අහම්බෙන් වූ හමුවීමක්
නිසා ඇතිවූ මිතුදමක්
කාලයත් එක්කම් ඇතිවූ සහොදර බැදීමක්
නිසා හිරකරගත් හැඟීමක්
වෙර දරයි යලිත් නැඟී සිටින්නට
කොටුකර තිබූ පවුරු බිඳගෙන
අහෝ අසරණ සිත
එක අතකින්
වෙරදරයි තෙරුම් ගන්න
වරදක් ද නැද්ද යනවග
අනිත් අතින්
ගිරයකට අසු වී ඇත
සහොදරකමත් ප්‍රේමයත් අතර
O.o තේරුනා/නොතේරුනා අතර..
ReplyDeleteඒ දෙක අතර කොයි හරියෙද?
Deleteපොදු ප්‍රශ්නයක්..විසදුමක් ඇති නැති ගානයි..
ReplyDeleteඅදහස ලස්සනයි..
විසඳුමක් නැත....
Deleteමේ ලෝකයේ බොහෝ දේවල් තීරණය කරන්නේ සංස්කෘතික සාධකයන්. ඒක තමයි ඇත්ත.නිසදැසේ තිබෙන නිදහස ඔබ ඕනෙවට වඩා පාවිච්චි කරලා තියෙන හැඩයි. එහෙම වුණාම එහි රසය අඩු වෙනවා. හොද . ජය.
ReplyDeleteඑහෙමද? ස්තූතියි වැරැද්ද පෙන්නුවට...
Deleteමේ ගිරේ දැක්කම මට මතක් වුනේ ගිරය ටෙලියෙ ගිරයක් අතේ තියාගෙන කැරකුණ ලුසිහාමි උන්දැ...
ReplyDeleteඇ.... මම එහෙම එකක අහලා වත් නෑනෙ...
Delete