තවත් පංතිය ඇත.. එය උපාධියේ පංතිය වේ... බොහෝ දෙනා වෙර දරන්නෙ 1st class උපාධියක් ගැනීමටය....
මේ නානාප්‍රකාර
පංති තුල තවත් ප්‍රසිද්ධ පංතියක් ඇත... ඒ සමාජීය
පංතිය වේ. පාසලෙ එකම
පංතියේ සිටි, ටියුෂන්
පංති වල එකට බංකු රත් කල අය එයින් පිටට ආ විට මෙසේ
පංති වලට බෙදෙන්නෙ කෙසේද? එසේ කිරීමට අයිතියක් ඇත්තේ කා හටද? අපි ඔක්කොම මැරෙන මිනිසුන්ය......
වත්කමින් ඉතාමත් පොහොසත්, ලොකු ලොකු කාර් තියන, රට වටෙ ඉඩම් තියන ලොකු ලොකු රැකියාවල් වල නිරත වෙන හෝ අති විශාල ව්‍යාපාර හිමි, මවු බස අමතක කර කඩ්ඩෙන් කොටන, තම ලමයින් ජාත්‍යන්තර පාසල් වලට යවන අය පලමු
පංතියේ අය වේ.