තාත්තලගේ අම්මලගේ සිරිත ඉල්ලන දේවල් අරන් දිදී ළමයි නරක් කරන එකනේ.... යටගිය දවස බරණැස් නුවර කවුද මන්දා රජ කරන කාලේක් අපේ ග්‍රාමසේවක මහත්තයත් ඔය වගේම තමයි... පොඩි එවුන්ට මොනවද ඔනේ කොහොම හරි ඒ දේවල් දීලා පොඩි උන්ව සතුටු කරනවා... එක අතකින් ඒව්ගේ තාත්තා කෙනෙක් හම්බවෙන්නත් වාසනාව තියෙන්න ඔනේ... මොකද අපි ඔහොම බූරුවෝ වගේ මොකක් හරි ගොං දෙයක් ඉල්ලුවොත් අපිට හම්බවෙන්න කන හරහ නේ....
ඔන්න කොහොම හරි වැලේ වැල් නැතුව හිටපු එක කොල්ලෙක් දවසක් මේ ග්‍රාමසේවක මහත්තයට කිවුවලු "තාත්තේ, තාත්තේ මට ගමටම රූකඩ පෙන්නන ඔනේ කියලා" මූටත් එන ආසාවල් කියලා පහුවෙනි දවසේම ගමේ හංදිය මැද්දෙ මුලු ගමටම පේන විදියට කොල්ලට රූකඩ මඩුවක් දාලා දුන්නලු ග්‍රාමසේවක මහත්තයා. පොඩි එකා පවුනේ නැත්තම්... කොල්ලට දැන් මාර හැපි ලු, මූ හෝ ගාලා දැන් රූකඩ නටවනවලු. ඒත් ගමේ උන්ටත් හැමදාම එකම කුකුලගේ කරමලේ හැඩ බලන්න බැරි නිසා රූකඩ බලන්න එන අය අඩු උනාලු... මෙච්චර දවස් හැපි එකේ හිටපු කොල්ලා දැන් බලාගත්ත අත බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා දැකපු ග්‍රාමසේවක හාමිනේ මහත්තයට කිවුවලු " බලන්න අනේ කොල්ලා බලාගත්ත අත බලාගෙන හූල්ලනවා, පොඩ්ඩක් බලන්නකො" කියලා.
තාත්තා කොලුවා ලඟට ගිහින් "ඇයි පුතේ" කියලා ඇහුවම කොල්ලා කිවුවලු "තාත්තේ දැන් කවුරුත් මගේ රූකඩ බලන්න එන්නේ නෑ" කියලා. එහෙනම් අලුත් එකක් පෙන්නපන් කියලා තාත්ත් ඔට්ටපාලු බොලෙකුයි උණ බට කෑල්ලකුයි ගෙනත් දුන්නලු... ඊට පස්සෙ කොලුවා ඔට්ටපාලු බොල වලින් සෙල්ලම් කරන හැටි පෙන්නන්න පටන් ගත්තා... ඔහොම යනකොට ආයෙත් කට්ටිය අඩු වෙන්න පටන් ගත්තා. හැමදාම ඔට්ටපාලු නෑනේ. ඊට පස්සෙත් තත්තා ගමේ වැඩ වලට ගම්මුන්ගෙන් එකතු කරන සල්ලි වලින් ඉල්ලගත්ත ගතමනාවෙන් එක එක රූකඩ නටවපු කොල්ලාට පස්සෙ මරු අදහසක් ආවා.. කරන්න ඔනේ කට්ටිය හොල්මන් වෙලා යන වැඩක් කියලා ආයෙත් තාත්ත ගාවට ගියා...
"තාත්තෙ මට තිරික්කල් රේස් එකක් තියන්න ඔනේ" පොඩි කාලෙ ඉදන් මුන්ව නරක් කරපු එකේ වැරැද්ද කියල එවලේ ග්‍රාමසේවක් මහත්තයට හිතෙන්න ඇති.. කමක් නෑ කොල්ලනෙ කියලා තාත්තා එකටත් හා කියලා කොල්ලට සප් එක දුන්නා... වැඩේට පාරවල් වහන්න වෙන එකත් වැඩි අමාරුවක් උනේ නෑ, මොකද ගමේ ලොක්කා තාත්තනේ. ගමේ ගොන්නු හොඳ මදි කියලා අහල පහල ගම් වලිනුත් එක එක ජාතිය කේප්ප වස්සො අරන් ඇවිත් ගජරාමෙට ලෑස්ති වෙනවලු ඔන්න තිරික්කල් රේස් තියන්න... හුරේ කියලා තිරික්කල් අරින ඇරිල්ල බලන්න කට්ටියම එන්න හොඳද? නැත්තම් පොඩි එකා පවු නේ!
ඔන්න ඔය අස්සෙ ගෙදර පොඩි එකා අයියගේ විකාර මට වැඩක් නෑ කියලා සරුංගල් වල එල්ලිලා උඩ යන්න දඟලනවලු... ඌටත් ලොකු සරුංගල් කෑල්ලක් හදලා දුන්න කියල තමයි ආරංචිය.
මේක මාල කතාවක්නේ.. අයියයි මල්ලියි දෙන්නම අපරාදේ කියන්න බෑ..තාත්තට වාසනාවන්!!
ReplyDeleteඅලේ මම එකලු
Deleteමෙහෙව් තාත්තලා රටටත් වාසනාවන් නෙ
Deleteතිරික්කල් ෙර්ස් ෙහටත් තීනවා ම ෙය හිෙත්..
ReplyDeleteමමත් යන්න කියලා බැලුවෙ...
Deleteව්‍යංගයෙන් කිව්ව කථාව පස්ටයි... තිරික්කල් රේස් එකේ රගේ දන්නෙ වැලිකොට්ට ඇද්ද ආමි කොල්ලොයි... පාරවල් වහපු නිසා අසරණ උන මගීන් සැට් එකයි විතරයි...
ReplyDeleteඅනේද කියන්නේ! ඒ අස්සෙ පෙට්‍රලුත් වැඩි කලානේ මුන්
Deleteහෙහ්.. සිරා කතාව...
ReplyDeleteනටන්න ගෙනාපු ලමිස්සියො ටික නම් පංකාදුයි :p
Deleteෂෝයි අයියයි මල්ලියි අප්පා....
ReplyDeleteරත්තරං කොල්ලො දෙන්නා :D
DeleteMekiyanne mahindha Rajapaksha janadipathi ganaya
ReplyDelete