තාක්ෂනෙත් එක්ක දැන් හැමදේම දියුණු වෙලා, අලුත් වෙලා පහසු වෙලා ඒත් ඒ හැම දේම අස්සෙ අපි අතරමං වෙලා.... තාක්ෂනේ දියුණුව හොද නෑ කියල මම කියන්නේ නෑ. ඒක ඇත්තටම හොඳයි. ඉස්සරට වඩා මිනිස්සුන්ගේ ජීවිත වල එදිනෙදා කටයුතු පහසු වෙලා.... ඒත් ඒ දෙවල් එක්කම අපෙන් නැතිවෙලා යන දේවල් ටිකකුත් තියනවා. ඉපදුන දවසෙ ඉදන් වයස 16, 17 විතර වෙනකම් අපිට නැතිවෙලා යන දේ ගැන ලියල දාන්න හිතුනා EXAM එකත් අද ඉවර උන එකේ.....
ඉස්සෙල්ල පොඩි කාලේ අපිට නැතිවෙලා ගියපු දේවල් ගැන බලමුකො... හැමෝටම වගේ පොඩි කාලේ හවසට හවසට දෙමව්පියො, අච්චිලා සීයලා එයාලගෙ පොඩි කාලේ රස කතා කියන්න ඇතිනේ. කට ඇරගෙන පැය ගණන් ඒ කතා අහගෙන ඉදලත් ඇතිනෙ..
ගොඩක් වෙලාවට එයාල කතාව කියන කාලසීමාවෙ නෑදෑයො ගොඩක් අය වගේ ජීවත් වෙලා තියෙන්නෙ අහල පහල, සමහර වෙලාවට පවුල් වල ලමයි 4,5 ඉන්නවා... ඒ නිසා ගොඩක් වෙලාවට ඔය කතාවල ඉන්න චරිත අපේ නෑදෑයො වෙන, අපි හොඳට අඳුරන අය... කට්ටිය උදේට පයින් ම ගමේ ඉස්කෝලෙ ගිය හැටි. එ යන අතරමග කරපු විකාර, ඉස්කෝලෙ නොගිහින් කට්ටි පැනලා කැලෑ රොදවල් අස්සෙ සෙල්ලම් කරපු හැටි... හවසට කට්ටිය සෙට් වෙලා කරුවල වැටෙනකම් සෙල්ලම් කරපු ඒවා, හොරෙන් වතු වලට පැනල ගස් පාලු කරපු හැටි, ගස් පාලු කරනකොට අයිතිකාරයින්ට අහුවෙලා දුවපු හැටි කොච්චර කියන්න ඇත්ද? නිවාඩු කාල වලට නෑදෑ පවුල් වල පොඩි එවුන් මහ ගෙදර සති ගණන් නැවතිලා ඉදල ඒ කාල වලදි කරපු වැඩ... ( ගොඩක් වෙලාවට අලුත් අවුරුදු කාලෙ ) මෙ දේවල් අහගෙන අපි හිටියෙ කොච්චර ආසාවෙන්ද?
ඒ කාලෙ ගෙවල් වල ටීවී නෑ, අමුතු අමුතු ගැජමැටික් නෑ.. ඒ නිසා ඒ කාලෙ ලමා ජීවිතේ හරි සරලයි. ගොඩක් වෙලාවට ඒ කාලේ ගොඩක් අයට තිබිල තියෙන්නේ ඉතා අඩු පහසුකම්..
සමහර වෙලාවට පරණ love stories ඇදිල එනව එලියට මෙ කතා අස්සෙම.....
ඒ කාලේ කෙල්ලෙක් යාලු කරගන්න නහින නැහිල්ල, ලියුමක් දීගන්න දඟලන දැගලිල්ල, ලියුම් මාට්ටු උනාම ගෙවල් වලට හොයාගෙන ඇවිත් කිවුවට පස්සෙ ගෙදරින් ගුටි කන හැටි.... ගොඩක් වෙලාවට මෙහෙම ප්‍රශ්න උනාම කෙල්ල නිවාස අඩස්සියෙ දැම්මම හොරෙන්ම කෙල්ලව බලාගන්න ගෙවල් පැත්තෙ ගිය හැටි, මාට්ටු වෙලා පන බේරගන්න දුවපු හැටි.. ලැජ්ජ නැතුව මේවත් කියනවනෙ... හැබැයි හොඳෙකට තියෙන්නේ ඒ කාලේ මොකෙන් මොක උනත් ඒ ආදර කතා අද වගේ ඉකමනට ඉවර වෙන්නෙ නැති එක... සමහරවිට මාස ගානක් මූනක් වත් නොදැක, කතා නොකර ඉන්න උනත් ඒ හිත් වල ඒ ආදරේ නැති උනේ නෑ...
දුශ්කර උනත් ඒ ජීවිත වල තියන අත්දැකීම ගොඩක් වැඩී.... ඒ නිසාමද කොහෙද ඒ මිනිස්සුන්ට අදත් එ දෙවල් මතක් කර කර හිනා වෙන්න පුලුවන්..
ඔන්න එනව අපි පොඩි කාලෙ, ඒ කියන්නේ 95 විතර පස්සෙ..
අපි පොඩි කාලේ අර කියපු කාලේ තරම් නටන්න දඟලන්න බැරි උනත් අපිත් කොහොම කොහොම හරි ඒ දේවල් කලා... ඉස්කෝලෙ යන්න උනේ බස් එකෙ හරි වැන් එකක හරි.. සමහර වෙලාවට සමහර දවස් වල හවස ක්ලාස්.. ඒ නිසා ගෙදර හිටපු දවස් වලට තමයි කට්ටියත් එක්ක සෙල්ලම් කරන්න් එලියට බැස්සෙ... ඒත් අපි ඇති වෙනකම් ඒ දවසට නැටුව ඒත් ගොඩක් අය 5 ට 5.30 ට ගෙවල් වලට ගියා cartoon බලන්න... ඒ කාලෙ කාටුන් ගියෙ 5න් පස්සෙනෙ... ගෙදරදි සෙල්ලම් කරන්න බැරි වෙන එක අපි ඉස්කෝලෙදි හරි අල්ලගත්තා... sports meet කියන කොටත් අපි පිට්ටනියෙ... මොබයිල් ෆොන් තිබ්බත් ඒ කාලෙ ගොඩක් ඒව ගඩොල් බාග නිසා ඒව ගැන පුංචි අපිට වැඩි ආසාවක් තිබුනේ නෑ... ඒ කාලේ කට්ටියට තිබුන ලොකුම ගැජමැටික් එක brick game කියන එක.. ටීවී ගෙම් තිබුනත් හැමොටම තිබුනත් නෑ, කම්පියුටර් නම් ගොඩක් අඩුයි ඒ කාලෙ..
ලව් කරන්න ගත්ත කාලේ වෙනකොට නම් සමහර අය ෆොන් පවිච්චි කලා, ඒත් අතලොස්සක් විතරයි.. අනිත් අය ඉස්කෝලෙ, ක්ලාස් යන ටිකේ හම්බවෙලා කතා කලේ... ගොඩක් ඒව සොඩා බොතල් වගේ..
දැන් ඉන්න උන්
මුංව කාලා තියෙන්නෙ මේ එක එක ගැජ මැටික්... හැම එකාටම කම්පියුටර්, ඒ මදිවට ඉන්ටනෙට්, ෆොන්... මුන්ට මේ ටිකෙන් තොර ලෝකයක් නෑ... ඉස්කෝලෙ ඇවිත් ගේම් එකක් ගැන, ටිවි එකෙ ගිය එකක් ගැන කතා කරයි. වැරදිලාවත් සෙල්ලම් කරන්න යන්නෙ නෑ... sports meet එකකට events වලට දාන්න පොඩි උන් හොයාගන්නෙත් මාර අමාරුවෙන්.. අඩි 2ක් පයින් ඇවිද ගන්න බෑ, පැයක් සෙල්ලම් කරන්න බෑ, අවුවෙ යන්න බෑ. මුන්ව දැක්කම ඇත්තටම දුක හිතෙනවා...
7,8 වසරට යනකොට හැම එකාටම facebook පිස්සුව... කම්පියුටර් එක ගාවින් හෙල්ලෙන්නේ වත් නැති උන් කොච්චර ඉන්නවද? මුන් මෙහෙම ලොකු වෙලා සමාජෙට ගිහින් ජීවත් වෙන්නේ කොහොමද? මුන්ට ඉස්සරහ වාඩි වෙලා ඉන්න හතරැස් කොටුවෙන් එහා ලෝකයක් තියනව කියල තෙරෙන්නෙ නෑ... මෙහෙම ලොකු උනාම ලමා කාලෙ කරන්න පුලුවන් කම තිබ්බ ඒවා නිකන්ම ජීවිතෙන ඈත් වෙලා යනවා...
මුන්ගෙ ලව් ගැන කතා කරන්න ඔනේත් නෑ, එච්චරටම අජූතයි...
අපෙ වැඩිහිටියොන්ට අපිට කියන්න ගොඩක් කතා තිබුනා, අපිත් ඒවා අහන් ඉදලා ඒ දේවල් කරන්න උත්සාහ කලා... ඒ උත්සාහයන් නිසාම අපිටත් අපෙ පොඩි උන්ට කවදා හරි කියන්න දෙයක් ඉතුරු උනා... අපේ වැඩිහිටියො අපිට කියද්දි අපි මැජික් වගේ අහන් හිටපුවගෙන් 50% වත් නැති අපි කියන කතා අපෙ පොඩි උනුත් මැජික් වගේ ඒ කාලේ වෙනකොට අහන් ඉදී... ඒත් දැන් ඉන්න පොඩි උන්ට උන්ගෙ ලමයින්ට කියන්න ඉතුරු වෙන්නේ මොනවද? තාක්ෂනයෙන් කොච්චර දියුණු උනත් මේ දේ නැතුව ඇති වැඩේ මොකක්ද?
ළමයින්ට ඔහොම වෙනවට අම්මල තාත්තලත් වග කියන ඕන බං....
ReplyDeleteකවද හරි අපි මෙහෙමවත් කොලානේ කියල මතක කරලා සතුටුවෙන්න පුළුවන් වෙයි අපිට.....
අපේ පොඩි උන්ගේ කාලේට උන්ට මෙහෙම වෙනව බලාගෙන ඉන්න වෙයි අපිට
Deletehariyatama hari ban.. kiyana kathawa
ReplyDeleteස්තූතියි...
Deleteඉස්සර අපි ගෙවපු ළමා කාලය අයෙම ඊළග පරම්පරාවන් වලට එන එකක් නෑ කියලා හිතෙනවා...
ReplyDeleteඊලගට එන පරම්පරාවන් ඉලෙක්ට්‍රොනික් කෑලි අස්සෙ අතර මං වෙලා ඉවරයි..
Deleteහ්ම්ම්..දිනේෂ් අයියට එකඟයි.
ReplyDeleteජිවිතේ මතක නම් ඇත්තමයි අපූරුයි :)
මතක් වෙනකොට දුකත් හිතෙනවා නේ?
Deleteඇත්ත... අපෙන් පස්සේ පරම්පරාවක් ඉස්සරහට යනකොට කියන්න තියෙන්නෙ ෆේස්බුක්, ඉන්ටර්නෙට් ගැන තමා...ඒ වගේම බාගෙට බාගයක් උන් ලෙඩ්ඩු වෙයි...
ReplyDeleteබාගෙට බාගයක් නෙමේ ඔක්කොම උන් වගේ ලෙඩ්ඩු වෙලා ඉවරයි
Deleteඕක මේ ළඟදි මටත් හිතුනා.. හැබැයි ඒ හිතුනේ මන් ගැනම..
ReplyDeleteඉස්සර සින්දු ඇහුව්වේ - රේඩියෝව
ෆිල්ම් බැලුවේ - ටීවී
පොත් බැලුවේ- ඇඳ උඩ ඉඳන් පොතක් අතේ තියාගෙන
සෙල්ලම් කලේ - මිදුලේ
යාලුවෝ එක්ක කතා කලේ- ෆෝන් එකෙන්/ නැත්නම් හම්බුවෙලා
ඒකට දැන් මන් ඔය හැමදේම කරන්නේ "කොම්පියුටර්" එකෙන්... මටම මේ ළඟදි මේ මොන විකරයක්ද කියලා හිතුනා අප්පා..