බුකියේ කරක් ගගහා ඉන්නකොට එක එක විකාර පොස්ට් අස්සෙ ලස්සනට ගළපල තිබුන සිංහල අකුරු ටිකකට ඇහැ වැටුනා..... හැමදාම දකින අකුරු 26 අස්සෙ අපෙ සිංහල අකුරක් දැක්කම ඔනේ කෙනෙකුගෙ ඇහැ යනවනෙ... ඒත් මේ වචන ටික කියවගෙන යනකොට වචන වලට එහා ගිය ගැඹුරු අර්තයක් මේ වචන ටික ඇතුලේ තියනව කියල දැනුනා.... ඒකයි මේක පොස්ට් එකකට දාන්න හිතුවෙ.
මෙක කියල තිබුනේ අචිනි කියලා ගැණු ලමයෙක්. ( අක්කා කෙනෙක් වෙන්න ඔනෙ )
මේ ඉර හඳ යට තවමත් මම මිනිසුන් හඳුනා ගැනීමට උත්සාහ දරමි. එනම් නොයෙකුත් හැල හැප්පීම් මැද්දේ ආදරය, වෛරය, කෝපය, කුහකකම ඉදිරියේ අසරණ වෙමින් තවමත් මිනිසුන්ට ආදරය කරමි. ගෞරව කරමි, තේරුම් ගැනීමට උත්සාහ කරමි. ඔබට මා ආදරය කලෙමි, එහෙත් වෛර නොකලෙමි. ඔබට මා ගෞරව කලෙමි, එහෙත් අපහාස නොකලෙමි. සියල්ල සිනහවකින් හා කඳුලකින් විඳ දරාගත්තෙමි. ඔබට සිනහවක්ම ගෙන ඒමට උත්සාහ දෙරුවෙමි. ජීවිතය පුදුමයකි. මරණයද පුදුමයකි.එවන් පුදුමයන් හමුවේ මරණය තෙක් ලඟින් සිටිනවායැයි පැවසීමද පුදුමයකි. දුක, සතුට, ආදරය, විරහව, රැවටීම් හා අපහාස හමුවේ ඇවිද යන දුෂ්කර වූ ගමනේ කෙලවර මරණයයි. මෙම සනාතන ධර්මතාවය මම දැන් හොඳින් දනිමි. යතාර්ථය එයයි. හිදින් මා මුළු ලොවම හදවතින් දරා ගනිමින් මරණය තෙක් තවමත් හුස්ම ගනිමි.............!!
වචන පෙලි 2,3ක් උනාට මේකෙ තියන තෙරුම පෙලි 2,3කට සීමා කරන්න අපට පුලුවන්ද?
"මේ ඉර හඳ යට තවමත් මම මිනිසුන් හඳුනා ගැනීමට උත්සාහ දරමි" අපි කොච්චර දන්නවා කියල හිතන් හිටියත්, කොච්චර තෙරුම් අරන් තියනවා කියල දැනන් හිටියත් අපි හැමෝටම හරියට තෙරුම් ගන්න බැරි එකම දේ "මිනිස්සු" නෙමෙයි ද? සමහර විට අපි ලඟම හිටපු කෙනා, අපි ජීවිත කාලයම දැනන් හිටපු කෙනා අපි හිතපු කෙනා නෙමෙයි කියල තෙරුම් යන්නේ අවුරුදු ගානක් ගිහිල්ල වෙන්න පුලුවන්, නැත්තම් ජීවිතේ උන සුලු සිද්දියකින් වෙන්නත් පුලුවන්... ඒත් එදාට අපි කොච්චර දුක් වෙනවද? සමහර විට ඒ මිනිසුන්ට කොච්චර ප්‍රතිපත්ති තිබුනත්, කොච්චර අනිත් අයට පොරොන්දු දීල තිබුනත් සමහර වෙලාවට අපිටම නොදැනි අපේ හිත් අපටත් හොරෙන් වෙනස් වන හින්දා වෙන්න ඇති... අපි වෙනස් වෙලා කියල අපිටම දැනෙනකොට අපි ඒ වෙනස් වීම වෙනස් කරගන්න සමහර විට ගොඩක් පරක්කු වැඩි.....
අපේ ඒ වෙනස් වීම කී දෙනෙකුට දුකක් ද කියලා අපිට තෙරුනේ නැතත්, අපේ ජීවිත වල ඉන්න අය එහෙම උනාම, අපි හිතපු කෙනා නෙමෙයි කියල තෙරුනාම අපිට ඒ දුක දැනෙනව නේද? අනුන්ගෙ දුක නොතෙරි තමන්ගෙ දුක විතරක් තෙරෙන අපි කොච්චර අසධාරනද.....?
"ආදරය, වෛරය, කෝපය, කුහකකම ඉදිරියේ අසරණ වෙමින් තවමත් මිනිසුන්ට ආදරය කරමි." කොච්චර අහිංසක, නිහතමානී සිතුවිල්ලක් ද? තමන්ට සිද්දවෙච්ච අසාධාරනකම්, කුහක කම්, රැවටීම් නිසා ඒවට පලි ගන්න බලන් ඉන්න මිනිසුන් අතරේ කවුරු හරි කෙනෙක් ගාව මෙහෙම සිතුවිල්ලක් වත් තියනවා කියන එක මිනිසත්කම තාමත් අපි අතරෙ කොහෙ හරි ඉතුරු වෙලා තියනවා කියල බලාපොරොත්තුවක් ඇතිකරගන්න හෙතුවක් නෙමෙයි ද?
"දුක, සතුට, ආදරය, විරහව, රැවටීම් හා අපහාස හමුවේ ඇවිද යන දුෂ්කර වූ ගමනේ කෙලවර මරණයයි" අපේ මිනිස්සු මේක අමතක කරලා නෙමෙයි ද බොහොමයක් වෙලාවට වැඩ කරන්නේ? අපිත් කවදා හරි මැරෙනවනෙ කියන චෙතනාව හිතේ කොහෙහරි තැනක තියනවනම් මිනිස්සු අද ඉන්නව වගේ, තමන්ට හොදක් වෙනවනම් අනිත් අයට මොන දේ උනත් කමක් නෑ කියන තත්වෙට වැටෙයි ද? ( හැමෝම එහෙම නෑ ) අපි හැමොටම පොදු මරණය කියන දවස උදා වෙනකම් ඊර්ශියාව, වෛරය, ක්‍රොධය හිතෙ තියාගෙන මිනිස්සු දුක් විඳින්නේ මොකටද.......!
"මා මුළු ලොවම හදවතින් දරා ගනිමින් මරණය තෙක් තවමත් හුස්ම ගනිමි.............!!" මේ වචන ටික තෙරුම් ගන්න පුලුවන් උනාට පැහැදිලි කරන්න ඇත්තටම මං ලග වචන නෑ. හැම දේම දරාගෙන, සිද්දවෙච්ච දෙවල් ගැන පසු තැවෙන්නේ නැතුව තමන්ගේ ජීවිතේ සාර්තකව ඉදිරියට අරගෙන යන්න උත්සාහ කරනවා නම් ජීවිතේ ගැන තේරුම් ගැනීම තියෙන්නේ එතන නෙමෙයිද?
මම ඔයාව අදුරන්නේ නෑ.... හැබැයි ජීවිතේ ගැන මෙච්චරට තෙරුම් ගත්ත, අපිරිසිදු චෙතනා තියන සමාජයක මෙච්චර පවිත්‍ර අදහස් තියන ඔයාට කවදාවත් ජීවිතේ වරදින්නේ නැති වෙයි.... ඔයාට ජයෙන් ජය... Hats off to her.......
අදහස් ටික නම් මසුරං :)
ReplyDeleteමෙ අදහස් ටික හැමෝගෙම ඔලුවට දාන්න පුලුවන් නම් කොච්චර හොඳද?
Delete"මා මුළු ලොවම හදවතින් දරා ගනිමින් මරණය තෙක් තවමත් හුස්ම ගනිමි.............!!"
ReplyDeleteකියන්න වචන නෑ මේ ටික ගැන.
අපි හැමෝම කරන්නේ මේකනේ.
මේ දේ කරන්න අපි කොච්චර මහන්සි ගන්නවද?
Deleteහිතන්නම වටිනා කතාවක්
ReplyDeleteස්තුතියි සහොදරයා
Deleteසහතිකයෙන් ම දිරිය කතක්..මොනා වුනත් "මරණය තෙක් හුස්ම ගැනීම" තමා වටින්නේ..ලෝකය කවදාවත් අපි හිතන පතන විදිහට ගලා ගෙන යන්නේ නැ.. ජීවිතය හැමදාම අභියෝගයක්..ඒක හරියට ලෝදිය පිරි ගඟක් මැද තියෙන සෙලවෙන වැල් පාලමෙන් මීදුම තියෙන වෙලාවක ඇවිදගෙන යනවා වගේ වැඩක්..තමන්ගේ සහජ බුද්ධියට විතරයි තමන්ව ඒ පාලමෙන් එගොඩ කරන්න පුළුවන්.. හොඳ ලිපියක් යාලු.. ජය වේවා.. :)
ReplyDeleteස්තුතියි යාලුවා
Deleteඇත්ත.. අදහසනම් නියමයි..
ReplyDeleteඅදහස නම් මගෙ නෙමෙයි හැබැයි
Deleteකියල වැඩක් නැහැ අපූරුයි.හිතට වැදෙන්න ලියල ඇය.
ReplyDeleteඔබේ පෝස්ටුව මගින් ඇයගේ සිතුවිල්ල අගය කිරීමද ඇත්තටම උතුම්ය..
මෙක දැක්කම මොකුත් නොකිය ඉන්න හිත හදාගන්න බැරි උනා
Deleteඅනිවා කවුරු ලිව්වත් කගේ අදහසක් වුනත් ඇත්ත කතාව...
ReplyDeleteඅද කාලේ යාළුවෙක්ව වුනත් තේරුම ගන්න අමාරුයි බං....
යාලුවො තියා සමහර වෙලාවට බැඳපු කෙනාව වත් තෙරුම් ගන්න බෑනෙ අද කාලේ
Deleteමගෙත්..... Hats off to her.......
ReplyDeleteස්තුතියි අනූ
Delete