Love at First Sight, එහෙමත් නැත්තම් අපේ බාසාවෙන් කියනවනම් පලමු ඇස ගැටීමෙන් ඇතිවන ආදරය..... බලන්න කී දෙනෙකුට මේ දේ දැනිලා ඇද්ද? කී පාරක් වෙලා ඇද්ද? සමහර වෙලාවට සමාජයේ ජීව්ත්වෙන මිනිස්සුන්ගේ හිත් වල මෙහෙම හැඟීම් දවසකට කී දාහක් ඇතිවෙනවද? ඒත් ඒ හැඟීම් ගොඩක් වෙලාවට, විනාඩි ගානකට, පැය ගානකට එහෙමත් නැත්තම් දවස් ගානකට සීමා වෙච්ච හැඟීමක් නෙමෙයි ද? බොහෝ වෙලාවට මඟතොටේ දි, සාප්පු සංකීරණේකදි, නැත්තම් උත්සවයකදි.... මේ වගේ වෙලාවක අහම්බෙන් ඇස ගැටන(සමහර වෙලාවට තත්පර ගානකට සීමා උන ) කෙල්ලෙක්\කොල්ලෙක් ගැන මෙහෙම හැඟීම් ඇති වෙන්න ඇයි? බොහෝ වෙලාවට ඒකට ප්‍රධානම හේතු වෙන්නෙ 'ලස්සන', 'හැසිරීම', 'විලාසිතාව' වගේ භෞතික හේතු... ඒ හෙතු නිසාම අපි ඒ පුද්ගලයව තවකෙකුට විග්රහ කරන සාමාන්‍ය වචන වෙන්නෙ 'පට්ට', 'පිස්සු හැදෙනවා', 'මැක්සා' වගේ වචන.... ජීවිතේ කිසිම දවසක හමුවෙලා නැති පිටස්තරයෙකුට හිතේ ආදරය කියන හැඟීම ඇත්තටම ඇතිවෙන්න පුලුවන්ද? ඇයි එහෙම බැරි...! ඇස පිනවන දේවල් වල ගැටෙන අපේ පෘතක්ජන හිත් ඒ දේවල් වල ඇලී ගැලෙන්නේ අපිටත් පාලනය කරගන්න බැරි විදියට... එහෙව් අපේ මිනිස් සිත් වලට මෙහෙම හැඟීම ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්...
හැබැයි ඉහත කී ගොඩක් ආදර හැඟීම් සුලු කාලසීමාවකින් පස්සෙ යටපත් වෙලා යනවා.. සමහර විට ඒ හිත ගිය පුද්ගලයා අයෙත් තමන්ගේ මුලු ජීවිත කාලෙටම හමු නොවෙන්නත් පුලුවන්. නිතර දකින කෙනෙක් නම ඒ හැඟීම් නැවත නැවත අලුත් වෙන්නත් පුලුවන්. ඒත් ඒ හැඟීම් ආදර සඹදතාවක් බවට පත්වෙන්නේ ඉතාමත් අඩුවෙන්.... මොකද අනෙක් පුද්ගලයාට හැඟීමට යටත් වෙන පුද්ගලයාට තමා ගැන ආදර හැඟීමක් තියන බව යන්තමට වත් අවබොදයක් නැති නිසා. ජීවිතෙට කතාබහ කරලා වත් නැති ඒක පාර්ශ්වික ආදර කතා කොච්චර ඇද්ද? එකිනෙකා ගැන මෙහෙම හැඟීම ඇතිවුන දෙදෙනෙක් පවා එකතු වෙන්නේ කලාතුරකින් ( පිටරට වල නම් මෙ ප්‍රතිශතය වැඩී ) ඒ ඇතිවන හැඟීම හිත ඇතුලෙම යටපත් වෙලා යන්නේ ජීවිතේ පලවෙනි පාරට දැකපු කෙනෙක් ඇවිත් "මම ඔයාට ආදරෙයි" කිවුවොත් බොහෝ වෙලාවට ලැබෙන පිලිතුර " තමුසෙට පිස්සුද ඔයි" වෙන හින්දා.
මෙහෙම හැඟීමක් ඇති උනොත් කරන්න පුලුවන් හොඳම දේ කොහොම හරි ඒ පුද්ගලයව දැන හඳුනගෙන තමාගේ හැඟීම ප්‍රකාශ කරන එක... ඒත් අපි හිතන විදියට හැම දේම වෙන්නත් නෑනෙ....
තවත් වෙලාවල් වලට ගොඩක් ලඟින් ඇසුරු කරන අය අතරෙත් මේ වගේ ඒක පාර්ශ්වික ආදර හැඟීම් ඔනේ තරම් තියනවා... මේ වගේ අවස්තා වලදි නම් ඒ හැඟීම් ගොඩක් සංකීර්ණයි.
මෙහෙම සම්බන්දතා වලදි ඇතිවෙන ආදර හැඟීම් වලට බොහෝ වෙලාවට බලපාන්නේ "ගතිගුණ", ඊට අමතරව 'ලස්සන' වැනි භෞතික හෙතුත් යම්තාක් දුරකට පාදම් වෙන්න පුලුවන්... ඒ පුද්ගලයා තමාට ගොඩක් උදව් කරපු, තමන් ගැන නිතර සොයාබලන, තමාට රැකවරණය සලසන එහෙමත් නැත්තම් තමාගේ ජීවිතේ වෙනස් කරපු තමාට වඩාත් සමීපතමයෙකු වෙන්නට පුලුවන්.. මේ වගේ අවස්තා වල ඇතිවෙන හැඟීම් කාලයත් එක්කම ඉබේ ඇතිවෙන ඒවා මිසක් සඹදතාවක් ඉලක්ක කරගෙන ඇතිකරගන්නා වූ හැඟීම් නෙමෙයි. ඒත් මේ වගේ වෙලාවල් වලටත් තමාගේ හැඟීම හිතේ හිරකරගෙන ඉන්න වෙන වාර අනන්තයි...
එහෙම වෙන්න හේතුව එම ප්‍රකාශ කරන හැඟීම් වලට ලැබෙන ප්‍රතිචාරය කුමන ස්වභාවයක් ගනී දැයි ඇතිවන චකිතය... ඒ පුද්ගලයා තමා ගැන කුමන ආකාරයකින් සිතයි ද යන බිය... එම පුද්ගලයා ගැන සියල්ල දැනගෙන මෙසේ තමාගේ හැඟීම් ප්‍රකාශ කිරීමට ගොස් වර්ථමානයේ පවතින සමබන්දය නැතිවේදැයි ඇතිවන හැඟීම.... මෙවැනි අවස්තාවලදී ද අනෙක් පුද්ගලයාට මෙමෙ ආදර හැඟීම පිලිඹදව කිසිදු අවබොදයක් ඇතිවන්නේ නෑ වගේම එහෙම එකක් තිබේ දැයි ඔහු හෝ ඇය සැක කරන්නෙත් නෑ... මොකද හැඟීමට යටත් වන පුද්ගලයාගේ කිසිඳු වෙනස් හැසිරීමක් නොමැති නිසා...
මෙහෙම වෙලාවට නම් හොඳට හිතලා බලලා බරපතල තීරණයක් ගන්න වෙනවා... මොකද එම පුද්ගලයා සදහටම නැතිව යාමේ ප්රවනතාවක් මෙමෙ හැඟීම් ප්‍රකාශයත් සමඟ ඇතිවන නිසා. හොඳම දේ ඒ පුද්ගලයාට ඒ දේ දැනෙන්නට අරින එක.. සමහර විට කෙලින්ම තමාගේ හැඟීම ප්‍රකාශ කලපසු තෙරුම් ගැනීමේ හැකියාව ඇති පුද්ගලයෙක් නම් කුමන පිලිතුරක් ලබා දුන්නත් පැවතුන සම්බන්දතාවයට කිසිඳු හානියක් සිදු නොවෙන්නත් පුලුවන්... ඒත් එහෙම අය ඇත්තටම අඩුයි...
:O මාව මේම වුනා..අනේ මන්දා හප්පේ..මම නම් හැබැයි පෞද්ගලිකවම පළමු දැක්මෙන්ම ඇතිවන ආදරේ ඒ තරම්ම පිළිගන්නෙ නෑ..අලේ මන්දා ඔව්වා..
ReplyDeleteසුබ නත්තලක් අය්යණ්ඩියා!!
මෙම සුබ නත්තලේ බ්ලොග් දෙකකම එක වීම ආඩම්බරයට කරුණකි..!!
Deleteසුබ නත්තලක් ඔයාටත්
Deleteමට නම් මතක එක දෙයයි .. උඹ දවසක් කිව්වා මට ඒක .. "මචන් කෙල්ලෝ ඉස්සරහදි eye contact කියන එක මාර වැදගත්"
ReplyDeleteඈ..... මම එහෙම එකකුත් කිවුවද? මට මතක නෑනෙ
Deleteහහ්ම්ම්ම්ම් එකට ආදරයක් කියන බැහැ ආදරයක් ඇතිවෙන්න කාලයක් යනවා කියන එකයි මගේ හැඟීම.
ReplyDeleteකෝරලේ වලව්ව
අනේ මංදා.. එහෙම උන අයත් ඉන්නවා කියන්නේ...
Deleteආදරේ නම් අනේ මන්දා කියල තමා හැමදාම වගේ කියන්න තියෙන්නේ :/
ReplyDeleteනිසි පිලිතුරක් නැති සදාකාලික් ප්රශ්නය කියල තමයි මේකට කියන්න වෙන්නේ.
Deleteහම්මෝ ආදරේ..ඇසිඩ් වගේ..පිච්චෙනවා..කැත වෙනවා..
ReplyDeleteඇයි මූසලත් වෙනවනේ
Deletepalamu dakimen athiwana adare nam aththatama eka adarayak nemei aakarshanayak..
ReplyDeleteAdaraya atiwenne kalayath ekka apita kenekgana athiwana awabodaya thulin,ehemath nathnam uthsahayen ahikaragannawu awabodayen..
Pudgalikawa mama nam kohethma dutu pamanin adarayakata pelaben na.eka akarshanayak pamanakma bawa mata hodinma therenawa..
Lipiya niyamai..
Jayama Wewa !!!
මටනම් වෙලා තියනවා ලාවට වගේ :P
Deleteසොදුරුයි මේ ඉසව්ව. අද තමා පා තැබුවේ මම. එන්නං දිගටම
ReplyDeleteසාදරෙන් ආදරෙන් පිලිගන්නවා
Deleteආදරේ ගැන අර්ථකතන කොහොම දෙන්නද හෆ්ෆා.... :(
ReplyDeleteදීලා දීලම ඇති වෙලාද?
Deleteආදරේ යනු.............කොරලම බලන්නෝනෙ තිං.......:/
ReplyDeleteකොරලා නැතෙයි? :D
Deleteමං මේ කොහෙද ඇත්තටම.....මුලින් ලා සෝස පාටයි......පස්සෙ සතුපාටයි......ඒ ඩැන් ඩිම්වෙලා නිල්පාටයි අප්ප.......:/
Deleteආදරේ හරිම දුක්ඛිතයි මෙයා......
ReplyDeleteතනි ඇහැට ඇඬිලා පස්සෙ අනිත් ඇහැට ඇඬෙනවා
Delete