Wednesday, September 26, 2012
නුඹ කොහෙද.....?
මතකද ඒ දවස නුඹ මා දෙනෙත් හමුවුන,
හොරැහින් බලනා ඔබේ ඒ බැල්මට
නතුවුනා මම මටම නොදැනිම.........................
විවේකය ලද විගස දිව ආමි කැන්ටිමට
තත්පරයකට හෝ නුඹේ රුව දැකගන්න
මුල් දා මෙන් නොව,
වෙනස්විනි නුඹ දිනෙන් දින
සිතාගනු බැරිව ඇයි දැයි
ලතවුනා මම හැම නිමේශයකම........................
හැමදා මෙන් අදත් සෙව්වා හිමිදිරි උදෑසන
එනමුදු නුඹෙ රුව,
ඇස නොම ගැටිණි සුපුරුදු ලෙස......................
දහවල් හා සවස නැවත විපරම් කලද මම
ඔබ සිටියෙ නැත පැමිණ,
බිඳලමින් බලාපොරොත්තු සියල්ලම..............
තැවුල් මනසින් යුතුව පිටත් විමි ගෙදරට යන්න
ඊලඟ දවස හෝ ඔබ දැකගන්න
බලාපොරොත්තු සිත් ඇතිව......................
ප.ලි. :- බොහොම අමාරුවෙන ගලපගත්තෙ වචන ටික... පලවෙනි උත්සාහයම අසාර්ථකද මන්දා.....!
Subscribe to:
Post Comments (Atom)
ඔය තියෙන්නෙ සුපිරියටම පළවෙනි උත්සහයම..
ReplyDeleteබලාපොරොත්තුව ඉටුවෙන්න සුබ පැතුම්..!!!
තැන්කියූ කිවුවා දිනේශ් අයියේ......
Deleteඑල කිරි ඈ....
ReplyDeleteබලාපොරොත්තු තමා බලාපොරොත්තු...
බලාපොරොත්තු නම් කාටද නැත්තේ
Deletehmm hituwatath wada hodin tiyenawa keep it up
ReplyDeleteස්තූතියි....
Deleteඑළකිරි මචන් ඇති සාර්ථකයි ජය වේවා
ReplyDeleteඑහෙමද? තැන්කියූ මචන්
Deleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteඑසේම වේවා.....
Deleteඋත්සාහය සාර්තකයි සහෝ ... ජය වේවා
ReplyDeleteඋබත් අලුත් කෑල්ලක් අල්ලගත්තද එකට කාපු උන්ට කතා කරන්න? :පී
Deleteමට නම් මෙක කියවනකොට දැනුනෙ පලපුරුදු බවක් අපුරුයි ජය....
ReplyDeleteපලපුරුදුයි කිවුවෙ මෙහෙම එකක් වෙලා තියනව ඇති නේද?
Deleteනියමයි....
ReplyDeleteතැන්කූ තැන්කූ....
Deleteබලාපොරොත්තු ඉටුවේවා....!!
ReplyDeleteඒක සැබෑ වෙන පාටක් නම් නෑ වගේ...
Deleteහච්චෝ........................... ඊට පස්සේ???????සහ දැන්??
ReplyDeleteඊට පස්සෙ ඒවා පස්සෙ කියන්නම්....
ReplyDeleteපළවෙනි උත්සහයම සාර්ථකයි මලේ.. ජය වේවා.. බලාපොරොත්තු ඉටු වේවා කියලා ප්රාර්ථනා කරනවා..
ReplyDeleteAwsm!!!!!
ReplyDelete