අපි ජීවත් වෙන හැම මොහොතක් ම ගෙවිල ඉවර වෙනවත් එක්කම එවා අපේ අතීතයට එකතු වෙනවා.... ගෙවෙන හැම තත්පරයකටම අන්තිමට වෙන්නේ ඔය දේ තමයි.... කෙනෙක් ගෙ අතීතය කියන්නේ හරියට සල්ලි ගන්න බැරි බැංකු පොතක් වගේ. දාන දාන එක එකතු වෙනවා ඇරෙන්නේ අපිට ඒවා අපහු ලබාගන්න බෑ. කරන්න පුලුවන් එකම දේ පොත දිහා බලලා සතුටු වෙන එක විතරයි..... හැබැයි පොඩි කොස්සකට තියෙන්නේ අපේ අතීතය කියන බැංකු පොතට එකතු වෙන්නේ සල්ලි කියන අපිව හැම වෙලේම සතුටු කරන්න පුලුවන් දේවල් නෙමෙයි හින්දා.... ඒ පොතට එකතු වෙන දේවල් අතරේ සතුට, දුක කියන දෙවර්ගයම ඇතුලත් වෙන්න පුලුවන්..
අතීතය කියන එකතුවට අපේ ජීවිත වල ගෙවුනු හැම තත්පරයක් ම ඇතුලත් උනත් ඇත්තටම කිසිම පුද්ගලයෙකුට ඒ හැම තත්පරයක් ගානේම නැවත මතක් කරන්න බෑ.... මොකද අතීතය කියන මතකයන් ගොඩට ඇතුලත් වෙන්න සමහර විශේෂ අවස්ථාවන් විතරක් නිසා... ඒ අවස්ථාවන් ගොන්නේ බොහෝ විට ඇතුලත් වෙන්නේ අපේ හිතට වැඩියෙන්ම බැඳුනු, අපි වැඩිපුරම ආස කරපු දේවල් සහ අපිට දුකක්, පීඩාවක් ගෙන දුන්න දේවල්..... සමහර පුද්ගලයන්, ජීවිතේ වැඩිපුරම සතුටු උන අවස්ථා, අපි ගත්ත වැරදි තීරණ, අහම්බෙන් සිදුවුන සමහර සිද්දි ඒ වගේම සමහර දේවල් වලින් නූලෙන් බේරුන අවස්ථා, මේ වගේ දේවල් තොග ගණන් අපේ අතීත මතක් අස්සේ තියනවා... අතීතයට අයත් උන "හොඳ" හා "නරක" මතකයන් ගොන්නේ බහුතරය මත බොහෝ වෙලාවල් වලට අපේ අතීතය කටුක ද නැතිනම් සොඳුරු ද යන වග තීරණය කරනවා...