.නියම පෝස්ට් එක.මැරිච්ච අයටත් නිගාවක්.
ReplyDeleteදෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ අපිට
Deleteබලහංකෝ බං මැරෙන්නත් නෑනේ සැනසිල්ලේ.....
ReplyDeleteඇයි උඹට ගොක්කොල පේන්න ගත්තද ලඟදි ඉඳන්?
Delete