Pages

Thursday, November 28, 2013

ගංජා කාරයා

දුම් බීම හෘද්‍යාබාද ඇති කරයි කියලා පෙට්ටියේ කොච්චර ගහලා තිබ්බත් දවසකට ලංකාව ඇතුලේ සිගරට් කෝටි කීයක් විකිනෙනෙවා ඇත්ද! සෞඛ්‍යය ට කොච්චර හානිකර උනත් මොකක් හරි ආතල් එකක් තිට කොච්චර හානිකර උනත් මොකක් හරි ආතල් එකක් තියනවා නම් මිනිස්සු ඒ දිහා නොබලා ඒක මගහරින්නේ නෑ ගොඩක් වෙලාවට. දවසකට පාර අයිනේ, කඩ පේලියේ කොනක, වාහනයක් ගාව, නැත්තම් කොහෙ හරි අයිනක මිනිස්සු කී දාහක් සිගරට් බොනවද! අපි කොච්චර ඒ දේ දකිනවද???? ඒත් අපි ඒ දේ ගණන් ගන්නෙ නැත්තෙ ඒක අපිට හුරු පුරුදු දර්ශනයක් නිසා වෙන්න ඇති. හැබැයි කොල්ලො දෙතුන් දෙනෙක් මුල්ලකට වෙලා ජොයින්ට් එකක් ඔතනවා දැක්කොත් හරි ගහනවා දැක්කොත් හරි මොකද වෙන්නෙ????



කොල්ලෙක් එක පාරක් ගංජා පාරක් ගහනවා දැක්කොත් ඌ ගංජා කාරයා කියලා උගේ ජීවිත කාලෙටම හංවඩු ගහනවා...මේක කොච්චර දුරට සාධාරණද! ඇබ්බැහි වෙනවා කියන එක නිකම්ම වෙනවා කියල හැමෝම කිවුවට මමනම් ඒක කොහෙත්ම පිලිගන්නේ නෑ. ඇබ්බැහි වන එක නොවෙන එක තීරණය වන්නේ තමන්ගේ අවශ්‍යතාව මත මිසක් පාවිච්චි කරන දේ මත නෙමෙයි. දවසට සිගරට පැකට් 2, 3 බොන උන්ට මිනිස්සු සිගරට් කාරයා කියන්නේ නැත්තම් ඇයි මේහෙම ගංජා ගහන එකාට ලේබලයක් ගහන්නේ???? මම නම් සම්පූර්ණයෙන් ම විරුද්ධයි මේ කතාවට.

ගංජා වලට ඇබ්බැහි වෙනවා කියන එක නම් සම්පූර්ණ බොරුවක්.... මොකද ගොඩක් අය දැකලා තියෙන්න ගංජා ගහන උන් උනාට මම ගංජා නාන උන් වත් දැකලා තියනවා. හැබැයි ඒ මිනිස්සු "නැ බං අද බෑ, උබලා ගහපල්ලා" කියනවත් මට ඇහිලා තියනව.... ගංජා සුරුට්ටුවක් ඔතලා ගහන උන් මෙල්බොරො ග්‍රීන් එකක් බොනවා දැක්කොත් අපේ මිනිස්සු ඌට මුකුත් කියන එකක් නෑ සමහර විට..... මොකද මොන වැරැද්ද උනත් පොශ් විදියට කරනවා නම් අපේ උන්ට ඒක වැරැද්දක් විදියට පේන්නේ නෑන.




මම සිගරට් සහ ගංජා වලින් වැඩියෙන්ම අනතුරුදායක දේ මොකක්ද කියල නම් දන්නේ නෑ හැබැයි අහල තියන හැටියට කැනබීස්, නැත්තම් අපේ භාශාවෙන් කිවුවොත් ගංජා වල තියන රසායනික ද්‍රව්‍ය වලට වඩා වැඩි ප්‍රමානයක් සිගරට් වල තියනවාලු.....

සිගරට් බොන එකත් නරක පුරුද්දක් නම් ඇයි ගංජා ගහන එකට විතරක් කුඩම්මගේ සැලකිලි????  ඒක සමාජය වැරැද්දක් කියලා සම්මත කරලා තියන නිසාද??? එහෙනම් ඔනෙම වැරැද්දක් හරි කරන්නත් සමාජයට පුලුවන්නේ. එහෙනම් ඇයි එක නරක පුරුද්දක් හින්දා මනුස්සයෙක් ව මෙහෙම සමාජයෙන් කොන් කරන්නෙ? ගංජා පාරක් ගැහුව කියලා උගේ මනුස්සකම නැති වෙන්නේ නෑනෙ. සමහර විට කොච්චර හොඳ පුද්ගලයෙක් උනත් ගංජා කාරයා කියලා ලේබල් එක වැදුනම මිනිස්සු පුද්ගලයාට සලකන්නේ අපරාද කාරයෙක්ට වගේ නෙමෙයි ද? දෙකම එක නම් ඇයි එකකට විතරක් වෙනසක්?

14 comments:

  1. දුම් බීම නම් හොඳ පුරුද්දක් නෙමෙයි. ඒත් ඉතින් කියන එකාට ඕන රෙද්දක් කර ගන්න කියලා, ගහන එකා ගහන්නයි තියෙන්නේ.. මාත් අහු උන වෙලාවට ගහනවා. ඒළවන්නේ නෑ..

    ReplyDelete
  2. ඉතිං බං අපි කොහොමැයි මේවට උත්තර ලියන්නේ... රෙද්ද.....

    ReplyDelete
  3. අම්බෝ..... මොනා ලියන්නද???

    ReplyDelete
  4. මෙහෙමයි ඉතින්, ඒක එක එක්කෙනාගේ කැමැත්ත.. මම බොන්නේ නෑ.. තව කෙනෙක්ට බොන්න එපා කියලා කියන්න පුළුවන්.. බල කරන්න බැහැනේ..

    ReplyDelete
    Replies
    1. තමන්ට හොඳනම් අපිට කරන්න දෙයක් නෑ

      Delete
  5. පැහැදිලියි වෙනස සිගරට් බිවුවම ආන්ඩුවට ගානක් යනව.එකනිසා අවුලක් නැ.ගන්ජ බොනකොට එක වෙන්නෙ නැ .එනිසා අවුල්. එච්චරයි.
    ඇබ්බහිවිමනම් මමත් හිතන්නෙ ඔය සිද්දියමයි.මොකද අපීඊඊඊඊඊ දන්නවනේඑ එ එ

    ReplyDelete
    Replies
    1. ආන්ඩුවට ගානක් යනවා නම් ගංජත් රජ වෙයි

      Delete
  6. ඇබ්බැහි නොවී ඕන දෙයක්....මම පෞද්ගලිකව නම් එපා කියන්නෙත් නැහැ...ඕනමයි කියන්නෙත් නැහැ. හානිය මොකක්ද කියලා බොහෝ අය දන්නවනේ...මම ඉන්න පැත්තේ ලොකු සුපර්මාකට්වල සිගරට් ඩිස්ප්ලේ කරන්න බැහැ..විකුණන්න පුලුවන්....සමහර රටවල්වල ගංජා තහනම් නැහැ.

    ReplyDelete
    Replies
    1. හැම දේටම හේතුවක් තියනවනේ

      Delete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.