පටන් ගන්න කලින් කියන්නේ මේක කියවලා මට බනින්න නම් ලෑස්ති වෙන්න එපා.... සමහර විට මේ කියන්න යන දේ වැරදි වෙන්නත් පුලුවන්. එදිනෙදා ජීවිතේ දි මට දැනුන දෙයක මගේ විචාරය තමයි මේ...
මාතෘකාව ලංකාවෙ අධ්‍යාපනය
මෙක කියපු ගමන් කට්ටියට මතක් වෙන්නේ අපේ බින්දුල මාමයි සීබී මාමයි එකතු වෙලා පහුගිය කාලේ රඟපාපු ජවනිකා ටික තමයි... ඒ දේවල් ගැන කතා කරලා වැඩක් නෑ... මේ එතනිනුත් ටිකක් එහාට ගියපු කතාවක්.
ලංකාවේ අධ්‍යාපනය සඳහා ගතවෙන කාලය තරමක් වැඩී කියලා කාටවත් හිතෙන්නෙ නැද්ද? ඒ කිවුවේ පලවෙනි ශේණියට ඇතුලත් වෙන ලමයෙක් එ ලෙවල් ඉවර කරලා කැම්පස් ගිහින් එලියට එනකොට අඩුම වශයෙන් අවුරුදු 24ක් වත් වෙනවා... ඒකත් ඒ ලෙවල් පලවෙනි පාරෙන් කැම්පස් ගියොත් විතරයි.... මෙඩිසින් කරන අයට මේ කාලය තව අවුරුදු දෙකක් විතර වැඩි වෙනවා..... අවුරුදු 26ක් වත් වෙනවා..... සාමාන්‍යයෙන් ගත්තොත් ජීවිතෙන 3න් එකක් විතර. මේ ක්‍රමය කෙතරම් දුරට ප්‍රායෝගිකද?
මම දන්නවා මිනිසෙකුට ජීවිත කාලයම ඉවර වෙනකම් ඉගෙන ගන්න දේවල් තියනවා කියලා... ඒත් මෙහෙම යන අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් කරන්න කාලය හරි කියලයි මටනම් හිතෙන්නේ...
ඉගෙනගන්න හැමෝගෙම බලාපොරොත්තුව අන්තිමට හොඳ රස්සාවක් හොයාගන්න එක නේ..... දැන් රැකියා වෙළඳපොලේ වැඩිම ඉල්ලුම තියෙන්න අඩු වයසෙන් වැඩි සුදුසුකම් සපුරලා තියන අයට... එකම ඩිග්‍රිය තියන අවුරුදු 26ක කෙනෙකුයි 22 ක කෙනෙකුයි ගත්තම වැඩිම වාසිය තියෙන්නෙ 22 එක්කෙනාට කියල තමයි මට තේරිලා තියෙන්නෙ.... සමහර ආයතන වල රැකියා සඳහා දාන දැන්වීම් වල වයස් සීමාවත් දාලා තියනවා... බොහොමයක් වෙලාවට අවුරුදු 24ට අඩු අය...
අනිත් අතින් වයසත් එක්ක වෙන සමාජයීය බලපෑම.... බොහොමයක් වෙලාවට කොල්ලො කෙල්ලොන්ගේ විවාහ වෙන්නේ 28 26 වගේ කාල වල.... ඒත් මේ අධ්‍යාපන ක්‍රමය නිසා කැම්පස් යන අයට මේ කාලය මීට වඩා පහු වෙනවා... විශේෂයෙන මෙඩිසින් කරන කෙල්ලන්ට.. අවුරුදු 25 26 කියන්නේ කෙල්ලෙක්ගේ ජීවිතේ හොඳම කාලේ... මේ කාලේත් කැම්පස් ඉන්න වෙන එක කොච්චර අපරාදයක් ද? ඒ අතින් කැම්පස් නොගිය උන් රස්සාවල් හොයාගෙන මේ කාලේ වෙනකොට යම්කිසි ස්ථාවරයකට ඇවිත් ඉවරයි.... කෙනෙකුට අවුරුදු 26 විතර වෙනකොට හොඳ රස්සාවක් හොයාගෙන තමාගේම කියල ස්ථාවරයකට එන්න පුලුවන් නම්, ඊට පස්සෙ හොඳ විවාහයක් කරගෙන ජීවිතේ සාර්ථකව ගෙනියන්න පුලුවන්.... තමන්ගේ දරුවන් යම්කිසි සැලකිය යුතු වයසකට එනකොට දෙමව්පියනුත් ජවය තියන වයසක ඉන්නවා කියන එක ඒ දරුවන්ටත් හොඳ දෙයක් කියලයි මම හිතන්නේ.....
ඒ අතින් සල්ලි තියන උන් පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ගිහින් ඉක්මනට වැඩේ කරගන්නවා.... ඊට පස්සෙ උන්ව අල්ලන එක ඇත්තටම අමාරු දෙයක්...
උදාහරණයක් විදියට අපිත් එක්ක ඔ ලෙවල් කරපු එකෙක් එලෙවල් කරන්නේ නැතුව උපාධියක් කරන්න ගියා පෞද්ගලික විශ්වවිද්‍යාලයකට.... අපි ඒ ලෙවල් කරනකොට ඌ උපාධිය අරගෙන ඉවරයි... දැන් අපේ උන් කැම්පස් දෙවෙනි අවුරුද්දේ ඉද්දි ඌ උගෙම කාර් එකක රස්සාවට යනවා, ඇඟට දැනෙන පඩියකුත් එක්ක... තව ටික දවසකින් උගේ මාස්ටර් එකත් ඉවරයි... අපේ උන් තාම කැම්පස්.
මේ අවුරුදු 3ක වෙනස..
ඉතින් මම කියන්නේ මේ අධ්‍යාපන ක්‍රමේ වෙනස් වෙන්න ඔනේ නැද්ද? ඉස්කෝලෙ ගිය දවසේ ඉඳන් කැම්පස් ගිහින් උපාධියක් ගන්න කාලය අවුරුදු 2, 3කින් අඩු කරගන්න විදියක්... අපේ කෙල්ලො කොල්ලොන්ට ජීවිතේ තරුණ කාලේ හොඳින් ගෙවන්න පුලුවන් වෙන විදියක්, කෙල්ලො ගෙදරට නාකි නොවෙන විදියක්..... ???????
අවුරුදු 2න් ලමයි ඉස්කෝලෙ යවන්න බෑ කියලා මම දන්නවා... ඒත් ඉස්කෝලෙ යවපු දවසේ ඉඳන් කාලය උපරිම ලෙස පාවිච්චි කලොත් මේ දේ කරන්න බැරි වෙන එකක් නෑ.... ඔ ලෙවල් 10 වසරෙන් හරි 9 වසරෙන් හරි තිබ්බොත්? අනික ඔ ලෙවල් ඉවර උන ගමන් එ ලෙවල් පොලිශ් කරන්න හදන්නේ නැතුව 10 වසරේ විතර ඉඳන් ඒ වැඩේ පටන් ගත්තොත් ඒ ලෙවල් වල මුල අවුරුද්දේ වෙන කාල නාස්තිය නැති කරගන්න පුලුවන් නේද?
විභාග පැවැත්වීමත් මීට වඩා කාර්යක්ශම කරන්න ඔනේ නැද්ද?
සහතික ඇත්ත... මේ ක්‍රමේ තියෙන්නෙ අපේ වගේ ආසියාතික රටවල් කීපයක විතරයි.. කොටින්ම ආසියාතික රටවලත් බොහොමයක් ළමයිනුත් දැන් ඉතාම ඉක්මනින් රැකියා වලට යොමු වෙනවා... අපේ අයට ගානක් නෑ..මොකද ඔක්කොම එක බෝට්ටුවෙ නිසා.. ඒත් විශේෂයෙන් වෙන රටක ඉගෙන ගන්න රැකියා කරන්න ගියාම තේරෙනවා ඒ අඩුව හරියට.. වෙන උදාහරණයක් ඕන නෑ... මං ඉගෙන ගන්න විශ්ව විද්‍යාලෙ මගේ බැච් එකේ වැඩිමල්ම ළමයි අතරින් කෙනෙක් මම... මගේ වයසෙ ගුරුවරු මට උගන්නනවා.. එයාලා degree එක ඉවර වෙලා post graduate degree එකත් කරලා තව professor කෙනෙක් විදිහට වැඩ කරනවත් එක්ක// එහෙම බැලුවම අපි ඉබ්බො වගේ... දුකේ බෑ... මැලේසියානු ළමයිනුත් එහෙමයි,,, හරි අඩු වයසින් එයාලා ඩිග්‍රී එක ඉවර කරගන්නවා.. :/
ReplyDeleteඅපිට ඩිග්‍රි හම්බවෙනකොට නාකි වෙලා
Deleteඅඩේ උබටටත් ඉදල හිටල හොද වැදගත් දේවල් මතක් වෙනව නේ.... එල එල...
ReplyDeleteතැන්කියූ තැන්කියූ
Deleteදාන්න හිතෙනව කටට මොනව හරි .අම්මප සහතික ඈත්ත
ReplyDeleteපන්දාහෙ කොලයක් වත් දාපන්කො එහෙනම්
Deleteකතාව ඇත්ත බං. අපි ඉගන ගන ඉවරවෙන කොට නාකි වෙලා. ඒ වගේම තමා බටහිර රටවල ඉගන ගන්න ගමන් පාට් ටයිම් රැකියා කරනවා. අපට ඒ අවස්ථාව හුගක්ම අඩුයි. හැබැයි පුද්ගලික වි.වි ඇතිවීමෙන් මුදල් තියෙන අයට නම් ඒ චාන්ස් එක වදිනවා.
ReplyDeleteමෙහෙම නාස්ති වෙන්නේ අපේ රටේම අනාගතය කියල මේ එක ඇමතියෙක්ට වත් හිතෙන්නේ නෑනෙ
Deleteමේරටේ නම් ඉගෙන ගෙනත් වැඩක් නැහැ.
ReplyDeleteඒකනම් සහතික ඇත්ත....
Deleteඅධ්‍යාපන ක්‍රමයම වෙනස් විය යුතුයි.මෙහිදී අධ්‍යාපනය අවසන් කිරීමට ගත කරන කාලයට වඩා වැදගත් වන්නේ ඒ ඒ කඩ ඉම් වලදී රැකියා අවස්ථා සඳහා විවෘත කර දිය යුතු මාවත් හෙලිකරන්නේ කෙසේදැයි කල්පනා කිරීම බව මගේ අදහසයි.
ReplyDeleteකොහේද ඉතින් අපේ පාලකයෝ කල්පනා ලොව මල් වනේ නේ.
මුකුත් හිතන්න එපා මෙහෙම කිව්වට.අපි මෙව්වා කථා කරන්නේ ප්‍රශ්න පත්තරෙයි උත්තරයි දෙකම එකට එන කාලෙනේ.
අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට වෙනසක් කරන්න අමාරුයි මේ යන තත්වෙත් එක්ක
Deleteඕලෙවල්වලින් කැම්පස් යන එක නොවෙයි, ඕලෙවල් සහ ඒ ලෙවල් අතර සහ ඒලෙවල් සහ කැම්පස් අතර කාලේ කොච්චර නාස්තිවෙනවාද?
ReplyDeleteමං ඉස්කෝලේ ගියේ 1,2,3,......11,12(A/L) වෙනකං වුණාට සේරම අවුරුදු 14 ක් ගියා! ඒ කියන්නේ මුලින්ඟ පාසල් ගිය දනි සිට යුනිවසිටි ගිය දින දක්වා කාලය අවුරුදු 13 මාස නමයක්. යුනිවසිටියට යනකොට වයස 18 මාස 11 යි!
දැන් කාලේ මේ "එක වසර, දෙක වසර" කේස් එක හින්දා පහලොවක් යනවා ඇති!