Pages

Friday, January 9, 2015

මරා පරාජය

ඒ මෙහෙයුමත් අදින් අවසන් ය..... හැබැයි සැබෑ යුද්ධය තාම ඉවර නැත. කුණුහරපයක් වගේ උනාට ඇත්ත කතාව මෙය ය. මෛත්‍රීපාල මහත්තයා ජයග්‍රහනය කලාට වැඩ පටන් ගන්නේ හෙට සිටය..... එතුමා ට මොන ගිනි ගෙඩි පාත් වේ දැයි කිසිවෙකුත් දන්නේ නැත.... දැන් ඇත්තේ බලා සිටීමටය.

මුලින්ම මැකො හට ස්තුති කල යුතුය..... ඌ නම් රියල් පොරක් ය. උන්නද මලාද දන්නේ නැති ගානට චන්දෙ ඉවර උනේය. නිවාඩු නොතිබෙන්නට, පාරෙ වාහන අඩු නොවෙන්නට එයත් සාමාන්‍ය දිනයක් ම වනු ඇත. දන්න තරමින් චන්දය සාමකාමී හා සාධාරණය....... එකෙක්වත් ජිල්මාට් කියා කෑ ගැසුවේ නැත. කොහොමහරි වැඩේ ලස්සනට නිම විය..... සම්බන්ද වූ හැමෝටම පිං ය...





මහින්ද මහත්තයා පරාජය බාරගෙන නම්බුපිට ඉවත්වී ගියේය..... එක අතකින් දුකය දෙපාර තුන්පාර නොකරන්නට ඔහු අද නික්ම යන්නේ මිනිසුන්ගේ කර උඩින් රජෙක් විලසය..... ඒ හැමොගේම ආශිර්වාද මතය.....  තන්හාය ජායතී සෝකෝ යන්න උදාහරණ සහිතව ඔප්පු වී හමාරය...



ඔහු එක අතකින් පොරකි..... අපි අද නිදහස බුක්ති විඳින්නේ එතුමාගේ නායකත්වයෙන් ත්‍රිවිධ හමුදාව මේ රට බේරාගත් නිසාය. ඒකට ඔහුට ගරුකල යුතුය...!!!! ණය වලින් හරි රට සංවර්ධනය කරන්න උපරිම උත්සාහය ගත්තේය.... දැන් ඇත්තටම කොලඹ පාර බැහැලා යන්න පුලුවන්ය, ඇත්තටම ලස්සනය... කොච්චර බැන්නත් පාරවල් ටික හැදුවේය, හයිවේ දැම්මේය. ගමනාගමනය ඉස්සරට වඩා තත්වෙකට ගත්තේය. ඇත්තටම හොඳය. ඒවායේ ප්‍රයොජන නෑ නෑ කියා කොච්චර කිවුවත් මිනිස්සුන්ට ලැබෙනවාය. එයාපොට්, හාබර් හැදුවේය...... විධිමත්ව නැති උනත් ඒවා කාලොචිත ඉදිකිරීම් ය. කටුනායකට හෙන ගැහුනු දවසක, කොලඹ වරායට කෙල උන දවසක හැමෝම එවාට ස්තූති කරනු ඇත.... සේද මාවත් ඉගෙන ගත් අපි හම්බන්තොට වරායක් ගැන හීන දැක්කෙ ඉස්කෝලෙ කාලෙ ඉඳන් ය. ගස සිටුවා ඇත, කාලයක් යත්ම ඵල දරනු ඇත.... එතකන් ඉවසිය යුතුය.

හැබැයි අවසාන කාලයේ ඔහුගේ පොරත්වයේ කඩාවැටීම අප සැවොම දුටුවෙමු.... එය ඔහුගේම වරද විතරක්ම නොවන අතර වටේ උන්ද එයට හවුල් ය. පිරිහීමේ ලක්ෂන පෙන්නුම් කලේ සරත් ෆොන්සේකා මහතාට එලව එලවා පහර දීමට පටන්ගත් තැන සිටය.... ඔහුගේ වැරදි තිබෙන්නට ඇත, නමුත් ඔහු යම්කිසි සැලකිය යුහු දෙයක් ඉටුකර ඇත. ඔහු බලය ඉල්ලු පමනින් ඔහුට එසේ නොකරන්න හිටපු ජනාධිපති තුමා වග බලාගත්තේ නැත.



බලය අවශ්‍ය ලෙස බෙදී යා යුතුය... එය එක්තැන් වූ විට අහිතකරය, ඇස් අන්ධකරවන සුලුය..... ඒය තදින්ම බලපෑවේය. ටොයියෝ සිටියදී සමහර කබ්බො ලංකරගත්තේය. කබ්බෝ කුජීතය.... උන් හත්පොලේ ගෑවෙය... උපදෙශකලා නිදිය.  ගොඩගැනීමට උත්සාහ කලේ නැත.... බලය අයුතු ලෙස පරිහරණය විය. කනට ගැසිය යුතු තැන එසේ නොකර නටන්න දුන්නේය. පොඩි උන් පොඩි කාලේම තරවටු කර හෝ හදාගත යුතුය, එසේ කලානම් මේසේ වෙන්නේ නැත. කරන පවු පින් පස්සෙන් එනවාය. පිනට වඩා පව බලවත් වනු ඇත.... දැන් වැඩක් නැත.... ඔබතුමා ඉටුකල දේවල් වලට බොහෝමත් පින් ය. ඉදිරි ජීවිතේ කරදර වලින් තොර නිරෝගී සුව ඔබ තුමාට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු....

නව ජනාධිපති තුමාට සුබපැතුම් ය.... මම දන්නා තරමට අගමැති නොවී මාස 3න් ජනධිපති වූ එකම පුද්ගලයා ඔහුය. හැබැයි අද සිට අප විමසිල්ලෙන් ය...... අපට අවශ්‍ය නිදහස් නිවහල් සුරක්ශිත රටක් ඔබතුමා පොරොන්දු විය. අපිට ඔනේ එයය..... ඔබගේ මිත්‍රයාගේ වැරදි ඔබට අගනා පාඩමකි. ඔබතුමා එසේ නොවෙවා යන්න අපගේ ප්‍රාර්තනයයි. හෙත්තු උන කට්ටිය පිනට හෙත්තු වී නැත. හැමෝම තමාගේ වාසිය තකාය. ප්‍රවේසම් විය යුතුය. මොකා වාසි ගන්න ආවත් රටට අවාසියක් නොකල යුතුය. කබ්බන් එලවිය යුතුය. සුදුස්සන් පත්විය යුතුය. දූශණය වංචාව නැති, නීතිය හා සාමය සුරකින රටක් අවශ්‍ය. රජ සැප නැති උනත් සියලු ශ්‍රී ලාංකික ජනතාවට යහමින් ජීවත් විය හැකි රටක් උදාවිය යුතුය. ඔබතුමාගේ පොරොන්දු ඉටුවන තුරු අප බලාසිටිමු...... එසේ නැතිවුනහොත් රටම යලි පෙලගැසී ජන බලය පෙන්වීමට ඉඩ ඇත. ඔබතුමාගේ මෛත්‍රී පාලනය සඳහා අවශ්‍ය සියලු ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි  ප්‍රාර්ථනා කරමු.....



සියල්ල අවසානය... ගහ මරාගෙන ඇති වැඩක් නැත. ජාතිවාදය ආගම්වාදය  අවුස්සන්න බොහෝ පිරිස් එක්කාසු වී ඇත. මුලින්ම පරාජය කල යුත්තේ එය ය..... නැතහොත් මේ දිනුම්, පැරදුම් සියල්ලම බල්ලට යනු ඇත. ජාතිය කුමක් වුවත් ජාතිවාදීන්ට ඔවුන්ගේම උන් පහරදිය යුතුය. මෙය ඉවරයක් දකින්නේ එවිටය.... ලොකය බොහෝ ඉදිරියෙන් ය, පාඩුවේ ගහ මරාගන්නා අපි තාමත් අන්තිම හරියේය. තීරණය ඔබ සතුය! රටේ අනාගතය ඔබ සතුය!

අපිම ඇතිකල සීමා මායිම් වල නන්නත්තාර වී ඇති අපේ ඔලු සුද්දකරගන්න හොඳම කාලයයි.....

වෙනස ඇතිවන්නේ අපි හැමෝම ශ්‍රී ලාංකික වූ දිනයටයි.


2 comments:

  1. මහින්ද මහත්තයට වැඩේ වැරදුනේ දෑත් ශක්තිමත් කරන්න කියලා ලගට ආව මිනිස්සු හන්දමයි.. කොටියට බය නැතුව ගැහුවා වගේ අනිත් දේවල් වලටත් කෙලින් වැඩ කලානම් මෛත්‍රී මහත්තයා එතුමව දලා යන්නෙත් නෑ, මහින්ද මහත්තයා පරදින්නේ නෑ..

    ReplyDelete
  2. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
    sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
    kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
    Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
    1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
    melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
    dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
    saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
    kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
    penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
    dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
    minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
    buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
    Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
    sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
    Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
    berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
    hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
    seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.