Pages

Friday, February 14, 2014

වැලන්ටයින්, පොය හා පොඩි නංගි

මාස දෙකකට විතර පස්සෙ අදයි මේ පැත්තට ගොඩ උනේ.... වෙලාවට පොය දවස උනේ. නැත්තම මොකො බං ගෙදර කියලා හැම එකාම අහනවනෙ. ඇයි යකෝ වැලන්ටයින් නැති උන් ඉන්න බෑ වගේනෙ මුන් කතා කරන්නේ. කොහොම කොහොම හරි බ්ලොග් එක පැත්තෙ එන්න අවස්තාවක් ලැබුනනෙ ඒකෙන් හරි.



වැලන්ටයින් ගැන කිවුවොත් ඉතින් කියන්න තියෙන්න කඩ කාරයෝ පොහොසත් කරන මගුලක් කියල තමයි... මොකෙක් ට හරි ආදරේ කරනවනම් එක දවසක විතරක් විශේෂයක් මොකටද??? කොහොම කොහොම හරි පාර්ක්, ෆිල්ම් හොල් වහලා හින්දා සූ සූ ගාලා සෙනග ඇති රූම්ස් දෙන තැන් වල.... ඇයි ඉතින් ලවු කරන්න කියලා පන්සල් යන්න කියලයැ... හැබැයි මමනම් කියන්නෙ බොක්කෙන් කරන ලවක් නම් රූම් එක පැත්තකින් තියලා පන්සලකට ගිහින් මලක් පූජ කරල පහනක් පත්තු කරල ආවනම් ඒක සමහර විට අනාගතේට ආශිර්වාදයක් වෙයි.... අනික කොල්ලෙක් එක්ක පන්සලේ හිටියා කියලා මිනිස්සුන්ට බනින්නත් බෑනෙ.

රැල්ල යන අතට ඉස්සර හැමෝම පස්සෙන් ගියාට දැන් රැල්ල යන විදියට යන්න ගියොත් කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැති එකේ රැඩිකල් වෙන්න ට්‍රයි කරන එකත් නරකක් වෙන එකක් නෑ ඉස්සරහට. ආදරේ කරනවට සමාජයේ තියන ආකල්පය නම් ටිකක් අවුල්...... කෙල්ලෙක් කොල්ලෙක් එකට ඉන්නවා දැක්කොත් අපේ උන් කොහෙන් හරි කතාවක් හදයි.. ආදරයයි රාගයයි කියන්නේ එකට යන දෙයක් කියල තෙරෙන්නෙ නැති අපේ මිනිස්සු ජෝඩුවක් අනාචාරයේ හැසිරුනා කියලා දැන ගත්තානම් උන් දෙන්නව මැරෙණකම් හංවඩු ගැහුවට ඒ හංවඩු ගහන උන්ට උන් ඒ කාලේ බඩවැටි වල කැලෑ රොදවල් වල කල ඒවා මතක නැතුව ඇති මයෙ හිතෙ...





සක්‍රයා ආවත් කෙල්ලො කොල්ලො බුදියගන්න එක නවත්තන්න වෙන එකක් නෑ.... ඒ උන්ගේ හැටි වගේම වයසේ අවශ්‍යතාවය.  හොඳම දේ පොඩි උන්ට විදිමත් ලිංගික අධ්‍යාපනයක් දෙන එක... අනික දැන් ඉන්න උන් ආදරේ කියන්නේ සෙක්ස් වලට විතරක්මද කියලත් මට හිතෙනවා. මුන්ගෙ ඔලු හදන්නේ නැතුව අනිත් මොක හැදුවත් වැඩක් වෙන්නේ නෑ. ඔලු හදන්න ඔනේ  කාලේ මරව මරව පාඩම් කොරෝලා පස්සෙ උන් කෙලවගත්තම බැනලා වැඩකුත් නෑ.

මේ දවස් වල හැම එකාම විකුණන් කන්නේ අර අහිංසක වෙනුෂා දැරිවිව.... ලෝකෙ දැකලා නැති උන් අනුන්ගේ ඇස් වලින් ලොකේ දකින්න ගියාම වෙන්නේ අන්තිමට කොහෙ හරි ඉන්න අහිංසකයෙක් ජීවිතේන් සමු දෙන එක... ඔනේම සමාජයක වයස පරතරයත් එක්ක ඔය ගැටීම තියනවා... පොඩි උන්ට හරි දේ ලොකු උන්ට වැරදි වෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි ලමයි කියන්නේ ලමයි. එක හැම එකාම තෙරුම් ගන්න ඔනේ.... වරදකට දඩුවමක් තියෙන්න ඔනේ උනාට මොඩයෙක්ට කවදාවත් දඬුවමක් දෙන්න තේරෙන්නේ නෑ. 365 දවසෙම පොත් එක්ක පාඩම් එක්ක ඔට්ටු වෙන ලමයින්ට ඒ ජීවිතෙන් මොහොතකට හරි ඈත් වෙන්න තියන එකම විදිය ෆෙස් බුක්, මොබයිල් ෆොන්, කම්පියුටර්, ඉන්ටනෙට් වෙලා ඉවරයි... ඒ දේවල් නිසා පොඩි උන්ට බනිනවට වඩා උන්ව ඒ තත්වෙට ඇදලා දැම්මේ කවුද කියන එක හොයල බැලුවොත් අන්තිමට ඇඟිල්ල දික් වෙන්නේ ඔය බණින උන්ටම තමයි. ලමා කාලේ ලමයි වෙන්න දෙන්නේ නැතුව දොස්තරලා, ඉංජිනේරුවො කරන්න යන එකේ ප්‍රති විපාක තමයි ඔය.

මැරිච්ච කෙල්ලට වත් සැනසිල්ලෙ ඉන්න දීපල්ලා ඒකිව "වෙසි"  කරන්න යන්නේ නැතුව. වැරදි උනත් හරි උනත් කී බොඩ් එකක් අස්සෙ පොර ටොක් දෙන උනට වඩා ඒකිට ධෛරයක් තිබුනා මැරෙන්න හරි. මැරෙන්න හිත හදාගන්න එක කොච්චර අමාරුද කියල මැරෙන්න ගිය එකෙක් ගෙන් අහලා බලපල්ලා. උබ හරි කියල හිතපු දේ වෙනුවෙන් උබ ජීවිතේ නැතිකරගත්තා නංගියේ... ආයේ උපදින ආත්මෙක මෙහෙව් රටක ඉපදෙන්න වෙන්න එපා කියල මම ප්‍රාර්තනා කරනවා....


11 comments:

  1. එකගයි වෙඩික්කාරයා උඹත් එක්ක.

    ReplyDelete
  2. "මට අමතක උනා පෝය කියලා. මම හිතුවේ වැලන්ටයින් දිනේට රජයෙන් නිවාඩු දීලා කියලා" ඔය මගේ යාලුවෙක් ඊයේ කියපු එකක් . හුඟක් දුරට ඔබ හරි ...

    ReplyDelete
  3. උඹ හරි බං.. පන්සලකට ගිහින් අඩුම ගානේ බාරයක් වත් වෙන එක රූම් එකකට යනවට වැඩිය වටින දෙයක්..

    ReplyDelete
  4. මිනිස්සු හිතා මතා වැරදි කරන්නේ නෑ මචන්.. වැරදි වෙනවා මිසක්. ලංකාවේ මිනිස්සුන්ට internet තවම magic. වැලන්ටයින් කියන්නේ අනුස්මරණ දිනයක් . මුන් ඒකත් සමරනවා. වැලන්ටයින් කියන එක නෑ කියලා දුක් වෙන්න ඕනේ නෑ බන් .. ලෝක ඒඩ්ස් දිනයක් කියලා එකකුත් තියනවනේ ඒත් හැමෝටම ඒඩ්ස් නෑනේ..

    ReplyDelete
    Replies
    1. කන්න ඔනේ උනාම කබරයා තලගොයා වෙනවලුනෙ

      Delete
  5. නියමයි වෙඩියො...

    ReplyDelete
  6. Logical Sri Lankan.................................!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.